IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිරිධම්ම හිමි ගම්පොළ සිට ගම්පහ සංවිධානය අහෝසි කරයි

වැලිවේරියේ රතුපස්වල ‘සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම‘ අහෝසි කළ බව එහි අනුශාසක තෙරිපැහැ සිරිධම්ම හිමි ගම්පොල සිට මාධ්‍ය හමුවක් අමතමින් අද ප්‍රකාශ කළේය.

මේ අතර එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා ගම්පහ පුවත්පත් සාකච්ඡාවක දී කියා සිටියේ සිරිධම්ම හිමියන් එම සංවිධානයේ තනතුරුවලින් ඉවත් කළ බවයි.

රතුපස්වල ජල ප්‍රශ්නය සියයට සියයක්ම වාගේ විසඳී තිබිය දී දැන් ඊට සම්බන්ධ පිරිස් එය අනාගෙන නාගන්නා බව ද ඒ හිමියෝ කීහ.

‘අද ගම්පහ පන්සලට වඩිනවා‘ යැයි සිරිධම්ම හිමියෝ දුරකතනයෙන් පැවසීය.



අදහස් (0)

සිරිධම්ම හිමි ගම්පොළ සිට ගම්පහ සංවිධානය අහෝසි කරයි

සුදීර Thursday, 17 October 2013 10:50 AM

මෙවන් යුගයක චීවරයක් දැරූ පමණින්ම සියල්ලන්ටම සංඝ යන උතුම් නාමය යෙදීම මහත් වූ අකටයුත්තකි.

:       0       0

රොජර් Wednesday, 16 October 2013 08:41 PM

අපේ හාමුදුරුවෝ බොහොම නිවැරදියි. කළ වැරැද්ද වටහා ගත් එක හොදයි. (නි)

:       0       0

ජගත් Wednesday, 16 October 2013 09:04 PM

හාමුදුරුවොත් වෙනස් වුණා එහෙනම්? (නි)

:       0       0

ගුණරත්න Wednesday, 16 October 2013 09:04 PM

දැන් අපේ රටේ අලුත්ම රැල්ලක් ඇවිල්ලා.කවුරුහරි ආණ්ඩුවට එක වචනයකින් හරි පක්ෂව කතා කළොත් ඒ මිනිහා ආණ්ඩුවෙන් සල්ලි අරන් කියනවා. දේශපාලකයෙක් ආණ්ඩුවට ගියොත් ඒ මිනිහා ආණ්ඩුවෙන් සල්ලි අරන් කියනවා.මම කියන්නේ ඔය කියන සංවිධානයට කවුරු පත් වුණත් ඒ කෙනාටත් වෙන්නේ හාමුදුරුවන්ට වුණදේම තමා. (නි)

:       0       0

ජගත් Wednesday, 16 October 2013 09:36 PM

හාමුදුරුවෝ කරතියාගෙන ගිය මිනිස්සු? අනේ මන්දා, පස් පවු වලින් එකක් බොරු කීම. තව එකක් තමන් සතු නැති දේවල් ගැනීම. (නි)

:       0       0

ආනන්ද Thursday, 17 October 2013 11:46 AM

මට හිතෙන්නේ හාමුදුරුවන් වහන්සේ මැද තැනකයි ඉන්නේ කියලා. ඒක බොහෝම හොඳයි. ආවේගයෙන් දැන්මම මේ කර්මාන්ත ශාලාවක් ඉවත් කරන්න බැහැ.ඒකෙන් සිදුවෙන පාඩු ගැනත් හිතන්න වෙනවා. ‍ලාංකික සමාජයේ නියමුවන් විදියට පූජ්‍ය පක්ෂය මධ්‍යස්ථව සිටිය යුතුයි. ‍ (ස)

:       0       0

සුභාෂ් Wednesday, 16 October 2013 09:39 PM

මෙතන ලොකු හොරයක් තිබෙනවා වගේ (නි)

:       0       0

සරත් Wednesday, 16 October 2013 10:16 PM

මට නම් පිස්සු වගේ....... (නි)

