පිළියන්දල දී පොලිස් සැරයන් වරයකුගේ රාජකාරියට බාධා කළ බව කියන සැකකරුවන් දෙදෙනකු ත්‍රිරෝද රියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ත්‍රිරෝද රියක් පරීක්ෂා කිරීමට සඳහා නතර කරන්නට ගත් උත්සාහයේ දී සැරයන් ද රැගෙන ත්‍රිරෝද රිය ධාවනය වී ඇතැයි ද, ඔහු ත්‍රිරෝද රියෙන් එළියට එන්නට ගත් උත්සාහයේ දී නිල ඇඳුම ඉරී ඇතැයි ද පොලිසිය පවසයි.
ත්‍රිරෝද රියේ සිටි දෙදෙනකු පැන ගොස් ඇති අතර දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුෂ්පා පැකට් එකක් විකුනනේ කීය ගානේද.? තාම අහුවුනේ නැති එක ගැන පුදුමයි. පොලිසිය කරන්නේ රාජකාරියක් දොස් කියල වැඩක් නැහැ. පොලිසියේ රාජකාරි වලට දේශපාලුවෝ ඇගිලි ගහන්නේ නැත්නම් ඒ නිලධාරීනට ජිවත් වෙන්න පුළුවන් වැටුපක් ගෙවනවා නම් ලෝකයේ තියන හොදම පොලිසි වලින් එකක් අපේ පොලිසිය. අපේ පොලිස් නිලධාරීන් ඉතාමත් හොදින් පුහුණු කරපු නිලධාරීන් කොටසක්. දේශපලුවෝ කිසිම පුහුණුවක් නැති අපි විසින්ම පත් කරපු ජාතියක් එ්කයි වෙනස. (නදී)
මොනවා වුණත් රටේ සිදුවෙන දේවල් දිහා බලලා අපිට සතුටු වෙන්න නම් කොහෙත්ම බැහැ. මෙයට ප්‍රධාන හේතුව ලාල් මහතා කියන පරිදි නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමයි. (නි)
මේ රාළහාමිත් තනිවම වාහන පරීක්ෂාවට දාල වගේ??ඒ ගැන කිසිම සදහනක් නැහැ?(අ)
පිළියන්දල පොලිසියට හරි හමන් ගොඩනැගිල්ලක් වත් ලබා දීලා නැති ලොක්කෝ මොකටද ? (නදී)
පොලිස් කොමිසම, අදිකරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් කොමිසම දැන් තියෙන විදිහට නෙමේ යහ පාලනය සඳහා ඉතා වැදගත්. (නදී)
සමරේ ගාල්ල, ඔබ හරි. පොදුවේ සෑම පලාතකම මෙවන් ක්‍රියාකාරකම් දැකිය හැකිවෙනවා. පොලිස් මාද්‍ය ප්‍රකාශක මහත්මයා ගරු කටයුතු කෙනෙක්. එතුමා නිවරදිව එතුමගෙ කාර්‍යිය ඉටුකරනවා. (නදී)
නිශාන්ත වගේ මිනිසුන් තාමත් ඉදීම ගැන සතුටට කරුණක් (නදී)
මෙහෙමයි මේ දවස් වල පොලිසිය වැඩ. මේවා ඉතින් කාට කියන්නද? (නි)
රජයේ වැටුපකට, එක එක දේශපාලන ලොක්කන්ගෙන් බැනුම් අහ අහා, අව්වේ කරවෙවී, වාහන දුම බිබී ඔය කරන ටික මදිවද සමහරු ඔහොම කතා කරන්නේ පොලිසියට? (නි)
මොකක් හරි වැරැද්දක් කරන්න ඇති අපේ පොලිස් මාමලා. (නි)
පොලිසිය ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ. නමුත් මට මේ වෙන තෙක් එකම එක හොද පොලිස් මහතෙක් නම් මුණ ගැසිලා තියෙනවා ඒ එකම එක කෙනෙක් විතරයි (නදී)
ඔය පිංතූරේ ඉන්න නිළධාරියාව මම පුද්ගලිකව දන්නවා. එයා හොඳ පොළිස් නිළධාරියෙක්. පොළීසිය හොඳ වැඩ නරක වැඩ දෙකම කරනවා. පොළීසියට ස්වාධීනව රාජකාරී කරන්න නොදෙන එකයි අවුල. ඕනම මොලේ තියෙන කෙනෙකුට තේරෙන නරක වැඩක් කල විට මාධය ප්‍රකාශක කියන දේවල් ඇහුවහම ඇත්තටම හිනා යනවා (අඩන්න ඕනි වුනත්). පුෂ්පා කියල තියෙන කථාවේ වැරැද්දක් මම නම් දකින්නෙ නැහැ.(නදී)
ලලිත් ඔබ හරි.මටත් පුෂ්පාගේ කතාවේ, වරදක් නම් පෙන්නේ නැහැ.(අ)
පොලිසිය අල්ලන්නෙම තුන් රෝද ,යතුරුපැදි.... කුඩු මත්ද්‍රව්‍යය වැඩිපුරම අදින්නේ සුඛෝපභෝගී වාහන වලින්. (නි)
පොලිසිය තවමත් තත්ත්වයකට ඇවිල්ලා නැහැ (නි)
පොලිසියේ ඉන්නෙත් අපේම සමාජයේ මිනිස්සු. ඔය වැරදි කියන අයත්, හොඳ කියන අයත් දෙගොල්ලම ඉන්නේ මේ සමාජයේ. හොඳ සහ නරක දෙකම එකම තැන තියනවා. හැමවෙලාවෙම පොලිසියට දොස් කියන්න හොඳ නැහැ. (අ)
පොලිසියේ අයට කතා කරන්නවත් දන්නේ නැහැ. ත්‍රීවිල්,මෝට බයික්, දැක්කහම සිංහයෝවෙනවා. සැප වාහනවලින් මොන වරදක් කලත් ගරු සරුව කතා කරනවා. සාමාන්‍ය ජනතාව හැමදාම ඉවසන්නේ නැහැ. (නදී)
ඉස්සර අපි පොඩිකාලේ කාකි පාට ඇඳුමක් දැක්කත් භයේ ගැහෙනව. මම කාලයක් පිළියන්දල ගෙදරක නැවතිලා හිටිය. ඒ ගෙදර හිටිය මල්ලි කෙනෙක් පිළියන්දල ඔරලෝසු කනුවලට රෑට හයර් දුවනවා. පිළියන්දල පොළිසියේ මහත්වරු ත්‍රීවීල් මල්ලිලත් එක්ක ගණිකා නිවාස වලට යනහැටි කසිප්පු පෙරන තැන්වලින් පගාව ගන්න හැටි, පාතාලේ අයත් එක්ක මත්පැන් සාද පවත්වන හැටි මට කියල තියෙනවා. ඇත්තටම මෙි වගේ වැඩ නිසා පොළිසියට තිබුණ භය, ගෞරවය නැතිකරගත්තෙ පොළිසියමයි.(නදී)
ඕනෑම රටක පශ්චාත් යුධ සමයක දී මෙවැනි සිද්දි බහුලයි. හේතුව අවි අතට හුරු බොහෝ පිරිසක් නිදෑල්ලේ සිටීමයි (නදී)
පුෂ්ප හරි, පොලිසියට පුලුවන්දඩමස් ගොරකා කරන්න. කුඩු පාන් පිටි කරන්න. පොඩි මිනිහට තමන්ගේ නිවරදි බව ඔප්පු කරන්න විදිහක් නැහැ (නදී)
ඉතා ඉහළින් දැනටමත් සැළකුම් ලබනවා ඇති! (නි)
මෙතුමාට උසස්වීමක් දුන්නොත් අනාගතයට හොඳයි මම සිතන හැටියට (නි)
අත්අඩංගුවට ගත් දෙදෙනා ගැන දුකයි (නි)
පොලිසියටත් මෙහෙම කරනවා නම් අපි ගැන මොන කතාද? (නි)
කාලයක් තිස්සේ නීතියට පයින් ගැසූ අයට මෙවැනි දේ සිදුකිරීම සුළු දෙයක්. (නදී)
ජනතාවට ඉදිරීයේදි වෙන දේ මෙහෙම ගියොත් බලාගත හැකි වේවී. බුද්ධිමත් විනය ගරුක ජනතාවක් එකතු වනතුරු පොලිස් නිලධාරින්ට වෙන අකටයුතුකම් නතර වෙන එකක් නැහැ. මෙහෙම ගියොත් අද හෙටම සෝමාලියාවක්, හයිටියක් වෙනවා නියතයි. (නදී)
ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වත් පස්සෙන් පැන්නුවද ? (නදී)
වෙනසකටත් එක්ක හොඳයි. සාමාන්‍යයෙන් පොලිසිය අනිත් අයගේ ඇදුම්නේ ඉරන්නේ. (නදී)
අල්ලලා එල්ලන්න ඕන ප්‍රදාන නගරයක නීතිය අතට ගන්න හදන හිවල්ලු (නදී)
පොලිසියට මාද්‍ය ප්‍රකාශකලා හිටියත් සාමාන්‍ය මිනිස්සුන්ට මා. ප්‍ර. ලා නැහැ. ඒ නිසා පොලිසියට ඕන දෙයක් කියන්න පුළුවන්. මාද්‍ය වගකීමෙන් වැඩ කරන්න ඕනෑ. මාද්‍යයේ වගකීම ජනතාවට සේවය කිරීමයි. (නදී)
පුෂ්පා පොලිසිය කරන රැකියාව දන්නේ නැහැ වගේ (නදී)
පොලීසියට ඔහොමනම් ඔය මිනිසුන් සමාජයේ කොහොම හැසිරෙනවා ඇතිද? ඉතාම හොදින් සලකන්න ඕන ඔය වගේ වැඩ නොකරන්න.පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අපහාස කරන පුෂපා වගේ ගොඩාක් අය නන්නත්තාර වුන බංකොලොත් පක්‍ෂ වල සාමාජිකයෝ. එයාල කැමති දුර්වල පොලීසියක් සහ දුර්වල මාධ්‍ය ප්‍රකාශයෙක්.(නදී)