වැලිවේරියේ රතුපස්වල ‘සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම‘ අහෝසි කළ බව එහි අනුශාසක තෙරිපැහැ සිරිධම්ම හිමි ගම්පොල සිට මාධ්‍ය හමුවක් අමතමින් අද ප්‍රකාශ කළේය.
මේ අතර එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා ගම්පහ පුවත්පත් සාකච්ඡාවක දී කියා සිටියේ සිරිධම්ම හිමියන් එම සංවිධානයේ තනතුරුවලින් ඉවත් කළ බවයි.
රතුපස්වල ජල ප්‍රශ්නය සියයට සියයක්ම වාගේ විසඳී තිබිය දී දැන් ඊට සම්බන්ධ පිරිස් එය අනාගෙන නාගන්නා බව ද ඒ හිමියෝ කීහ.
‘අද ගම්පහ පන්සලට වඩිනවා‘ යැයි සිරිධම්ම හිමියෝ දුරකතනයෙන් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් යුගයක චීවරයක් දැරූ පමණින්ම සියල්ලන්ටම සංඝ යන උතුම් නාමය යෙදීම මහත් වූ අකටයුත්තකි.
අපේ හාමුදුරුවෝ බොහොම නිවැරදියි. කළ වැරැද්ද වටහා ගත් එක හොදයි. (නි)
හාමුදුරුවොත් වෙනස් වුණා එහෙනම්? (නි)
දැන් අපේ රටේ අලුත්ම රැල්ලක් ඇවිල්ලා.කවුරුහරි ආණ්ඩුවට එක වචනයකින් හරි පක්ෂව කතා කළොත් ඒ මිනිහා ආණ්ඩුවෙන් සල්ලි අරන් කියනවා. දේශපාලකයෙක් ආණ්ඩුවට ගියොත් ඒ මිනිහා ආණ්ඩුවෙන් සල්ලි අරන් කියනවා.මම කියන්නේ ඔය කියන සංවිධානයට කවුරු පත් වුණත් ඒ කෙනාටත් වෙන්නේ හාමුදුරුවන්ට වුණදේම තමා. (නි)
හාමුදුරුවෝ කරතියාගෙන ගිය මිනිස්සු? අනේ මන්දා, පස් පවු වලින් එකක් බොරු කීම. තව එකක් තමන් සතු නැති දේවල් ගැනීම. (නි)
මට හිතෙන්නේ හාමුදුරුවන් වහන්සේ මැද තැනකයි ඉන්නේ කියලා. ඒක බොහෝම හොඳයි. ආවේගයෙන් දැන්මම මේ කර්මාන්ත ශාලාවක් ඉවත් කරන්න බැහැ.ඒකෙන් සිදුවෙන පාඩු ගැනත් හිතන්න වෙනවා. ලාංකික සමාජයේ නියමුවන් විදියට පූජ්‍ය පක්ෂය මධ්‍යස්ථව සිටිය යුතුයි. (ස)
මෙතන ලොකු හොරයක් තිබෙනවා වගේ (නි)
මට නම් පිස්සු වගේ....... (නි)
සල්ලි වලට සියල්ල යටයි.ඒක තමා යථාර්තය.. (නි)
යන එන මං නැති බංකොලොත් දේශපාළුවෝ හාමුදුරුවන්ව ඉස්සරහට දාගෙන වාසි ගන්න බැලුවා. උන්වහන්සේ ඇත්ත තේරුම් ගත්තාට පස්සේ ඉවත් වුණා. දැන්වත් මිනිස්සුන්ට මේ කාරනය තේරුනොත් හොඳයි. නැත්නම් චින්තක කියනවා වගේ තව බිලි දෙන්න ඔය කට්ටිය පසුබට වෙන්නේ නැහැ. (නි)
පිටිගලට තේරිලා නැහැ සුදු වෑන් ගැන.වතුරද ,ගමද ,කර්මාන්ත ශාලාවද ,මිනිස්සුද ...? (නි)
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්ගේ........? කියලා අහපු විදේශිය හිමිවරු හිටි රටකට ගිය කලක්...! (නි)
පිටිගල, දැන් ඔයාට වගේම හැම කෙනෙකුටම තේරෙනවා මේ මළමිනී උඩින් තමන්ගේ පැවැත්ම රැක ගන්නේ කවුද කියලා. අපේ අහිංසක මිනිස්සුත් ඕවට රැවටිලා ජීවිත නැති කරගන්නවා. (නි)
