
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතියක් සසුනට පූජා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.
කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්
LTL සමූහ ව්‍යාපාරය විසින් මෙම විදුලි බල පද්ධතිය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන් ලොවම ඒකාලෝක කර බබලවන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට කෘත්‍රිම ආලෝකය කුමකටද…..?
ගෙදරත් ගිනිතියපු අසරනයා ,මේ දන් පින් කොහොම කරනවද මන්දා , හාල් බෙදනව, ඔප්පු බෙදනවා , ශිෂ්ශත්ව දෙනව, තව තව තවත් බෙදනවා , ඒ අස්සෙ මේවත් කරනව, අනේ සාධු, මේ වගේ වෙස්සන්තරල තව තවත් බිහිවේවා.
බර වියදම් ඇති මේ දවස්වල...
හොඳ වැඩක්. නමුත් ඉන්දියානු ණය හරහා ලැබෙන එව්වා නඩත්තුව ලංකාවේ ආයතන වලට දෙන්න...