(අංජුල මහික වීරරත්න)
මෙගා වොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා රජයේ ඉඩම් බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සදහා මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 219. 72 ක පමණ ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත පවරා ගැනීම සඳහා වන යෝජනාව අගෝස්තු 7 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලද අතර සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධව තොරතුරු අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ යුතු බව තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ නිර්දේශ මත අදාළ ඉඩම් ප්‍රමාණය තෝරාගනු ලබන පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයා වෙත උප බදු දීමට හැකිවන පරිදි අදාළ විධිවිධාන ද සහිතව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත වසර 25ක් කාලයක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර්ය බල ව්‍යාපෘතියට රජයේ ඉඩමක් බදු දෙයි
thilak Tuesday, 03 October 2023 04:23 PM
ශ්‍රී ලකාවේ වර්ග කිලෝ මීටරයකට ජනගහනය 313,ඉන්දියාවේ 155, දීර්ග කාලීනව ඉඩම් පිටරැටියන්ට බදු දීම ගැටළුවක්,සුර්ය බලය සඳහා වහල වල භාවිතාකරමු
kushanTuesday, 03 October 2023 06:00 PM
ඔය ඔබ දී ඇති තොරතුරු නිවැරැදි නම්, ඉන්දියාවේ වර්ග කිලෝ මීටරයකට ජනගහනය 2022 සංගණනය අනුව 431. ලංකාවේ 2022 සංගණනය අනුව එය 332...
චන්දන Tuesday, 03 October 2023 07:32 PM
මෙවැනි ව්‍යාපෘතිවලට හිස්ඉඩම් දීම ඉතා භයානක අනාගතයේ ගැටළු ඇති කරවන්නක්... දැනට තියෙන රජයේ ගොඩනැගිලි, පාසල් ආදියේ වහල ගන්න බැරි ඇයි? ඒ වගේම අධිවේගී මාර්ග පද්ධතියම ගන්න පුළුවන්. එවැනි ලේසි ක්‍රම තියෙද්දී ඉඩම් දීම නම් ගැටළු සහගත ගනුදෙනුවක්...!