ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වු සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මහත්මියගේ 99 වැනි ජන්ම දින උපහාර උළෙල අද (17) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදි පැවැත්වේ.
ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වු සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මහත්මියගේ 99 වැනි ජන්ම දින උපහාර උළෙල අද (17) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදි පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයබාහුගේ අදහසට මමත් එකඟයි (නි)
ඔබට අපගේ උපහාරය! (නි)
සිංහලයා හැමදාම අමාරුවේ වැටුනේ ඔය බඩජාහරිකම හින්දනේ.එදා පොඩ්ඩක් ඉවසන්නේ නැතුව ජේ .ආර්ට වහල්වෙලා මෙතුමියව පරජයකළා.මෙදා මහින්දව පරාජය කළා යහපාලනයකට යටවෙලා.ඕවායේ බැරෑරුම්කම තේරෙන්නේ දැන් නෙමෙයි පස්සට. (නි)
ඇය වැනි නායිකාවක් නැවත පහළවේදැයි සැකසහිතය (නි)
මෙතුමිය ජාතියේ පිනට පහළවුණු කශේරුකාවක් සහිත උත්තම නායිකාවකි. මෙතුමිය කළ යහපත් දේ නිසා අපේ රට එවක ජාත්‍යන්තර කීර්තියට පත්වුණි. 1971 කැරැල්ලේදී ද ජිවිත හානි අවම වන පරිදි එය විසඳා ගැනීමටත් තරුණයන් පුනරුත්ථාපනයටත් කටයුතු කළාය. මෙහි වැදගත්කම කැපීපෙනෙන්නේ පසුව ඇතිවුණ තරුණ නැඟිටීම් වලදී තරුණයන්ට පුනරුත්ථාපනය වෙනුවට කෙළින්ම පුනරුත්පත්තිය ලබාදීමට එවක පාලකයන් නිර්දය වූ අයුරු ද සැළකීමෙනි. (නි)
මේ උතුම් වූ කාන්තාව සමඟ ළඟින් වැඩ කිරීමට අවස්ථාවක් ලැබූ 80 දශකයේ මැද භාගයේ ඇය වචනයේ පරිසමාප්තියෙන්ම ශ්‍රේෂ්ඨ නායිකාවක් බව වටහාගන්න අපට අවස්ථාවක් ලැබුනා. ඇයගෙන් පෝෂණය වුණ කෙළෙහිගුණ නොදන්නා ශ්‍රී.ල.නි.පයේ ඇතැමුන් ඇගේ නමත් ඇගේ දිවංගත ස්වාමි පුරුෂයාගේ නමත් අකාමකා දමන්න උත්සාහ කළ ආකාරය මෑත දේශපාලනයේ අපට දැකගැනීමට ලැබුනා.ඇය වගේම රටට ආදරය කළ දැහැමි පාලකයෙක් අපට දැන් ලැබී තිබෙනවා. ඇය දේවතාවියෙක් ලෙස හෝ පැමිණ බලයට පමණක් ආදරය කරන දුෂ්ට මිනිසුන්ගෙන් අලුත් ජනපතිව රැකදෙන්න කියා අප ප්‍රාර්ථනා කරනවා. (නි)
ඔබට නිවන් සුව (ස)
සිරිලක සිරිකත (බ)
අන්න නියම නායකයෝ. එතුමියට නිවන් සුව ප්‍රාර්ථනය කරනවා. (බ)
ඔබ සැමදා අමරණීයයි (නි)
ධාන්‍ය සේරු අටක් වැනි බොරු පොරොන්දු වලට රැවටී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වැනි ශ්‍රේෂ්ඨ නායිකාවක් ප්‍රතික්ෂේප කිරීමේ ශාපය අදටත් අපිට පටිසන් දෙන්නේය. (නි)
ඇය වැනි උතුම් නායිකාවක් ලක්දෙරණට අභිමානයකි (නි)
ලොකු මැඩම් ගිහින් නැතැයි. එංගලන්තේ මහා රැජිනගේ තිබුනානම් ඔන්න අමාරුවෙන් හරි ගිහින් ඉඳීවි (බ)
මෙතුමියට නිවන් සුව පතමි! (නි)
හැත්තාවේ පාන් ගෙඩියක් ගන්න පාන්දර හතරට පෝලිමේ හිටිය අපිටත් හිතෙනවා මාලයක් දමන්න.(ම)
දුව නම් මෙතුමියගේ අහලකින්වත් තියන්න බැහැ. එය කරන විගඩම් බලන්න කලින් මෙතුමිය ස්වර්ගස්ථ වුනේ මෙතුමියගේ වාසනාවට. (ම)
බොහොම හොඳ විශිෂ්ට කාන්තාවක් (බ)
පුහුබාහු , භවබෝග වැවීමේ සාර්ථකත්වය නිසා නේද හාල් සේරුවක් අරගෙන පාරේ යන මිනිහව හිරේ දැම්මේ? අපිට බොරු ජාතික ආලේ උගන්වන්න හැදුවේ එ් ගොල්ලන්ගේ ප්‍රතිපත්ති වල බංකොලොත් භාවය වසා ගන්නයි. රටට සතයක් වත් එන තේ වතු ටික විනාස කරලා රට දියුණු කරපු හැටි මතක නැති උනාද? රස්සාවල් නැතිව වේලි වේලි හිටපු තරුණයන් ජෙවිපියට බිලිවෙන්න ඇරලා කරපු ඝාතනය අමතකද? අප රට දේ සිරි සැපදේ කියල පුන්නක්කු පොව පොවා තමාගේ උන්ව පිටරට ඇරපු හැටි අමතකද? 70 අපි පොලවේ පස් කන කොට සිංගප්පූරුව නිවැරදි ජාතික ප්‍රතී පත්ති අනුගමනය කරලා අපිව හැතැක්ම ගණනක් පහුකරලා දැන් දියුණු වෙලා තියෙන හැටි පේන්නේ නැතිද? (නදී)
පොඩ්ඩක් ඉන්න, ඒ කාලේ කටින් හිටවපු බතල කොලවල අල බැහැලද කියල බළලා එන්නම්.(නදී)
බලයට පමණක් ආදරය කරන දුෂ්ටයන් නියම ලෙස හදුනා ගැනීමට ආචාර්ය පට්ටමක් තිබුනට මදි. (නදී)
අනේ අපොන්සු! ඒ කාලේ ඒ වගේ කරලා ජනතාව භවබෝග වවන්න පුරුදු කළා නම් අද මේ රට කාටවත් දණ නොනමන ස්වයංපෝෂිත රටක්. මොන සම්භාධක දැම්මත් බයවෙන්න දෙයක් නැහැ. ඒ කාලෙත් අපේ අපොන්සුලා වගේ අය හිතුවේ බඩ ගැන විතරයි. එතුමිය මිනිසුන්ගේ මනස සකස් කරන්න හැදුවේ කම්මැලි නොවී වවන්න. කොහෙද කම්මැලිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ. (නි)
ඇයට අපෙත් උපහාරය! (නි)
ඇයි විශිෂ්ට කාන්තාවක් (නි)
පාට පක්ෂ බේදයකින් තොරවම අගය කරන්න ඕනෑ හැමදාමත්.මෙතුමියගේ වැඩපිළිවෙල අමාරු වුණත් එදා, වෙනස් නොවුණා නම්, අද ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තැන වැජඹෙන රටක් වෙලා ඉවරයි. එක වැරදියි කියලා කියන කෙනෙක් ඉන්නවද? (නි)
බණ්ඩාරනායක මැතිතුමාට සහ සිරිමාවෝ මැතිනියට කරන ලොකුම ගෞරවය වන්නේ ඔවුන්ගෙන් නියෝජනය කෙරුණු ජාතිකත්වයත් නොබැඳි ප්‍රතිපත්තියත් රටට යහපතක් සිදුවන ආකාරයට ඉදිරියට ගෙනයාමයි. ජනතාව ජාතිකත්වය සොයා හිටපු ජනපතිතුමා වටා එක්රොක් වන්නේ මෙය හිටපු ජනාධිපතිතුමන් විසින් මැනවින් ඉටුකෙරුණු බවත් ඉදිරියටත් ඉටුකෙරෙන බවත් දන්නා බැවිනි. සිරිමාවෝ මැතිනිය නිදහසින් පසු අප රටට ලැබුණු කශේරුකාවක් සහිත පළමු නායකයා වුණු අතර දේශපාලනික වශයෙන් එතුමියගේම දරුවෙකු බඳු වූ හිටපු ජනාධිපතිතුමා අප රටට ලැබුණු කශේරුකාවක් සහිත දෙවැනි නායකයා වෙයි. (නි)
බොහොම හොඳ නායිකාවක්. (නි)
ඔබතුමිය ශ්‍රේෂ්ඨ නායිකාවක් (නි)
ඔබ අසහාය නායිකාවකි (නි)
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ, සියලුම දේවල් නිෂ්පාදනය කළේ ලංකාවේ. කාලයක් ලාංකිකයන් බලාසිටියේ පිටරටින් එන දෙය කන්නට බොන්නට මිලට ගැනීමට. එය නැතිවූ නිසා , 1977 එතුමිය බලයෙන් පහකර, අද වෙනතුරුම මුහුදට දත නියවමින් ඉන්නේ (නි)
මට අද වගේ මතකයි මෙතුමියගේ කාලයේ හාල් නැතුව බත් කන්නම්, සීනි නැතුව තේ බොන්නම්, මිරිස් නැතුව හොදි කන්නම් කියලා පෙළපාලි ගිය කට්ටිය තමයි දැන් කරළියට ඇවිල්ලා ඉන්නේ. (නි)
ලංකාව ලෝක ප්‍රසිද්ධ කරුණු දෙකක් නිසා. එකක් මෙතුමිය. අනික යුද්ධය. (නි)
මෙතුමිගේ ප්‍රජා අයිතිවාසිකම් නැතිකළේ කවුද කියලා අපි දන්නවා (නි)