පාගොඩ සහ කළුබෝවිල පදිංචිව සිටි උත්පලවර්ණා නන්දසීලි සිරිමාන්න මහත්මිය (88) අභාවප්‍රාප්ත වූවාය. ඇය සිංහල ජාතිය පත්‍රයේ ප්‍රධාන කර්තෘ සහ ජනතා පත්‍රයේ ප්‍රධාන උප කර්තෘ අභවප්‍රාප්ත වෝල්ටර් සිරිමාන්න මහතාගේ භාර්යාවයි.
ඇය දෙදරු මවකි. දෙහිවල ගේට්වේ ජාත්‍යන්තර පාසලේ උප විදුහල්පති රෝහණ සහ සන්ඩේ ටයිම්ස් පත්‍රයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල මහත්වරු ඇගේ දරුවෝය.
සිරිමාන්න මහත්මිය පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානයේ කාන්තා සමිතියේ උප සභාපතිනිය ලෙසද දකුණු කොළඹ රෝහලේ ස්වේච්ඡා සේවිකාවක් ලෙසද වසර 25 ක් පමණ සේවය කළාය.
දේහය නො.62, පීරිස් මාවත, කළුබෝවිල, දෙහිවල නිවසේ තැන්පත් කර ඇති අතර ආදාහනය 5 වැනි බ්‍රහස්පතින්දා සවස 5 ට ‘‘නිසල අරණ‘‘ කොහුවල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd