
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සුරාබදු නිෂ්පාදන සමාගම් ගෙවීම පැහැර හැර ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 800 ක් දක්වා ඉහළ නැග ඇතැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
මින් වැඩිම බදු ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇත්තේ එක් සමාගමක් බවත් එම සමාගම මෙසේ ගෙවීම පැහැර හැර ඇති බදුවල වටිනාකම රුපියල් කෝටි පන්සියයක් බවත් කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
මෙම හිඟ බදු නොගෙවන්නේ නම් එම නිෂ්පාදන සමාගම්වල සුරා බදු නිෂ්පාදන බලපත්‍ර වහාම අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඨලී, ඔයා ඔය උපදේශය කීපාරක් දාන්නද? මුදල් ඇමැතිගේ උපදෙස් ඊට වැඩිය බලවත් ඒ නිසා ඔයත් යන්න රනිල්ගේ මොකක් හරි අවයවයක් ශක්තිමත් කරන්න.
ඇයි නමක් ගමක් නැද්ද? මිනිස්සු බොන්න ගන්නකොටම බදු එක්ක මුදල ගෙවලා නම් ගන්නේ ඇයි? එක එකතු වුණාම දෙන්න බැරි? සරලවම බදු හොරකමක් නේ...!
මේවා අයකර දීමට බලයලත් රාජ්‍ය නිලධාරීන් කවුද? ඔවුන් මෙය ඉටුකර නැත්තේ ඇයි? ඊට පියවරක් ගන්නේ නැත්තේ ඇයි? එකම කාරණය හැමදාම මඩේ දදා හෝදනවා.