මේ හාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලන්නවත් යන්නද? (නි)
"අපි කාවද දැන් විශ්වාස කරන්නේ.බොදුනුවකු ලෙස ලැජ්ජා වෙමි. දැන් හාමුදුරුවරු බොහොමයක් මුදලට යටවී ඇත" මේක දාලා තියන්නේ මුස්ලිම් කෙනෙක් නේද ??? ඔන්න අතටම අහු වුණ මුස්ලිම් කෙනෙක් සිංහල නමින් අදහස් දාලා. එයාට අමතක වෙලා නම වෙනස් කරන්න. (නි)
හාමුදුරුවනේ, ඔබවහන්සේ වඩින්නේ මොකෙන්ද දැන්? (නි)
අනේ නාහිමි නොදිටි මොක්පුර ? (නි)
මම නම් හරියටම දන්නවා අසන්ක කියන දේ ගැන (නි)
අපේ හාමුදුරුවනේ දන්නැති නිසායි අහනේ ඔබවහන්සේ කඩේ යනවද නත්නමේ අනුන්ගේ රෙදි සොදන්වද? (අ)
සිරිධම්ම හිමියනේ, අහෝ දුකකි! (නි)
පිපාසයට බොන වතුර ටික වෙනුවෙන් මේ වෙනකොට ජීවිත තුනකුත් අහිමිවෙලා ඉවරයි. හැබැයි කවුරුහරි මේ ගම්වැසියන්ගේ සටන පාවලා දුන්නා නම් සොබා දහමෙන්වත් , මේ ලොව පාලනය කරන දෙවි කෙනෙක් ඉන්නවා නම් ඒ අයගෙන්වත් කවදාවත් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ (නි)
පිටින් ඉදන් බල ඉන්න අයට දැන් තේරෙනවා නේද හාමුදුරුවන්ව බිල්ලට දීගෙන අවුරුදු 18ක් තිබුණු කම්හලක් ගම වැසියන් කුලප්පු කරලා වහන්න හදන්නේ කවුද කියල. දැන් ජීවිත් තුනකුත් බිලිදීල තවත් ඉවර නැහැ. ඔය කුජීත දේශපාලන පක්ෂ තව මිනී ඉල්ලන්නේ..... ගම්වැසියනේ ...... ඔබගේ දරුවන් පරිස්සම් කරගන්න.....!!!! (අ)
අපි කාවද දැන් විස්වාස කරන්නේ.බොදුනුවකු ලෙස ලැජ්ජා වෙමි. දැන් හාමුදුරුවරු බොහොමයක් මුදලට යටවී ඇත (අ)
මොන තරම් පාප කර්ම කරන අයද මේ අය .දන්නේ නැහැ . (අ)
හෙට අනිද්දා වෙනකොට බොහෝ දේවල් ලැබේවි. ඒවා දැන් කියන්න බැහැ මෙතන. (නි)
හරියට හාමුදුරුවො සල්ලි දීලා මහන්සියෙන් පවත්වාගෙන යන එකක් වගේනෙ කථාව. ලංකාවෙ මිනිස්සුත් කොහොම හරි උත්සාහ කරන්නේ අධිපති කෙනෙක් වෙන්න මිසක් තිබෙන ආධිපත්‍යයේ බැරෑරුම්කම ගැන හිතන්න නෙමෙයි. සියල්ලෝටම ජයසිරි සුභ මංගලම්! (නි)
දැන් වෙස් මුහුණ ගැලවිලා වැටුණා නේද? (නි)
දැන් ඔක්කොම හරි.රතුපස්වල වැහෙන්නෙත් නැහැ,සිරිදම්ම හිමිට කරදරත් නැහැ. සුබ අනාගතයක්. (නි)
දැන් තමා හාමුදුරුවන්ට සත්‍ය අවබෝද වෙලා තියෙන්නේ.සාසනේ ආරක්ෂා කරගෙන පන්සලේ ධර්ම කට යුතු ටික කරගෙන හිටිය නම් ඒ හොඳටම ඇති.(අ)
සංවිධානයේ බහුතරය රැස්වෙලා නේද මේක අහෝසි කරන්න ඕනෑ.තනි පුද්ගලයෙකුට ඒක කරන්න පුලුවන්ද? (නි)
චින්තක ඔබ ඔය කියන්නේ අර ගෝනි බිල්ලෝ ගැනද? (අ)
ගමේ වැඩේ විසඳීමට ගමේ බැරිද ? රයිගමයාණනි ,ගම්පලයාණනි,ලාබලන්නට වෙලන්දමක් කරමුද ? (අ)
හාමුදුරුවන්ට "සරණ" ගුණ සරණන් ගච්ඡාමි (නදී)
සංඝ බේදය ආනන්තරිය පාපකරමයක්ලු ඒවගේම හාමුදුරුවන් වහන්සේලාගෙන් වන ගිහි බේදයත් මොකක් හරි පවක් ඇති නේද?(අ)