රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍ය සිකුරාදා (17) සවස අති උත්කර්ෂවත් අයුරින් ඇරැඹිණි.
අද සවස මුස්ලිම් පල්ලියේ දී සර්ව ආගමික කොඩිය එසවීමේ චාරිත්‍රය ඉටු විය.
මෙම අවස්ථාවට කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියන් ද, මොණරාගල දිසා ලේකම් පත්මා කුලසූරිය මහත්මිය ද, කතරගම බස්නායක නිළමේ ඩී පී කුමාරගේ, මුස්ලිම් පල්ලියේ භාරකාර මුබාරක් මවුලානා පූජකතුමන් ඇතුළු බෞද්ධ හින්දු මුස්ලිම් නියෝජිතයෝ රැසක් කොඩිය එසවීමේ උළෙලට එක්වූහ.
මෙම කොඩිය එසවීමෙන් ජාතීන් අතර එකමුතු බව කියාපාන අතර ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය වන බව සංකේතවත් කිරීම පිණිස මෙම කොඩිය සෑම වසරක දීම පෙරහැරට ප්‍රථම එසැවෙයි.
කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍ය ලබන 31 දක්වා පැවැත්වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගමත් කුරගල වේවිද දන්නේ නෑ.(නදී)
ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය කතරගමයි කියන කතාව වැරදි අදහසක් දෙනවා. ශ්‍රී ලංකා සංස්කෘතිය තුල තවත් එවැනි තැන් තියෙනවා. ප්‍රදාන තැන තමා ශ්‍රී පාදස්ථානය.(නදී)
කෙනෙක් කොහොමද සර්වාගමික වෙන්නේ? ධර්මචක්‍රය සහ බුදු දහම කොහොමද අනික් ආගම් සමග සමාන වෙන්නේ ? මේවගෙන් ආගමික එකමුතුව පෙන්නනේ කොහොමද ? බහු බූත (නදී)
කෝ කොඩිය පේන්න නැහැනේ.(නදී)
කතර ගම දෙවියනි ඔබ කොහිද. දැන් මැදපෙරදිග හෝ වෙනත් රටක මෙවැනි කොඩි ඔසවනවාද? (නදී)
බලන්නකෝ මොන තරම් අගේ ඇති වැඩක්ද ? සිංහල දෙමල මුස්ලිම් ඔක්කොම එකවගේ ඉන්න හැටි. අනේ මොකටද අපි මේ රටක් වෙනුවෙන් කා කොටා ගන්නේ (නදී)
නියමයි, මේවා අපි රටක් හැටියට ඉදිරියටත් රැකිය යුතුයි. මතකද පහු ගිය ඡන්දෙට කලින් පහු ගිය පාලකයන් යම් යම් ,චීවර දාරීන් ලව්වා ආගම් බේද ඇති කරන්න, කරපු අපරාද ? දැන් මාරාවේශයෙන් නැවත ඡන්දෙට පැමිණ ඇත. අපි සියලු දෙනාම එකතු වී මොහු සහ මොහුගේ හොරු රෑල පාර්ලිමේන්තුවෙන් හා දේශපාලන බූමියෙන් අතුගා දමන්න එකතු වෙමු. ජය වේවා (නදී)
ඩේවිඩ් ඔබ කිව්ව වගේ ධර්මචක්‍රය සහ බුදු දහම අනිත් ආගම් සමග සමාන නොවුනට තේරුම් ගතයුතු වැදගත්ම දේ වන්නේ බුදුදහම තුල අනිත් ඕනෑම අගමිකයෙකුට ජිවත්විය හැකි නිදහසක් පැවතීම. දාර්ශනිකව මෙන්ම විද්‍යාත්මකවද අනිත් ඕනෑම ආගමකට බුදුදහම තුලින් ලබාගතහැකි එලිය අනන්තයි. මෙය තේරුම් ගත් මිනිසුන් සිටි ලාංකික සමාජය සතුටින් හිටියා. මෙය නොතේරුම් ගත් පිස්සන්ගේ වැඩ හින්ද අපි කොතෙකුත් දුක් වින්දා. උපදින දරුවන් වෙනුවෙන් වත් අපගේ ඒ ඒ ආගමික මද්‍යස්ථාන අන්‍යය ආගමිකයන්ට බන කියන දිනයක් එන්න ඕන. ඒවා ඉවසිල්ලෙ අසා සත්‍ය තේරුම් ගන්නා මිනිසුන් තැනෙන්න ඕනා.(නදී)
බහුතරය වෙනකම් ඔහොම කොඩි උස්සාවි ඊට පස්සේ අනිත් කට්ටිය සුදු කොඩි උස්සාවී! (නදී)
ඔය කතරගම දේවාලයට මම බෞද්ධයෙක් හැටියට ඉස්කෝලේ යන කාලේ බොහොම ඉස්සර ගියපු අවස්ථාවක දැකපු සිද්දියක් කිවයුතුයි. කතරහගම දේවාලේ ඇතුලේ විවිද කපුවෝ මාර්කට් එකේ වගේ කොන්වල පිලිරුවවල් තියාගෙන සිටියා. එක පිරිසක් සමග ආපු තරුණ ගැහැණු ළමයෙක් ඔය එක බක්කියක් ලගදි ආරූඩ වුණා. ඒ බක්කියේ හිටපු තේජවන්තව රත්තරන් පැළදගෙන හිටපු කපුවා අර ළමයට හොදටම බැනල මෙතන පිස්සු නටන්න එපා කියා එලව ගත්තා. එම කාන්තාවගේ මානසික තත්වයට එයා ආරුඩ වෙන්න ඇති. එහෙත් කපුවන්ට ඕනේ සල්ලි මිසක් වෙන මොනවත් නෙමෙයි (නදී)
කෝ දැන් ඔය කොඩිය මොන වගේද ? (නදී)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු. මම නම් කැමති නැහැ මේ මොන විකාරයක්ද?, ඩේවිඩ් ගේ අදහසට මම එකඟයි (නදී)
අතුලගේ කියමනේ සත්‍යක් තියෙනවා. අපේ සමහර අය ඉක්මනට රැවටෙනවා. අද ලෝකේ ආගම මුල්කරගෙන කරන අපරාධ දිහා බැලුවම අපි ඉතා විමසිල්ලෙන් සිටිය යුතු කාලයක් මේක (නදී)
නොකියපු දේවල් කරනවා (නදී)
කතරගම සැබවින්ම ආගම් ,සහ ජාතින් අතර සංහිදියාව ඇති කරන ස්ථානයක්. ජාති ,ආගම්, කුල භේද පසෙකලා , සියලුම බැතිමතුන් එක් රැස්වෙන එකම තැන කතරගමයි. සැබවින්ම මෙය ලෝකෙටම දෙන ආදර්ශයක්. මෙවැනි ආදර්ශමත් සාමුහික ක්‍රියාවලින් පටු අරමුණු ඉටුකර ගැනීමට වෙහෙසෙන ,එන් ජි ඔ මුදල් මත යැපෙන සමහර අන්තවාදී කණ්ඩායම් ඉබේම ප්‍රතික්ෂේප කරන මාර්ගයක් වේවි. (නදී)