මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන අපේක්ෂකයා කිරීමේ අබෝධතා ගිවිසුමට අත්සන් කළ මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන හා සිවිල් සංවිධාන නායකයෝ දෙවසරකට නොඅඩු කාලයක් සර්ව පාක්ෂික රජයක් පිහිටුවන බවට ප්‍රතිඥා දුන්හ.
වහාම ඉටු කළ යුතු පොරොන්දු හතරක් ඔවුහු ඉදිරිපත් කළහ.
- විපක්ෂ පොදු අපේක්ෂකයා බලයට පත්වී දින සියයකින් වත්මන් විධායක ජනපති ක්‍රමය අහෝසි කෙරේ. ඒ වෙනුවට මහජනයාට වග කියන පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ස්ථාපිත කෙරේ.
- පාර්ලිමේන්තු පාලන ක්‍රමය යටතේ ජනපති ජාතික සමගියේ සංකේතයක් වනු ඇත.එම තනතුරට සුදුසු රාජකාරී හා බලතල පැවරෙනු ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 18 වැනි සංශෝධනය අහෝසි කැරේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා අත්‍යාවශ්‍ය වන අධිණය,පොලීසිය , රාජ්‍ය සේවය ,මැතිවරණ කොමිසම, නීතීපති ,විගණකාධිපතිගේ ස්වාධිනත්වය තහවුරු කැරේ. ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය තව දුරටත් ශත්කිමත් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාද පිහිටැවේ. වත්මන් සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කැරේ.
- සියලු ජන කොටස් හා දේශපාලන මත සාධාරණ ලෙස නියෝජනය වන අයුරින් නව ඡන්ද ක්‍රමයක් හඳුනා දෙනු ඇත. වැඩි ඡන්ද ලබන පුද්ගලයා ජය ගන්නා පදනම මත හැම ආසනයකටම මන්ත්‍රීවරයකු සිටීම තහවුරු කරමින් සමානුපාත නියෝජනයද ඇති සම්මිශ්‍රන ක්‍රමයක් ඇති කෙරේ.
- පෞද්ගලික හා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රමාණවත් පරිදි වැඩි කැර පීඩාකාරී ජිවන වියදමින් මහජනයාට සහන සලසා දෙනු ඇත. කාර්මික, කෘෂිකාර්මික,වැවිලි ,ධිවර හා සුළු කර්මාන්ත ආර්ථිකය වැඩි දියුණු කර දේශිය නිෂ්පාදනයට සාධාරණ මිලක් තීරණය කරනු ලැබේ.නොසලකා හැරුණු කණ්ඩායම් හා දුප්පතුනගේ ආර්ථික දියුණුව සඳහා ක්‍රියාකාරි සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කැරේ. කාන්තාවන් ළමයින් වැඩිහිටියන් විශ්‍රාමිකයන් හා ආබාධිතයින් ගැන විශේෂ සැලකිල්ලක් දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට යහපතක් වේවා ඔබට ජය ! (නදී)
ජය වේවා ඔබ තුමාට. මේක තමා මෙච්චර කාලයක් අපි බලාගෙන හිටියේ. (අ)
පොරොන්දු ටික නම් හොදි .කරිද කියන එකතම ගැටලුව? (අ)
හරිම සාධාරණ යෝජනා කිහිපයක් ! සාමාන්‍ය ජනතාව බලාගෙන ඉන්නවා මේ නරකාදියෙන් ගොඩයන්න! (දිල්)
ජයෙන් ජයම වේවා.සතුටු සිනා බෝවේවා ..රටටම කිරි ඉතිරේවා. (දිල්)
ජේවීපි අය වැයට කලින් කීවා යූඇන්පියේ අය අනුමත කළ රු 50000 කින් පඩි වැඩිකිරීම මේකට දාන්න අමතක වුණා වගේ දෙයියනේ. ප්‍රමාණවත් මටිටමකින් කීවාම ප්‍රමාණය තීරණය කරන්නේ කවුද?(දිල්)
සාමයෙන් සමගියෙන් එකාමෙන් ජීවත්වීම මනුෂ්‍යත්වය අගයන කාගේත් පැතුමයි. (ර)
මේ ටිකටද අර විදේශ කුමන්ත්‍රණය කියල වේදිකා දෙවනත් කරන්නේ (නදී)
මෙවැනි ස්වර්ණමය අවස්ථාවක් මග නොහැරීම, මොලය කළදක් හෝ ඇති ශ්‍රී ලාංකිකයින්ගේ වගකීමයි. තවමත් කඩේ යන අය ගැන ඇත්තේ පිළිකුලකි. (නදී)
මේ දේවල් මෙහෙම වෙද්දි කොහොමද රට පාලනය කරන්නේ (දිල්)
5. ජනවාරි 8 වෙනිදට පසුවත් අපි මෛත්‍රී අත නොහැර සිටින්නෙමු. එ්ක 5 වෙනි පොරොන්දුව විදියට දාන්න. (නදී)
දැන්වත් යහපත් අනාගතයක් ඇතිවේවා කියල ප්‍රර්ථනා කරමු. ජය වේවා ! (නදී)
මෙවැනි ස්වර්ණමය අවස්ථාවක් ලබේවිද ? (නදී)
ඉතිහාසය තුල දේශපාලකයන් කළේ හැමදාම පොදු ජනයාව රවටපු එක. ඔබතුමන්ලවත් ජනතාව රවටන දේශපාලනය නැවතිය යුතුයි. අපි ඔබතුමන්ලට හදවතින්ම සුබපතනවා. (නදී)
සම්පූර්ණ ඇත්ත (නදී)
ආඩි හත් දෙනාගේ කැඳ හැලියේ අඩු ගානේ උණු වතුරවත් තිබුනා. මේකෙ නම් අන්තිමට ඒකවත් නැති වෙයිද ? (නදී)
මේවා කරන්න ඇමෙරිකා එම්බසියේ සල්ලි ඕනිද (දිල්)
පාට කණ්ණාඩි දා ගන්නේ නැතිව බලමු නේද (දිල්)
එතකාට මේ වැඩකට නැති පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න ඕනි නැද්ද?(දිල්)
විනිසුරුවරුන්ට එරෙහි දෝෂාභියෝග ගෙන එන ක්‍රමයද නීතියට පටහැනියි. එහෙ ඉදන් එම පාර්ලිමේන්තු නීතියද සංශෝදනයට ලක් කළ යුතුයි (දිල්)
බොහොම සරලයි. හිතන්න හොඳ අවස්ථාවක් ලැබීලා තියෙනවා කාට කාටත්. (නදී) .
රට වැටී තිබෙන තත්වෙන් ගොඩ ගැනීමට ශක්තිය ලැබේවා! සියලු දෙනා එකතු වී රට අවංකව සංවර්ධනය කරන්න (දිල්)
රනිල් ට මොකද වෙන්නේ ? එතුමා මේ අශුද්ධ සන්දානයේ කවුද ? (නදී)
රටට දැන් හොද කාලය ලැබිලා.(හේ)
රටට දැන් යහපත් කාලයක් උදා වේවි. ජය වේවා.(හේ)
අපේ රතු සහෝදරවරු ඉල්ලා සිටි රු 50000 කින් පඩි වැඩි වීම නෑ වගේ.ප්‍රමාණවත් මට්ටමකින් දෙනවා කියන්නේ කීයක්ද.ඒක තීරණය කරන්නේ කවුද.ඒකත් මේකටම දාලා ලිඛිතව දුන්නා නම් කොච්චර හොදයිද.(හේ)
මෛත්‍රීපාල නම් හොඳයි. වටේට දුෂ්ට බලවේගත් ඉන්නවා. බළල්ලු ලවා කොස් අැට බාවන එක බලාගෙන (නදී)
නිසාර්, එහෙනම් මහින්දව දිනවලා බලන්නකෝ. (නදී)
රටේ සංවර්දනය මෙයින් ඇරඹෙනු ඇත. (නදී)
කිසිම පදනමක් නැති පුස් වාක්‍ය ටිකක්. ජවිපෙ සන්ධානයකට නැතිවීමේ අඩුව මේ දුර්වල පොරොන්දු ටික දැක්කහම හොඳට පේනවා. ඔවුන් හිටියා නම් මෙයිට වඩා වගවීමක් ඉල්ලනවා. ලස්සන වාක්‍ය ටිකක් හැර වෙන දෙයක් නැහැ. අපේ උත්සාහය අපරාදේ. (නදී)
කැඳ නැතිවෙන්නේ කාටද කියල 9 වෙනිදට බලාගන්න පුළුවන්. ආණ්ඩුවට ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියාගන්න බෑ.(නදී)
"පාර්ලිමේන්තු පාලන ක්‍රමය යටතේ ජනපති ජාතික සමගියේ සංකේතයක් වනු ඇත. එම තනතුරට සුදුසු රාජකාරී හා බලතල පැවරෙනු ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 18 වැනි සංශෝධනය අහෝසි කැරේ" වැදගත්ම කරුණ නම් මේ සුදුසු රාජකාරි බලතල මොනවාද යන්නයි. මෙය අර්ථකතනය නොවීම විශාල අවුලක්. (නදී)
අපරාදේ මහින්ද යුද්දේ ඉවර කලේ. මිනිස්සුන්ට මුල මතක නැහැ. ඔය අච්චාරුවේ ඉන්නේ ඔක්කොම ෆෙඩරල් කාරයෝ. රාජිත, චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී විතරයි ෆෙඩරල් නැත්තේ. මහින්ද හැර විකල්පයක් නැත. (නදී)
දැන් මේ දේවල් වැරදි දේවල් කියල කව්රු හරි කියනවාද මම නම් මේ දේවල් බලාපොරොත්තු උනේ අවරුදු 10 කට කලින් එ්ත් ඉතින් අනේ අපොයි (නදී)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරහම කොහොමත් 18 වන සංශෝධනය ඉවත් වෙනවා නේද? ඉතින් මේක කොන්දේසි දෙකක් විදියට දක්වන්නේ කොහොමද? මේකවත් දන්නෙ නැති අය කොහොම රට කරයිද? (නදී)
දසුනි, මිට පෙර සන්ධාන පොරොන්දු දැකල නැහැ වගේ. මේවගේ හොඳ දේවල් තිබුනට ඇස් පියන් ගෙඩිය පිටින් එපා. මට නම් පෙනෙන්නේ මෛත්‍රී ශේප් කරන් රනිල් යු.ඇන්.පී එකෙත් චනද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් බලය අල්ලන්න ට්‍රයි කරන වැඩපිළිවෙලක් මිස වෙන දෙයක් නැහැ. ජවිපෙ හරි. (නදී)
බලයට පත් වුණට පසු මත්තල ගුවන් තොටුපොළ එපා. අපේ බිම අපිට නැවත ලබා දෙන්න. අපි අහිංසක මොනරු (අ)
මේ රට ගොඩනැගීම සදහා සියළුම පක්ෂ එකමුතුව රටට වැඩ කළයුතු කාලය දැන් එළඹ ඇත. එම නිසා මෙවැනි අවස්ථාවක් නැවත ඇති නොවන අතර වංචාව,දුෂණය, නාස්තිය නැති ආනගත පරපුරය ණය නැති රටක් බිහි කිරිමට දැන් සැම දෙනා එකට එක්විය යුතු ව ඇත. (නදී)
බොහොම හොදයි මනාප කෙලිය නැති කරන එක. ඒ ගමන්ම පළාත් සභා ක්‍රමයත් නැති කරලා පලා බබ්බු අයින් කරොත් අනාගතයක් තියෙයි කියන විදියටම. ඒ වුනාට මේ හැලියේ ඉන්න කට්ටිය බෙදා ගන්න කැඳ ඉතුරු වෙයිද කියන එකයි ප්‍රශ්නේ. අවුරුදු 10 ක් ම කන්න නැතුව හිටියේ ලැබුන ගමන් මරා ගනියි බෙදා ගන්න. (නදී)
තිලකගේ, අනුන්ට ගරහන්න ගිහින් තමන්ගේ නොදැනුවත් බව ප්‍රදර්ශනය කරන්න එපා. (නදී)
කැඳ නැති උනත් වැඩ තිබුනා නම් නේද හොඳ (නදී)
නිසර් හරකෙක් (නදී)
මෙච්චර පැහැදිලි විදියට තියෙද්දිත් බන්දුල පෙරේරා වගේ අය තාමත් බලන්නේ ඇස් දෙකින් නෙවෙයි. පහල තියෙන මොළෙන්. ඔබ වගේ අය මේ රටට බරක් (නදී)
නීතියේ ආධිපත්‍යයට ගරු කරන රජයක් පිහිටුවාලීම සඳහා, විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට කැපවන අපේක්ෂකයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට නීතිඥ එකමුතුව තීරණය කර තිබේ. වර්තමාන පාලනය තුළ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බලපෑම ඉවත් කිරීම සඳහාත් එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහාත්, මෙම තීරණයට එළැඹි බව එම එකමුතුවේ සම කැඳවුම්කරු නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා ඉරිදා පැවසීය. සිය සංවිධානයේ සිටින සාමාජිකයන් හැටපස් දෙනාගේම ඒකමතික එකඟතාව මත ඉකුත් දා මෙම තීරණය ගත් බවද හෙතෙම කීය. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මැතිවරණයෙන් පසුවත් රජයට බලපෑම් කරන ආකාරයට කටයුතු කිරීමටද තම සංවිධානය තීරණය කර ඇති බවත් නීතිඥ වැලිඅමුණ මහතා පැවැසීය. (නදී)
දේශපාලකයන් කළේ හැමදාම පොදු ජනයාව රවටපු එක. ඔබතුමන්ලාවත් ජනතාව රවටන දේශපාලනය නැවතිය යුතුයි. (නදී)
ලංකාව හරි මගට ගන්න මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන අපේක්ෂකයා ජනාදිපති කිරීම අපි කාගේත් වගකීමක්. දැන් මේ යන විදිය ඉදිරියේදී විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම එ්කාදිපති වියරුවක් ඇතිවී තිබෙන්නේ. (නදී)
අනේ මෙහෙමත් ජනතාව අන්දවන්න හදන හැටි. මේවට අහුවෙන මිනිස්සුත් ඉන්නවනේ අම්මපා (නදී)
ඔය මොකා අාවත් අපේ රට හදන්න නම් ඉස්සෙල්ලම මිනිස්සුන්ගේ හිත් හදන්න ඕනේ. අපේ රටේ නැත්තෙම ඒ්ක. ඊට පස්සෙ කරන්න පුළුවන් . ඒ මගින් ජනතාව ඒ්කත් ඒක්ක ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුළුවන්. (නදී) අන්න ඒහෙමයි Lee Kuan සිංගපූරුව හැදුවෙ.... මහින්දට Discipline කෑල්ල අමතක වෙලා... Develop කෑල්ලෙන් පටන් ගෙන තියෙන්නෙ. කොටසක් Delight කොටසක් නෑ. (Disappoint). මොක නැතන් Democracy ගැන නං හැම ඒකාලම අල්ලෙගන කෑ ගහනවා... දැන Democracy (කලින්ම කිව්වනෙ ඔ්ක මුලට දාගත්තොත් ඹක්කොම ඉවරයි කියල) ඒකක් නෑ කියලත් ඔය කට්ටිය කියන්නෙ. බලමුකො ඊළගට ඒන ඒකා මොකද කරන්නෙ කියලා...... -- PS: ඔන්න අපි නං ඒක ඒකාලට කඩේ යන්නෑ හරී..... ඔට මොකා හිටියත් අපිට ඒකයි.... කොටින්ම කිව්වොත් Politics තිත්තයි පේන්න බෑ
දුන් පොරොන්දු ඉටු කරපු ඉතිහාසයක් ඔයගොල්ලන්ට තියෙනවද ?(ම)
මෙහි අන්තර්ගතයේ වැරැද්දක් තිබෙනවද? කාලින අවශ්‍යතාවක් ඇති කරුණු නොවේද?මතුපිටින් නොබලා යථාර්තය වටහාගෙන ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන කාලය ඇවිත්. පක්ෂ පාට කන්නාඩි ගලවන්න කාලයයි. (නදී)
ජනවාර්ගික ප්‍රශ්නෙට විසදුම මොකක්ද? දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරනවද? උතුර නැගෙනහිර නැවත ඒකාබද්ධ කරනවද? මෙම ප්‍රශ්න වලටත් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍යයි (නදී)
තිලකේගේ නොදන්නා කම. 18 සංශෝධනය තියෙන්නේ ජනාදිපති ගැන විතරක් නෙමෙයි (නදී)
ඇත්ත මහින්දට යුද්දේ නොකර ඉන්න තිබුනේ. ඇත්තටම ඔතන හොද චේතනාවක් තියනවා නම් ඒ මෛත්‍රී මහත්තයට විතරයි. i අනික් හැමෝගේම බඩේ බිත්තර. (නදී)
ජය වේවා...රටට (නදී)
බොහොම හොදයි, මෙය ස්වර්ණමය අවස්ථාවක් (නදී)
මහින්ද දෙවරක් ජනපති කල අපි ඔබලාගේ මෙම මතවාදය හා සංකල්පය ඉදිරියට ගෙනයාමට නොපැකිලිව උදවු කරන්නෙමු. මන්ද ඔබ දරණ මේ මතය රටේ අනාගතය උදෙසා වන වර්ථමානයේ හොඳම වැඩ පිළිවෙල බව අපගේ ද හැගීම වන නිසාවෙනි. (නදී)
රටට ලැබෙන 3 වැනි සුනාමි යුද්දය. අවසාන ස්වර්ණමය අවස්ථාව මෙය විය හැක. මේ අවස්ථාව මඟ හැරුනොත් අපේ ජීවිත කාලයම පසුතැවෙන්න සිදු වේවි (නදී)
කියනකොට කවුරුත් මෙහෙමෙ තමයි. කොරනකොට ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ තියෙයි. (නදී)
වැඩේ හොඳයි වගේ. හැබැයි චන්ද්‍රිකාගේ කාලේ වගේ පිළිවෙලක් නැති බවකුත් පේනවා ලියවිල්ලේ. ඊළඟට මගේ පෞද්ගලික අදහසනම් නීතිඥයෝ කාට හෝ සහාය දෙනවා කිව්වා කියන එක කිසි විදිහකට ලොකු දෙයක් නෙමෙයි. ඒ කට්ටිය කොහොමටත් සල්ලිවලට තමන්ගේ මතය කුලියට දෙන කට්ටියක්. මේ සංවාදේ ඇතුලට ඔය වැඩක් නැති බයිලා එපා. (නදී)
බන්දුල පෙරේරා හරියටම හරි. මෙතන හැලිය විතරයි. (නදී)
ජය වේවා ! (නදී)
අපිට විශ්වාසයක් තබන්න පුළුවන් එකම කට්ටිය වන හෙළ උරුමය මෙතන නැද්ද? මේ ගිවිසුම ගැන හරේන්ද්‍ර මහත්තය එක්ක මාත් බොහෝ දුරට එකඟයි. මේ ආණ්ඩුවට අකමැති කෙනෙක් විදිහට උනත් මට තාම විශ්වාසයක් ගොඩ නැගී නැහැ මේක බලපුහම ඡන්දෙ දෙන්න. පැටලිලි ගොඩක් තියෙනවා යෝජිත ව්‍යවසතාව සම්බන්ධව මේ ගිවිසුමේම. කරුණාකර හෙළ උරුමය අත්සන් කලාද නැද්ද සහ ඔවුන්ගේ මතය ගැන ලංකාදීප අපිට කියන්න. (නදී)
ලේ දුන්නට මොළය දෙන්න බැහැ කියනවනේ! (නි)
අවනීතිය රජකලා ඇති. (නදී)
ආණ්ඩු බලය ගන්න කලින් කොයි කවුරුත් කියන්නේ ඔහොම තමයි. මේවා දැකලා චූන් වෙන අය තමයි මෝඩයෝ. බලයට එන්න කවුරුත් කළේ ඕක තමයි. අවුරුදු 60 ක් විතර ගිහිල්ලත් අපේ සමහර අයට නම් තවමත් තේරෙන්නේ නැහැ. ඔය ඔතන ඉන්න චන්ද්‍රිකා බලයට එන්න ඉස්සෙල්ලා ලියල අත්සන් කරලත් දුන්නා නේද විධායක ක්‍රමය අයින් කරනවා කියලා (නදී)
ජයලත් ඔබ සමග මමත් එකඟයි (නදී)
බන්දුල, ලලිත්, මේ ගිවිසුමේ වගන්ති වල රටට අයහපත් වෙන දෙයක් ඇත්නම් කියන්න. මොකද මේ වෛරය ? තව කෙනෙක් රට පාලනය කළාම මොකද වෙන්නේ. බලය බෙදී යා යතුයි නේද (නදී)
අප බලා පොරොත්තුවන්නේ ඔය ටිකම තමා. ඔබට ජය වේවා (නදී)
විධායක ජනාධිපති තනතුර වෙනුවට පිවිතුරු පාර්ලිමේන්තුවක් හදමු. කව්ද පාර්ලිමේන්තුවට යන්නේ. අපි එකම කට්ටිය. සර්ව බලධාරී සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු. පිවිතුරු පලතුරු .....ප්‍රභාකරන් හිනැහෙනවා. මටත් හිනා. (නදී)
පද්මිණී, පොරොන්දු නම් කාට මොනවා දෙන්න බැරිද? ඕනේ නම් ඔය චන්ද්‍රිකා නෝනා ගෙන් අහල බලන්න. (නදී)
බලන්නකෝ ජනාධිපතිවරණයට පෙර ඔය පොරොන්දු හා සටන් පාඨ පුස්සක් බවට පත් කරනවා මහින්ද. එතකොට අලුතින් පොරොන්දු හදන්න වෙනවා මේ අයට. (නදී)
ගිවිසුමේ අංක 1 කරන්න දින 100ක් මදි. ඒක කරන්න අවුරුදු 2ක් ඕනේ. අවුරුදු දෙකක් දීල තියෙන්නේ එ්කයි මෙම ගිවිසුමෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවට ඉතුරු ටික කරන්න කල් මදිවෙනවා. එ්කටත් කල් ඕනේ. ඒක නිසා මේ කට්ටිය ගිවිසුම දීර්ඝ කරගන්නවා. ජනතා විමුක්ති පෙරමුණට හොඳ ආයෝජනක්. කට්ටිය පාරට බස්සන්න (නදී)
මෙතන කොමෙන්ට්ස් දාන එතනෝල් ,කුඩු ,බුකි සපෝටර් කීප දෙනෙක් ඉන්නවා වගෙයි පේන්නේ නැත්නම් අව් කන්නාඩි දාලද ? (නදී)
බැරි වෙලාවත් මෛත්‍රී දිනුවොත් මේ අය මරා ගන්න හැටි බලන්න පුළුවන්. (නදී)
විජයගෙ මළ සිරුර ඉදිරියේ මේ විදිහටම දිවුරපු හැටි අපට තාම මතකයි. මේ ගැන තවදුරටත් හිතන්න ඕනේ (නදී)
මහින්ද තනියම යුද්දෙ දිනුවා නෙමෙයි. දේශසපාලන පැත්තෙන් සහයෝගය සහ ජෙනරාල් සරත් ෆොන්සේකා සිටිය නිසා වැඩේ කෙරුනා. නමුත් ඊට පසුව සිදුවන්නේ විශාල අක්‍රමිකතා රැසක්. වංචාව දුෂණය හොරකම් කරමින් යන ගමනට තව අාවඩන්න කියලද කියන්නේ? ඒ වගේම ව්‍යවස්ථාව කඩ කරමින් නැවත වරක් ඉල්ලීම විශාල වරදක්. ජනතාව බුද්දිමත් තීරණ ගත යුත්තේ රට හරිමගට ගෙන යහ පාලනය ගෙනයාමටයි. එයයි අපේ පැතුම (නදී)
ඔක්කොම දෙන්නේ ඔය වටකරගෙන. බලමු කවුද දිනන්නේ කියලා. (නදී)