පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ආරම්භ වී දිනකට පසු එහි එක් ප්‍රශ්නයකට පිළිතුරු දෙකක් පිළිගනිමින් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
බදාදා (09) ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගැයීම ආරම්භ කළ අතර එදින එක් පිළිතුරකට පමණක් ලකුණු ලබා දුන්නේය. පසුව බ්‍රහස්පතින්දා (10) සිට පිළිතුරු දෙකටම ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තු තීරණය කර තිබේ.
මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටළු සහගත ප්‍රශ්නයක් දැමීමෙන් සිසුන් සහ ගුරුවරුන් අපහසුතාවට පත්වී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
ශ්‍රීපාදස්ථානය පිහිටියේ කුමන පළාතේදැයි එම ප්‍රශ්නය බවත්, ඊට පිළිතුරු ලෙස සිසුන් සබරගමු සහ මධ්‍යම පළාත් නම් කර ඇති බවත්, ගූගල් සිතියමට අනුව එය මධ්‍යම පළාතට අයත් බවත්, මිනුම් දෙපාර්තමේන්තුවට අනුව එය සබරගමු පළාතට අයත්යැයි විභාග දෙපාර්තමේන්තුව කියන බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මෙවැනි ගැටළු සහගත ප්‍රශ්න දැමීමෙන් සිසුන් මානසික පීඩාවකට පත් වන බව කී ස්ටාලින් මහතා නැවත මෙවැනි ගැටළු ඇති නොවීමට විභාග දෙපාර්තමේන්තුව බග බලා ගත යුතු බව ද කියයි.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියනුයේ ශ්‍රීපාදස්ථානය අයත් වන්නේ සබරගමු දිස්ත්‍රික්කයට බවයි. ගූගල් සිතියමේ එය මධ්‍යම පළාතේ ලෙස සටහන් කර ඇති නිසා මධ්‍යම පළාත ලකුණු කළ සිසුනට ද ලකුණු දීමට තීරණය කළ බව ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි දරුවන්ගේ පේපර් එකක් වත් හරියට හදාගන්න බැරි මහා ලොකු උගත්තු.!!!(අ)
ශ්‍රී පාදය සබරගමුව සහ මද්‍යම පළාත දෙකටම මායිම් වෙනවා කුරුවිට සබරගමුවට නල්ලතන්නිය මධ්‍යම පළාතට (නදී)
සමන් පිච්ච මලේ පෙති ගණන දන්නා, එහෙත් සමන් පිච්ච මල දැක හදුනා ගත නොහැකි, රත්මලේ පෙති ගණන ඔත්තේ ද ඉරට්ටේ ද කියා දන්නා නමුත් රත්මල නොදන්නා ළමුන් බිහිකරන, දරුවන්ගේ අභාග්‍යකට පවත්වන විභාගයක් (නදී)
මේ වගේ හරයක් නැති ප්‍රශ්න අහන්නේ ඇයි? (නදී)
මෙම ප්‍රශ්නයට නිසි පිළිතුර ප්‍රශ්නය හදන අයත් නොදැන සිටි බව මෙයින් තේරුම් ගත හැකිය. (නදී)
ශිෂ්‍යත්ව විභාගය ගැන චන්දිගේ පැහැදිලි කිරීම ඉතා නිවරදියි "සමන් පිච්ච මලේ පෙති ගණන දන්නා, එහෙත් සමන් පිච්ච මල දැක හදුනා ගත නොහැකි. රත්මලේ පෙති ගණන ඔත්තේ ද ඉරට්ටේ ද කියා දන්නා නමුත් රත්මල නොදන්නා ළමුන් බිහිකරන " අද මේක නේද දරුවන්ට වෙලා තියෙන්නේ (නදී)
මා ළඟ ඇති මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම් පොතකත් ශ්‍රීපාදය තියෙන්නෙ මධ්‍යම පළාතෙ (බ)
ලංකාවේ භුගෝල විද්‍යාව කියන විදිහට ළමයි ඉගෙනගන්න ඕනි. නැතුව ඇමරිකානු ගූගල් විදිහට නොවේ. ඒඅනුව විභාග කොමසාරිස් තුමා හරි. ශ්‍රීපාදය සබරගමුවේ. අනික ගූගල් සිතියම් වැරදි අවස්ථා තියනවා. හොඳ ප්‍රශ්නයක්! (නදී)
මධ්‍යම පළාත නිවැරදියි. එත් ඔය ප්‍රශ්නේ නම් මහා මෝඩ එකක්. (අ)
මේවගේ ප්‍රශ්න අහල ළමයින් මොළ නරක වෙන එකයි වෙන්නේ (අ)
මේකේ නම "ශ්‍රී පාදය" හෝ "සමනල කන්ද" කියල වෙනස් කරන්න බැරිද ? මොකක්ද මේ ගුගුල් සිතියමේ තියෙන නම ?(අ)
රටේ අනාගත බුද්ධිමතුන් වදකරන මග තමා මේ ශිෂ්සත්ව විභාගය. 1. මෙවන් ගැටලු සහගත ප්‍රශ්න මගින් වැඩිහිටියන් විසින් ළමුන්ට දෙන අධික මානසික පීඩනය නිසා (අ)
උගත් පිරිසක් නේද ප්‍රශ්න පත්තරේ හදන්නේ පොඩි ළමයින්ට කරන වැඩ.. (අ)
මේ ප්‍රශ්නයේ කිසිදු අවුල් සහගත කමක් නැහැ .. වැරැද්ද තිබෙන්නේ ගුගුල් සිතියමේ...ගුගුල් සිතියම මෙතනට අදාල කර ගන්නත් බැහැ... මොකද ගුගුල් සිතියමේ තියෙන්නේ "ඇඩම්ස් පීක් " කියල ප්‍රශ්නය අහල තියෙන්නේ "ශ්‍රී පාදය" ගැන ඉතින් ශ්‍රී පදය තියෙන්නේ සබරගමුවේ.. මේ ගුගුල් සිතියමේ තියෙන නම වෙනස් කරන්න (සමනල කන්ද හෝ ශ්‍රී පාදය) අවශයි .. නැතිනම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව නැතුව ගුගුල් දෙපාර්තමේන්තුව විදියට නම වෙනස් කරන්න.. අනේ මෙහෙව් ලංකාවක් !(අ)
දර්ශ, ශ්‍රි පාදයට ඇඩම්ස් පීක් කියන්නේ ලෝකෙම ඉන්න කතෝලික සහ මුස්ලිම් අය පිළිගන්නේ මෙතන තියෙන්නේ බුදුන්ගේ පාදය නොව මෙම ස්ථානය තමයි ලෝකයට පළමුව පහල වුණ ආඩම් නම් පිරිමියා ලෝකෙට ගොඩබැස්ස තැන කියල. එනිසා අනාගතේදී අපිට සිරිපදයක් නැතිවීමට බොහෝදුරට ඉඩ තියෙනවා. කුරගලට වුණා වගේ . (අ)