‘මේක සරදියල්ගේ අයවැයක්.පෙහොසතාගෙන් අරන් දුප්පතාට දෙන අයවැයක්.මහින්ද චින්තනයෙන් මොකද්ද කළේ ? දුප්පතාගෙන් අරන් පොහොසතාට දුන්නා. අවුරුදු දහයක්ම කළේ ඒකයි.‘මාවනැල්ලේ ජන හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ අගමැති අද (01) ප්‍රකාශ කළේය.
‘අපේ රජය කළේ පොහොසතාගෙන් අරන් දුප්පතාට දීමයි.රජයේ සේවක පඩි වැඩි කළා, බඩු මිල අඩු කළා,තවත් සහන රැසක් දුන්නා.ව්‍යාපාරිකයන් දැන් අපට කියන්නේ බදු බර වැඩියි. අපට සහනයක් දෙන්න කියලා.අපි ඔවුන්ට කියන්නේ අවුරුද්දක් විතර ඉවසන්න කියලයි.දුප්පතා අවුරුදු දහයක්ම එම බර දැරූ බව අමතක නොකළ යුතුයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එතකොට ඔය සල්ලි කාරයන්ගේ ලොකු වාහනවලට තෙල් ගහන්නේ වැඩි ගානටද ? (නදී)
ඇත්තටම මේක හොඳ අයවැයක්. ව්‍යාපාරිකයන්ට නරක නැහැ. හැබැයි රටට ආදායම සොයාදෙන පෞද්ගලික සේවකයන්ට මොකුත් නැහැ. අද ව්‍යාපාරිකයන් කම්කරු අයිතීන් පාගාදාලයි තියෙන්නේ. (නි)
හරියට හරි අගමැතිතුමනි.ජය වේවා! (නි)
පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වාහන වල බදු අඩුකරන්න තිබ්බේ. (නදී)
සරදියෙල් කියන්නේ බුද්ධියෙන් හිතපු කෙනෙක් කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)
'සරදියල්' කියන්නෙ මට නම් සැබෑ වීරයෙක් (නි)
තාවකාලික ආණ්ඩුවක්, විශේෂයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය රහිත ආණ්ඩුවක් මේ විදියේ අයවැයක් ඉදිරිපත් කිරීම කොතරම් දුරට ගැළපේද කියන එක මට නම් ප්‍රශ්නයක්. මහා මැතිවරණයකින් නිත්‍යානුකූලව බලයට පැමිණ තමන් දෙන සහන දීලා අයවැයක් ඉදිරිපත් කිරීම වෙනම දෙයක්. (නි)
දින 100 වැඩේ ගැස්සුනොත් සමහර අයට උතුවන් කන්ද පැත්තේ තමයි හැංගෙන්න වෙන්නේ. (නි)
කාර් වලට දාලා තිබෙන බදු නම් සරදියෙල් වෙන්න බැහැ. පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වලට බදු වැඩිකරනවා. (නි)
සහන හොඳයි. නමුත් තාවකාලිකයි. බලමු මාස 6ක් නැතුව දින 100 නෙමේ (නදී)
දැනටමත් විපක්ෂය ඇතුළු සියලු දේශපාලන කණ්ඩායම් වල ඉල්ලීම වෙලා තියෙන්නේ මහා මැතිවරණය කල් දමන්න කියලා. මැතිවරණය කල් දැමීමේ වාසිය දැනට බලය පවත්නා රජයට ලොකු වාසියක් වෙනවා.එහෙම උනොත් මේ පවත්නා අයවැය යම්තරමක් දුරට හෝ දුප්පතා ගැන හිතපු අයවැයක් වේවි.(දිල්)
අයවැයක් කියනේ සහන ලබදීමම නොවේ. මේකෙන් කරලා තියෙනේ රැවටීම්ක් රට සංවර්දනය කරන පිළිවෙලක් නැත. මෙය සුර සරදියෙල්ගේ අයවැයක් නොවෙයි ඡන්දය ඉලක්ක කරගෙන හදපු අල්ලසක් පමණි. එමෙන්ම මිලත් අඩු කරලා තියෙනේ බත් කන අයට නොවේ තෝසේ කන උදවියටයි (නදී)
ඒ වුණාට සරදියෙල්ට දිගටම මංකොල්ල කන්න බැරිවුණානේ! (නි)