සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයන් සූර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය නිමිත්තෙන් වවුනියාව බන්ධනාගාර රැඳවියන් හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එන්.සී.රණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ තෛපොංගල් දින දේව මෙහෙයක් අද උදැසන වවුනියාව බන්ධනාගාරයේදි පැවැත්විණි.
තෛපොංගල් දිනය වෙනුවෙන් කිරිබත් සකස් කරමින්, කෝලම් රටා අඳිමින් බන්ධනාගාරගත සිරකරුවන් තෛපොංගල් පූජාවන් පවත්වමින් හා සෞභාග්‍ය සංකේතවත් කරමින් තෛපොංගල් දිනය සැමරීම වවුනියාව බන්ධනාගාර රැඳවියන් විසින් සිදුකළහ.
වවුනියාව බන්ධනගාර සිදුකළ තෛපොංගල් විශේෂ සැමරුම වෙනුවෙන් වවුනියාව බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි ඩබි.ජි.එන්.ප‍්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
ඡායාරූප - සිතුම් චතුරංග
වැල්ලවත්ත මයුරපති ශ්‍රී බද්‍රකාලී අම්මාන් කෝවිලේ තෛයිපොංගල් සමරුම

















![photo_00800[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/photo_008001.jpg)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd