මේ වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් වඩාත් සාර්ථක වු නළුවා වන්නට සුපිරි හා ජනප්‍රිය නළුවන් දෙදෙනෙකුට හැකිව තිබෙනවා. ඒ සල්මාන් ඛාන් හා ආක්ෂේ කුමාර් දෙදෙනායි. ආක්ෂේ හා සල්මාන් දෙදෙනා මෙසේ සාර්ථක වී ඇත්තේ ඔවුන් රඟපෑ චිත්‍රපට ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වීම නිසාවෙනි.
මේ වසරේ සල්මාන් ඛාන් රඟපෑ එකම චිත්‍රපටය වූ "සුල්තාන්" බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 580කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් වු අතර, ආක්ෂේ රඟපෑ "එයාර්ලිෆ්ට්" ඉන්දීය රුපියල් කෝටි 231ක්ද, "හවුස්පුල්" තුන්වැන්න ඉන්දීය රුපියල් කෝටි 188ක්ද, මේ වනවිට තිරගත වෙමින් පවතින් "රස්තම්" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 202ක්ද උපයා ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වසරේ සුපිරි නළුවන් කිහිප දෙනෙකුගේම චිත්‍රපට තිරගත වූ අතර, සමහරක් බලාපොරොත්තු නොවූ අයුරින් අසාර්ථක වුණා.
ෂාරුක් ඛාන්ගේ "ෆෑන්" චිත්‍රපටය මෙන්ම රිතික් රෝෂන්ගේ "මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටද ඒ අතර වෙනවා. කෙසේ වෙතත්, ෂාරුක් ඛාන්ගේ තවත් චිත්‍රපටයක් නොවැම්බර් 28 වැනිදා තිරගත වීමට නියමිතයි. එමෙන්ම අමීර් ඛාන් වසර දෙකට පසුව නැවතත් සිය රසික පිරිස් හමුවීමට සූදානමින් සිටින අතර, ඒ දෙසැම්බර් 23 වැනිදා "දංගල්" චිත්‍රපටයෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd