සම්මානනීය ප‍්‍රවීණ ග‍්‍රන්ථ පරිවර්තකයෙකු වූ සිරිල් සී පෙරේරා මහතා අභාවප‍්‍රාප්ත විය.
මියයන විට 93 වැනි වියෙහි පසුවූ ඒ මහතා තිදරු පියෙකි.
‘යුද්ධය හා සාම‘, ‘කර්මසෝ සහෝදරයෝ‘, ‘මහල්ලා සහ මුහුද‘, ‘එමා බෝවාරි‘, ‘වෘක්කයන් අතර නග්නව‘ ඇතුළු කෘති ගණනාවක් පරිවර්තනය කළ ඔහු ධර්මසිරි බණ්ඩාරනායක විසින් නිර්මාණය කළ ‘මකරාක්‍ෂයා‘, ‘ධවල භීෂණ‘ ආදී පරිවර්තන වේදිකා නාට්‍යවල පරිවර්තකයා ලෙස කටයුතු කළේය.
ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස ද කටයුතු කළ සිරිල් සී පෙරේරා මහතා සේවයෙන් විශ‍්‍රාම යන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කළේය.
ඔහුගේ දේහය දෙහිවල, කළුබෝවිල, රත්නාවලී පාර, අංක 57/10 ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කොහුවල පොදු සුසාන භූමියේදී බදාදා (7) පස්වරුවේ සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ පොත් මා ඉතා ආසාවෙන් කියවා තියෙනවා. ඔබතුමාට නිවන් සුව.....!! (බ)
ජාතියට හා සාහිත්‍ය වෙනුවෙන් අමරණීය සේවයක් කළ ඔබතුමාට නිවන් සුව!! (නි)
ඔබතුමා අපේ ජාතිය හා සාහිත්‍ය වෙනුවෙන් සිදුකළ ඒ අමිල සේවාවට ඔබතුමාට නිවන් සැපයම අත්වේවා...!!! (බ)
සිංහල සාහිත්‍ය පෝෂණය කළ මහා පඩිරුවන ; ඔබට නිවන් සුව ලැබේවා ! (බ)
මෙතුමාගේ ෂේන් පොත කියවලා තියනවද? ජැක් ස්කැයිෆර්ගේ ඉංග්‍රීසි එකට වඩා හොඳයි. සිංහල භාෂාවේ අර්ථ මැනැවින් ගලපලා තියෙනවා. (බ)
ලෝකය දකින්නට සැලසුවාට ඔබට නිවන් සුව ! (බ)
ඔබතුමා පරිවර්තනය කළ පොත් කියැවීම මට ජීවිතය හැඩගස්වා ගන්නට බොහෝ සේ උපකාරී වුණා. ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ශ්‍රී ලංකාවේ විශිෂ්ට ග්‍රන්ථ පරිවර්තකයෙක් වශයෙන් සැළකියහැකි මෙතුමා ලෝකයේ උසස් සාහිත්‍යය සිංහල පාඨකයා වෙතට ගෙන ආවේය. මෙතුමා ඒ අනුව සැළකිය හැක්කේ ලාංකීය සංස්කෘතිය පෝෂණය කළ විද්වතුන්ගේ ගණයටයි. මගේ ප්‍රණාමය! (නි)
හරිම හොඳ කෙනෙක්. සර්ට මම නිවන් සුව පතනවා! (නි)
සිංහල සාහිත්‍යයට අමරණීය සේවයක් කළ ඔබතුමාට නිවන් සුව!! (නි)