:       0       0

පෙරේරා Wednesday, 16 October 2013 10:26 PM

සල්ලි වලට සියල්ල යටයි.ඒක තමා යථාර්තය.. (නි)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 11:49 PM

යන එන මං නැති බංකොලොත් දේශපාළුවෝ හාමුදුරුවන්ව ඉස්සරහට දාගෙන වාසි ගන්න බැලුවා. උන්වහන්සේ ඇත්ත තේරුම් ගත්තාට පස්සේ ඉවත් වුණා. දැන්වත් මිනිස්සුන්ට මේ කාරනය තේරුනොත් හොඳයි. නැත්නම් චින්තක කියනවා වගේ තව බිලි දෙන්න ඔය කට්ටිය පසුබට වෙන්නේ නැහැ. (නි)

:       0       0

සත්‍යා Thursday, 17 October 2013 12:14 AM

පිටිගලට තේරිලා නැහැ සුදු වෑන් ගැන.වතුරද ,ගමද ,කර්මාන්ත ශාලාවද ,මිනිස්සුද ...? (නි)

:       0       0

සරත් Thursday, 17 October 2013 12:37 AM

ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්ගේ........? කියලා අහපු විදේශිය හිමිවරු හිටි රටකට ගිය කලක්...! (නි)

:       0       0

චින්තක පෙරේරා Thursday, 17 October 2013 12:55 AM

පිටිගල, දැන් ඔයාට වගේම හැම කෙනෙකුටම තේරෙනවා මේ මළමිනී උඩින් තමන්ගේ පැවැත්ම රැක ගන්නේ කවුද කියලා. අපේ අහිංසක මිනිස්සුත් ඕවට රැවටිලා ජීවිත නැති කරගන්නවා. (නි)

:       0       0

සම්පත් Thursday, 17 October 2013 01:56 AM

මේ හාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලන්නවත් යන්නද? (නි)

:       0       0

අසන්ක Thursday, 17 October 2013 03:22 AM

"අපි කාවද දැන් විශ්වාස කරන්නේ.බොදුනුවකු ලෙස ලැජ්ජා වෙමි. දැන් හාමුදුරුවරු බොහොමයක් මුදලට යටවී ඇත" මේක දාලා තියන්නේ මුස්ලිම් කෙනෙක් නේද ??? ඔන්න අතටම අහු වුණ මුස්ලිම් කෙනෙක් සිංහල නමින් අදහස් දාලා. එයාට අමතක වෙලා නම වෙනස් කරන්න. (නි)

:       0       0

කුෂාන් Thursday, 17 October 2013 03:29 AM

හාමුදුරුවන‍ේ, ඔබවහන්සේ වඩින්නේ මොකෙන්ද දැන්? (නි)

:       0       0

වලපනේ බණ්ඩා Thursday, 17 October 2013 03:39 AM

අනේ නාහිමි නොදිටි මොක්පුර ? (නි)

:       0       0

හිල්මි Thursday, 17 October 2013 06:50 AM

මම නම් හරියටම දන්නවා අසන්ක කියන දේ ගැන (නි)

:       0       0

සමන් Wednesday, 16 October 2013 06:16 PM

අපේ හාමුදුරුවනේ දන්නැති නිසායි අහනේ ඔබවහන්සේ කඩේ යනවද නත්නමේ අනුන්ගේ රෙදි සොදන්වද? (අ)

:       0       0

රන්න Thursday, 17 October 2013 07:11 AM

සිරිධම්ම හිමියනේ, අහෝ දුකකි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 October 2013 07:18 AM

පිපාසයට බොන වතුර ටික වෙනුවෙන් මේ වෙනකොට ජීවිත තුනකුත් අහිමිවෙලා ඉවරයි. හැබැයි කවුරුහරි මේ ගම්වැසියන්ගේ සටන පාවලා දුන්නා නම් සොබා දහමෙන්වත් , මේ ලොව පාලනය කරන දෙවි කෙනෙක් ඉන්නවා නම් ඒ අයගෙන්වත් කවදාවත් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

චින්තක Wednesday, 16 October 2013 06:26 PM

පිටින් ඉදන් බල ඉන්න අයට දැන් තේරෙනවා නේද හාමුදුරුවන්ව බිල්ලට දීගෙන අවුරුදු 18ක් තිබුණු කම්හලක් ගම වැසියන් කුලප්පු කරලා වහන්න හදන්නේ කවුද කියල. දැන් ජීවිත් තුනකුත් බිලිදීල තවත් ඉවර නැහැ. ඔය කුජීත දේශපාලන පක්ෂ තව මිනී ඉල්ලන්නේ..... ගම්වැසියනේ ...... ඔබගේ දරුවන් පරිස්සම් කරගන්න.....!!!! (අ)

:       0       0

අස්ස්මි Wednesday, 16 October 2013 06:28 PM

අපි කාවද දැන් විස්වාස කරන්නේ.බොදුනුවකු ලෙස ලැජ්ජා වෙමි. දැන් හාමුදුරුවරු බොහොමයක් මුදලට යටවී ඇත (අ)

:       0       0

ගාමිණි Wednesday, 16 October 2013 06:38 PM

මොන තරම් පාප කර්ම කරන අයද මේ අය .දන්නේ නැහැ . (අ)

:       0       0

නිමල් Wednesday, 16 October 2013 06:51 PM

හෙට අනිද්දා වෙනකොට බොහෝ දේවල් ලැබේවි. ඒවා දැන් කියන්න බැහැ මෙතන. (නි)

:       0       0

සමන් ප්‍රියන්ත Thursday, 17 October 2013 08:44 AM

හරියට හාමුදුරුවො සල්ලි දීලා මහන්සියෙන් පවත්වාගෙන යන එකක් වගේනෙ කථාව. ලංකාවෙ මිනිස්සුත් කොහොම හරි උත්සාහ කරන්නේ අධිපති කෙනෙක් වෙන්න මිසක් තිබෙන ආධිපත්‍යයේ බැරෑරුම්කම ගැන හිතන්න නෙමෙයි. සියල්ලෝටම ජයසිරි සුභ මංගලම්! (නි)

:       0       0

බටේපොල Wednesday, 16 October 2013 07:09 PM

දැන් වෙස් මුහුණ ගැලවිලා වැටුණා නේද? (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 17 October 2013 09:20 AM

දැන් ඔක්කොම හරි.රතුපස්වල වැහෙන්නෙත් නැහැ,සිරිදම්ම හිමිට කරදරත් නැහැ. සුබ අනාගතයක්. (නි)

:       0       0

ආරියසේන Wednesday, 16 October 2013 07:31 PM

දැන් තමා හාමුදුරුවන්ට සත්‍ය අවබෝද වෙලා තියෙන්නේ.සාසනේ ආරක්ෂා කරගෙන පන්සලේ ධර්ම කට යුතු ටික කරගෙන හිටිය නම් ඒ හොඳටම ඇති.(අ)

:       0       0

සිරිදාස Thursday, 17 October 2013 09:36 AM

සංවිධානයේ බහුතරය රැස්වෙලා නේද මේක අහෝසි කරන්න ඕනෑ.තනි පුද්ගලයෙකුට ඒක කරන්න පුලුවන්ද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 16 October 2013 07:45 PM

චින්තක ඔබ ඔය කියන්නේ අර ගෝනි බිල්ලෝ ගැනද? (අ)

:       0       0

සමිත Wednesday, 16 October 2013 07:49 PM

ගමේ වැඩේ විසඳීමට ගමේ බැරිද ? රයිගමයාණනි ,ගම්පලයාණනි,ලාබලන්නට වෙලන්දමක් කරමුද ? (අ)

:       0       0

බන්දුල Thursday, 17 October 2013 04:54 PM

හාමුදුරුවන්ට "සරණ" ගුණ සරණන් ගච්ඡාමි (නදී)

:       0       0

ලාල් Wednesday, 16 October 2013 08:15 PM

සංඝ බේදය ආනන්තරිය පාපකරමයක්ලු ඒවගේම හාමුදුරුවන් වහන්සේලාගෙන් වන ගිහි බේදයත් මොකක් හරි පවක් ඇති නේද?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site