(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
යහපාලන ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගෙන සිටි සහරාන් සමග වැඩ කළ දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව පැමිණ නිදොස් කොට නිදහස් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එයින් එක් පුද්ගලයෙක් සහරාන්ගේ උපදේශකයෙක් ලෙස වැඩ කර ඇතැයිද රහුමාන් මහතා සඳහන් කළේය.
මොවුන්ට විරුද්ධව වසරක් තිස්සේ කිසිම බී වාර්තාවක් ඉදිරිපත් නොකර සිට පසුව ඔවුන් නිදහස් කරන ලෙස හිටපු නීතිපතිවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි බවද ඒ අනුව ඔවුන් නිදොස් කොට නිදහස් කෙරුණු බව ද රහුමාන් මහතා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ සාධාරණ පරීක්ෂණයක් සිදු නොවුනහොත් සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ සියලු ඇත්ත හෙළිදරව් කරගන්නා බව ද මුජුබුර් රහුමාන් මහතා තවදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා තමයි සහරාන්ලා පෝෂණය කළේ... දැන් බයිලා කියනවා. මෙයාලා තමයි ඕවට වගකියන්න ඕනෑ...
කන්න නැතිව බඩ ඇකිළුණත් නුඹලාව නම් බලයට ගන්නේ නැහැ. මෙය තනිකරම සීතල අන්තවාදය... මේ අයට තියෙන්නේ පෙට්‍රල්, ගෑස්, බඩුමිල ප්‍රශ්න නෙමෙයි. ඊට එහාගිය මාස්ටර් ප්ලෑන් එකක්...