‘1978 ව්‍යවස්ථාව මඟින් නිර්මාණය කරන විධායක ජනපතිධුරය නිසා අනාගතයේ දිනෙක ආඥාදායකයකු බිහිවන බව එදා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සිරිමාවෝ මැතිනිය කීවා. මම ඊයේත් ඒ හැන්සාඩ් වාර්තා කියෙව්වා. ඊට එරෙහිව වීදි බැස සටන් කිරීමට සිදුවනු ඇති බව එදා සිරිමාවෝ මැතිනිය කී අනාවැකිය මට ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නංවන්න සිදුවුණා‘ යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (7)පැවැසීය.
ලොව ප‍්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ජන්ම ශත සංවත්වරය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ කරුණු කීවේය.
‘රටක් විදියට ගත්තාම, බණ්ඩාරනායක මැතිනියගේ තිබුණු විශිෂ්ට ගුණාංග, කාන්තාවක් ලෙසත් ඇයට තිබූ නායකත්ව, පෞරුෂත්ව ලක්ෂණ ඉතා විශිෂ්ටයි. අද නායකයන්ට ඇය ආදර්ශයක්. ඇය වංචාව දූෂණය පිටු දැක්කා. කිසිවකුටත් ඇයට චෝදනා එල්ල කරන්න බැහැ. අද අපේ රටට එවැනි නායකයන් අවශ්‍යයි. රටක නායකයන් බලය, බලය භාවිත කිරීම, ප‍්‍රබුද්ධ මානව සමාජයක් ගොඩනැගීම කෙරෙහි ඉතා හොඳ අධ්‍යයනයක් කළ යුතුයි‘ යැයි ද ජනාධිපති සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන් ගන්න පෝලිමේ හිටිය හැටි මතක නැතිව ඇති කාටවත් . (ම)
බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ සුළු ප්‍රමාණයක් සැප විදින විට බහුතරයක් දුක් වින්දා. හාල් පොලු, ආහාර සලාක, හැමදේටම පෝලිම, 1977 ඡන්ද ප්‍රථිපල එයට මනා සාක්ෂියක්. (බ)
සෑම් 77 තේ. ජේ . ආර්. ට රට දුන්නේ කවුද කියා අපි දන්නවා (බ)
සුගත් ගේ කතාව සම්පුර්ණ ඇත්ත (බ)
හැත්තෑවේ ආර්ථික අහේනියේ නියමුවන්ට අද ලංකාවත් සින්ගප්පුරුවත් අතර වෙනෙස නොපෙනෙනේ හැටි. (ම)
සිරිමාවෝ මැතිනිය 1977 දී පරාජයවීම මුළුමහත් ජාතියේම පරාජයක් බවට පත්වුණා. අවංකවම එතුමිය ආදර්ශයට ගන්නා නායකත්වයක් ජාතියේ වාසනාව පිණිස වනු ඇත. (නි)
එ්ක ඇත්ත . කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියනවනේ (බ)
එතුමිය පක්ෂය අත හැර ගියේ නැහැ දැන් ඉන්න නායකයෝ කියා ගන්න අයට හොද ආදර්ශයක් (බ)
එතුමියගේ ප්‍රජා අයිතිවසිකම් පවා නැති කළා එකල දුෂ්ට පාලකයෝ (බ)
එතුමියට වැරදුන තැන තමයි ඒකාධිපතියෙකු දේශපාලනයට හදුන්වාදීම. (බ)
කට ඇති වැඩ බැරි ආණ්ඩු වලින් නම් ජනතාවට කිසිදා වුණ යහපතක් නැත (නි)
අපේ රටේ අදායමෙන් 75% කම පිටරටට යන්නේ වාහන ආනයනය නිසා එදා උපාලි විජේවර්ධන මැස්ඩා, ෆියැට් ලංකාවේ එකලස්කරලා පිටරට යවන්න ගත් උත්සාහය ලත් තැනම ලොප් කළේ මෙයා තමයි. එහෙම නොවුනානම් අද අපේ රට කොහි තියේද (බ)
හැබැයි ඉන්නකොට සමහරු ඇයව නොමරා මැරුවා. ප්‍රජා අයිතිය නැති කළා. යූඑන්පීය නැතිවුණේෙ ඒ වගේ වැඩ කළ නිසා. මහින්දට වුණෙත්, අද එෆ්සීඅයිඩී එක එරිලා ඉන්නේත් ඔය පළිගැනීම කියන අසුචි ගොඩේමයි. (නි)
සිරිමාවෝ මැතිනිය වැනි අයගේ අඩුව අද අපිට තදින් දැනෙනවා (නි)
මිනිසාගේ මුලික අවශ්‍යතාවයන් වන්නේ, ආහාර, නිවාස, හා ඇඳුම්, කියන තුනනේ. හැබැයි ඒ කාලේ ඔය කියන තුනෙන් එකක් වත් හරියට තිබුනේ නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. නමුත් ඉන් පසුව පැමිණි ජේ. ආර් ජයවර්ධන මහත්මයාගේ රජය විශාල සමාජ පෙරලියක් සිදුකළා. නමුත් ජාතියක් වශයෙන් බඩ පිරුනාම මුල අමතක වෙන ස්වභාවයක් අපිට තියනවනේ. බොහෝ ගැටළු වලට එකත් ඒක හේතුවක්. කෙසේ වෙතත් ලොව ප්‍රථම අග්‍රාමාත්‍ය තුමියට නිවන් සුව! හා මාගේ ආචාරය (බ)
ඔය කියන ආඥාදායකයා කව්ද? ඔහු බිහිවුණේ කවර දේශපාලන පක්ෂයකින්ද? වංචාව දුෂණය පිටුදකින නායකත්වයක් ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුළ පැවතියේද නැත. මේවා ජනතාවට තේරුම් ගැනීමට පහසු නැත. (නි)
එතුමියගේ පාලනයේ හොඳකම 1977 ඡන්ද ප්‍රතිඵලයෙන් පේනවා. ජනතාව 5/6 බලයක් ජේ.ආර්. ට දෙන්න වැඩ සිද්ධකළේ කවුද? අද තරුණ පරපුරෙන් ඇහුවොත් අඟහරුවාදායි සිකුරාදායි බත් කන එක තහනම් කළොත් කොහොමද කියලා ඒ අය කියාවි, "ෂෝක්නේ, අඟහරුවාදාට කේ එෆ් සී කාලා සිකුරාදාට මැකා යන්න පුළුවන්නේ" කියලා. නමුත් එකල හෝටල වල ඒ දින දෙකේදී තිබුනේ පාන්, මඤ්ඤොක්කා, බතල වැනි දේවල් පමණයි. දේශපාලන මතවේද කෙසේවෙතත් මම එතුමියට නිවන් සැප පතනවා! (නි)
රට ආපස්සට ගිය කාලය ගැනත් අපිට බොහොම හොඳට මතකයි (නි)
මැතිනිය අවංකයි ගුණ ගරුකයි, නමුත් 70-77 කාලයේ ජනතාව ඉතා දැඩි පීඩාවකට පත් වුනා. රෙදි කැල්ලක්, පාන් ගෙඩියක් ගන්න දිග පෝලිම්වල කාලය මරන්න අපට සිදුවුනා. හාල් පොලු මිරිස් පොලු ගැන කියන්න උවමනා නැහැනේ. ළදරු කිරි පිටි ටිකක් ගන්න රෑ 12 ට විතර මම කාර්ගිල්ස් පෝලිමට එකතු වුනේ. නමුත් සමහර ඇමතිවරු කුකුල් කොටුවල ගොඩ ගසා තිබුන කිරි පිටිත් මැතිවරනෙන් පස්සේ හොයා ගන්න යෙදුන. (බ)
සිරිමාවෝ මැතිනියගේ අවංකබව සහ ගුණගරුකබව කවදත් අමරණීයයි. (නි)
එතුමියට අපගේ උත්තමාචාරය.(හේ)
සම්පුර්ණ ඇත්ත. අපේ මිනිස්සු බඩ ගැන හිතලයි හැමදාම ඡන්දෙ දුන්නේ. 77ත් එහෙමයි, 2015ත් එකමයි. 70-77 වැඩපිළිවෙල දිගටම කළා නම් අද රට ගොඩක් ඉදිරියෙන්. (නි)
සිරිමාවෝ රජය කාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාලන යුගයයි (නි)
ගරු බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති අද තියෙනවද? (නි)
ගරු සිරිමාවෝ මැතිණියගේ ජීවිතයේ අවසන් කාලයේ තනතුරු බදා ගන්න ගිහිල්ල එතුමියව චිත්ත පීඩාවට පත් කළේ කව්ද? එතුමිය මෙලොව හැරගියේ ඒ චිත්ත පීඩාව නිසා කියල ඒ දිනවල විවෘත රහසක් වෙලා තිබුණ. ඔය සූර රැජිණ තමයි එතුමියට ඒ පීඩාව ඇතිකළේ. දැන් ගුණ ගායනා කළාට උත්සව තිබ්බට ඇති පලේ මොකකක්ද? (බ)
සිරිමාවෝ මැතිනියනම් හොඳ බව කවුරුත් දන්නවා. (ස)
මට විජය මතක් වුනා පුත්‍රයා දැක්කම. (ස)
අද සිරිමාවෝ හිටියා නම් පක්ෂයට වෙලා තියන දේ දැකලා මොනවා නොසිතෙයිද? (නි)
රටවල් හදන්නේ කොහොමද? මිනිස්සු බඩගින්නේ තියල? පුදුමේ කියන්නේ තාමත් අපේ රටේ ඉන්නවා පහුගිය වැරදි තේරුම්ගන්න බැරි අය. (නි)
අද ඉන්න බොරුවට මිනිසුන් ගැන හිත උණුවෙනවා කියන හා එහෙම කියවාගන්න ව්‍යාජ දේශපාලකයන්ට වඩා විජය කුමාරතුංගයන් හාත්පසින්ම වෙනස්. එතුමාට සිංහලයත් එකයි, දමිළයත් එකයි, මුස්ලිම් මනුස්සයත් එකයි. හැම ආගමකම උගන්වන උතුම් මනුස්සකම විජය ළඟ නොඅඩුව තිබුණා. මෙම පින්තූරයේ සිටින පුතා රූපයෙන් විජයම තමයි. තාත්තා ළඟ තිබුණු ඒ උතුම් මනුස්සකම මේ පුතා තුළත් ඇතිවේවි කියන එක තමයි අපේ විශ්වාසය හා පැතුම. (නි)
මටත් විජය මතක් වුණා පුතාව දැක්කහම. මොනවා වුණත් මොනවාහරි දෙයක් ඉගෙනගෙන එ්කෙන් රස්සාවක් කරගෙන රටට බරක් නොවී ලස්සනට ජීවත් වෙනවා. එ්කට අපේ රාජපක්ෂලා? (නි)
සෑම්, මොනවා දන්නවාද? ඒ දවස්වල මිනිස්සු නොකා නොබී හරි ඉඳලා රටේ සංවර්ධනයට සල්ලි එකතු කළා. පස්සේ ජේආර් ඒවා නැතිකළා. නැත්නම් මේ වෙලාවට අපි සිංගප්පුරුවට වැඩිය දියුණුවෙලා. දුක් විඳින්නේ නැතුව සැප විඳින්න බැහැ. (නි)
සිරිමාවෝ මැතිනිය වැනි කෙනෙක් අද කාලේ නැති එක අපේ අවාසනාව (නි)
එතුමියගේ දේශපාලන දැක්ම මම එතරම් අනුමත කරන්නේ නෑ. නමුත් අපේ රටට බිහිවුන ඉතාමත් නිහතමානි සහ ආදර්ශවත් කාන්තාවක්.. මෙතුමියගේ මම දැක්ක හොදම ගුණාංගය තමයි හරි වෙලාවට යමක් කරන එක.. හරි වෙලාවට උත්සවයකට පැමිණීම.. එතුමියගේ දුව නම් එහෙම පිටින් ම කණපිට තමයි.. (බ)
මැතිනියව නැති කරන්න කටයුතු කරපු අයට උපන් දිනයට කේක් කවනවා දැක්කා (බ)