එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා ප්‍රමුඛ පිරිසක් අළුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ යන්නට ගිය සාම චාරිකාවක් පොලීසිය අද නතර කළේය.
ප්‍රදේශයේ සංඝරත්නය ඇතුළු කණ්ඩායමක් එයට විරුද්ධ වීම නිසා ගැටුමක් ඇතිවීම වැලැක්වීම පිණිස මෙම පියවර ගත් බව පොලීසිය කියයි.
නාරාහේන්පිට සිට වස්කඩුව දක්වා ජයසුරිය මහතා ප්‍රමුඛ පිරිස පැමිණියහ.
එහිදී ගැටුමක් හට ගත් බවත් පොලීසිය එය වැලැක් වු බවත් වාර්ථා වෙයි.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අදහස් දක්වන සමහරුන්ගේ ඇසින් බැලුවොත් වාරියපොළ සුමංගල හාමුදුරුවෝ එදා සුද්දගේ කොඩිය බිමදාල කරලා තියෙන්නේ වැරදි වැඩක්." ගුණානන්ද හිමියන්ගේ පානදුර වාදයත් වැරදි දෙයක් නේද ? අනේ මෙහෙම මැට්ටෝ ටිකක්. අපේ හාමුදුරු වරු නොහිටින්න සිංහල ජාතිය නැතිවෙලා බොහොම කල්. (නදී)
මංගල හරියටම හරි පිස්සු බමුණු මොනවද මේ දොඩවන්නෙ (අ)
මේ දේවල් බරපතළ ලෙස ගණන් ගන්න එපා. (නි)
වින්සන්ට් ඔබ නම් ලංකාවේ වෙන්න බැහැ. මොකද ඔබට හිතන්න ඔලුවක් තියෙනවා. මෙහෙම අය ලංකාවේ දැන් නෑලු. බමුණු තමයි ඉන්නේ. (නදී)
"සාම චාරිකාවකට " එරෙහි වෙන්නේ මොන ආගමට අයිති සංඝයා වහන්සේලාද දන්නේ නැහැ. බුද්ධාගමේ නම් වෙන්න බැහැ (නදී)
ඇයි මෙච්චර වේලාසන යන්නේ ලබන වසරේ විතර ගියා නම් හරිනේ ජනාදිපති මැතිවරණය කිට්ටු කරලම (නදී)
සම පාගමන් යන්න රතුපාට ෂර්ට් මොකටද? ඒකට හොදම පාට සුදු. මේ කොහෙද යන බඩගෝස්තර කාරයෝ රැලක්. (නදී)
සෑම්, ඔබගේ අදහසට මම කැමතියි (නදී)
සිරිතුන්ගල ඉස්සර විතරක් නෙවෙයි දැනුත් කොටින්ට කඩේ යනවා. (අ)
දැන් මොකටද සාම පාගමන්. දැන් හැමෝම හොඳට ඉන්නේ ඔය. මෙයාල වවාගෙන කන්න තමයි දඟලන්නේ. (නදී)
සෑම් ඉස්සරවෙලා බොදු බල සේනාවත් කලේ හාමුදුරුවන්ට පහර දීපු එකට විරෝධයක් තමයි. දැක්කේ නැතිද කට්ටිය ගෙවල් උඩ ගල් ගොඩවල් ලෑස්ති කරලා සාමයට කැපවෙලා හිටපු හැටි.(නදී)
මේ දෙගොල්ලම කඩේ යනවා.(නදී)
ප්‍රදේශයේ සංඝරත්නය සාම චාරිකාවට විරුද්ධ සාමයට අකමැති නිසාද නැත්නම් සාමයක් අනවශ්‍ය නිසාද කියල මට හිතා ගන්න බැහැ. (නදී)
ප්‍රජාතාන්ත්රවාදී රටක සාම පාගමනක් යාම නීත්‍යානුකුල මූලික මිනිස් අයිතිවාසිකමක්. (නදී)
ප්‍රදේශයේ සංඝරත්නයමද විරුද්ධයි කියන්නේ? එ්ක නම් වෙන්න බැහැ. (නදී)
සෑම් සිරිතුංග ජයසූරිය ගැන දන්නවා නම් ඔහොම කියන්නේ නෑ. යුද්දේ කාලේ එයා කියපුවා අපිට මතකයි පුල්ලි විතරයි අඩු. දැන් බේරුවල ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් එයාල දැන් යන්නේ අායෙත් ප්‍රශ්නයක් හදන්න. එ්කයි හාමුදුරුවෝ විරුද්ධ වෙනවා ඇත්තේ.(නදී)
ෂාම් ඔය ගොල්ලෝ මොනවද කියන්නේ (නදී)
ඕක සාම පා ගමනක් නොව , බංකොලොත් දේශපාලුවන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් නටන නාඩගමක්. (නදී)
මෝඞ සෑම්. (නදී)
සැම්, රන්ජන් ඔලුව අතගාල බලන්න අන් ඇවිල්ලද කියල. එහෙම නැතිනම් බලන්න මොලේ උඩද ඉඳගෙන ඉන්නෙ කියල. (නදී)
බමුණු, ඔබ නිවැරිදියි. අවස්ථාවාදී බඩගෝස්තරවාදීන් සාම පාගමන් යති. (නදී)
පෙරහැර ගිහින් ඉවරයි දැන් මෙයාල අලි බෙටි අහුලන්න යනවද. (නදී)
සාම සාකච්චා සහ සාම චාරිකා මුවාවෙන් මේ රතු පැළඳ ගත බොහෝ අය කරන්නේ , රට අස්ථාවර කිරීමත් තවත් ජාතිවාදය වැපිරිමත් සහ ඔවුන්ගේ නැතිවී යන පිරිහී යන නෂ්ටාවසේෂයන් රැක ගෙනිමට මාන බෙලිමක් . ප්‍රදේශයේ සංඝරත්නය ඇතුළු කණ්ඩායම කල දෙය මම අනුමත කරමි (නදී)
ලොගේස්වරන් ඔබ හරි ඔය රතුකමිසකාරයෝ කැමති සාමයක් නෑ. එක කළු ජූලියක් ඉවරවෙලා තව එකක් ඇතිවෙන්න ගිහින් නතර වුනා. ඒවා නැතිනම් මෙයාලට පැවැත්මකුත් නෑ. වෙච්ච දේවල් ඇති සාමකාරයෝ කරපු දේවලුත් හොඳටෝම ඇති පව් නොදී ආපහු යන්න කියන්න දෙපැත්තෙන්ම කන්නේ නැතිව. (නදී)
සෑම්,භික්ෂුත්වයට ගෞරවයක් අවශ්‍යයි. එය ඇතිව ලිව්වොත් විතරයි අපි අපේ ආගමට ගෞරව කරලා තියෙන්නේ. සංඝ රත්නය මොන ආගමට අයත් ද කියා ඔයා අහනවා. සංඝ රත්නය ඉන්නේ බුද්ධාගමට පමණයි. (නදී)
ඕන කෙනෙක්ට ඕන තැනකට යන්ද නිදහස තියෙන්ඩ ඕනා, අන්තවාදය මේ රට විනාසයකර ගෙනියනවා. සිංහල ,උනත් මුස්ලිම් උනත් දෙමල උනත් අන්තවාදය හොඳ නෑ. (නදී)
අලි බෙටි ගාන්න ඔය යන්නේ. ලජ්ජා නැති සිංහලයෝ නේද මේ ? දැක්කද ප්‍රශ්නේ පෙළපාලි නවත්තල තියෙන හැටි? (නදී)
බොර දියේ මාළු අල්ලන්න වෙන්න ඇති යන්නේ (නදී)
දැන් කැඩුණු ගෙවල් හදල බාර දෙන්නත් යනවා. දැන් වගේ මේ අයට ඇහැරිලා තියෙන්නේ. අඩු පාඩු බලන්න යනවා ඇති (නදී)
හැමෝම ඕනේ ඕනේ විදියට වැඩ කරන නිසා මෙයාලත් හිතන්න ඇති කොටි නැටුමක් දාන්න? කවුද මේ මිනිස්සුන්ට ගෙවන්නේ ? ඇයි හොයන්නේ නැත්තේ ? (නදී)
පොල්,බොහෝ අයට වටහා දිය යුතු අදහසක් ඔයා ලියල තියෙන්නේ. ඇත්තටම සෑම් අතින් ඒ ගෞරවය ගිලිහිලා තියෙනවා වගෙයි පෙනෙන්නේ. (නදී)
පෙළපාලි නවත්තල තියෙන්නේ ප්‍රංශයේ යි (නදී)
ලංකාවේ පොලිසියේ ඩී අයි ජී ලට ගිය කලක්. මහපාරේ ත්‍රී වීල් තල්ලුකරන්නෙත් ඩී අයි ජී ලා? අනේ අපොයි (නදී)
පෝල්, මගේ කොමෙන්ට් එකට පක්ෂව සහ විපක්ෂව කොමෙන්ට් මේකේ තියනවා.. නමුත් මම ඔබගේ කොමෙන්ට් එකට පමණක් ප්‍රති උත්තර දෙනවා. භික්ෂුවකට ගෞරවය අවශ්‍ය බව මම ඉත සිතින් පිලිගන්නවා. නමුත් ඒ ගෞරවය අපි ලබා දිය යුත්තේ බුද්ධ ධර්මයේ ඇති පන්සිල්, අටසිල්,දසසිල්,කෝටියක් සංවර සීලය ආදී තමන්ට අදාළ සීලය රකින අයට විනා කාගේ හෝ උවමනාවට කැපී පේන්න උත්සාහ කරන සිවුරු පොරවාගත් අයට නොවෙයි. බුදු දහම අනුගමනය කරන සීලවන්ත හාමුදුරුවරුන් අයිති මොන ආගමටද කියා මම ප්‍රශ්න කරන්නේ නැහැ. (නදී)
රවිඳු, වින්සේන්ට්, හාමුදුරුවෝ කියන්නේ මොකක්ද කියන දේයි මට වැදගත්. ඔහුගේ භාෂාව නෙවෙයි. ආක්‍රමනිකයා පරයෙක් උනත් රටේම ඉපදිච්ච එකෙක් උනත් ආක්‍රමනිකයෙක් මයි. (නදී)
මේ අලුත්ගම පොලීසියද වෙන්න බැහැ (නදී)
අර බන්දුල පෙරේරා කියන එක්කෙනත් මොනා හරි කියන්න අපිට හිනාවෙලා පොඩි වින්දනයක් ලබන්න. (නදී)
පෙළපාලි යාමේ නිදහස නොවෙයි ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය වන්නේ නිරාහාරව මිය නොයන්නත්, අපරාධ කරුවෙකුගේ ගොදුරක් නොවී ඉන්නත් සහ මග මරුවෙකුගේ වාහනයකට යට නොවී ඉඳීමේ නිදහසක්, මේකට සමාජවාදී කතාවල් අදාළ නැහැ. ජාති, ආගම් කුල භේදයකුත් නැහැ. (නදී)
ගාමිණි හැමෝටම යන්න අයිතියක් තියෙනවා. ගිහින් බොරදියේ මාළු බාන්න අයිතියක් නැහැ. (නදී)
සිරිතුංගල කොටි ඉන්න කාලෙ කොටින්ට කඩේ ගියා දැන් එනවා සාම චාරිකා යන්න. නිකන් නෙමෙයි ගහල එලවන්න තියෙන්නේ. (නදී)
මම තේරුම් ගත්තා මම ගොඩක් වැරදි දෙයක් කිව්වේ කියල. මෙතන ඉන්න සියලුම දෙනාගෙන් මම යටහත් පහත්ව සමාව ඉල්ලා සිටිනවා. (නදී)
දේශපාලන වාසියට බලයට අපේ සිංහල ජාතිය අපේ ආගම පවා නොදිය යුතුයි (නදී)
ප්‍රියාන් ඔයා හරියටම හරි ඒ බන්දුල පෙරේරා කියන දේවල් වලට කේන්ති ගන්න හොද නැහැ ආතල් එකක් ගන්න තියෙන්නේ. (නදී)
ප්‍රශ්න මදිවට තව ප්‍රශ්ණයක් ඇති කරන්නයි ඔය යන්න හදන්නේ (නදී)
පොලිසිය හොඳ වැඩක් කරලා තියෙන්නේ. (නි)
කොටින්ට කත් ඇදපු අය දැන් එනවා සාම පාගන් යන්න. ගහන්න තියෙන්නේ අාපු පාර හොයාගන්න බැරි වෙන්න. (නදී)
මම ඔබගේ මතයට විරුද්ධවෙමි. එහෙත් ඔබගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමි. (නි)
මෙම පක්ෂයේ අයට පෙළපාලි යාමට සෙනගක් ඉන්නවාද? ත්‍රී වීල් පාටියක් නේද ? (නදී)
සෑම් ගේ දෙවන ප්‍රතිචාරය වෙනුවෙන් මාගේ ප්‍රණාමය. ඔයා අවංකයි. (නදී)
මම කියන්න උත්සාහ ගත්තේ දැනුවත්ව හෝ නොදැනුවත්ව භික්ෂුත්වයට සරදම් නොකලයුතුයි කියා. ඔයාගේ අවසන් කොමෙන්ට් එකෙන් ඔයා නිවැරදි වෙලා තියෙනවා. එය මම අගය කරමි.(නදී)
ඔය යන්නේ ආයෙත් මොකක් හරි ගින්නක් අවුලුවන්න (නදී)
කුමාරණගේ අදහස හරියටම හරි. මමද එය අනුමත කරමි (නි)
හැමදාම රටට වින කරන්නේ ඔය කියන කට්ටියම තමයි. (නදී)
ත්‍රී වීල් පෙන්නනේ මේ ගොල්ලෝ ඒකෙන් අාපු අය වෙන්න ඇති (නදී)
මෙයාල මෙපමණ කල් කොහෙද ඉදල තියෙන්නේ ? මොලේ අමාරුවක් නැතිනම් පිරිස එක්කන් ගිහින් විනාස වෙලා තියෙන වැවක් හාරලා ප්‍රතිසංස්කරණය කලා නම් රටටවත් සෙතක් නේද? (නදී)
හාමුදුරුවරු පන්සල්වල නැහැ ඉන්නේ පිකටින් වලද? (නදී)
බන්දුල පෙරේරා ගේ මොලේ අමාරුව වැඩිවෙලා දැන් පිස්සන්කොටුවේ ඉන්නේ.(නදී)
මේ කට්ටිය කිසිම ජාතියක් ජම්මයක් අදහන අය නෙවෙයි. සමාජවාදය ලෝකෙට හදුන්වලා දුන්න රටවල් දැන් ඒ ක්‍රමය සංශෝධනය කරලා තමන්ගේ රට ජාතිය ආගම ගැන වැඩි අවධානයක් දක්වනවා. හොදම උදාහරණය රුසියාව. ඒත් මේ ලංකාවෙ ඉන්න සම සමාජ අය කඩේ යන්නෙම අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට. අවාසනාවක මහත කියන්නෙ මුන් දන්නෙ නැහැ මුන් සේවය කරන්නෙ බටහිර න්‍යාය පත්‍රයට සහ එනිසා පහර වදින්නෙ තමන් ඉපදී හැදී වැඩුනු රටට කියලා. එක වචනයයි (නදී)
අදහස් දක්වන සමහරුන්ගේ ඇසින් බැලුවොත් වාරියපොළ සුමංගල හාමුදුරුවෝ එදා සුද්දගේ කොඩිය බිමදාල කරලා තියෙන්නේ වැරදි වැඩක්. උන්නාන්සේටත් පන්සලට වෙලා සිල් රැකගෙන ඉන්නයි තිබුනේ. (නදී)
අනේ සිරි තුංග ඔයා කොහේ යනවද මෙන්න මෙහාට වෙලා ඉන්න (නදී)
සිරිතුංග ජයසුසිරිය මගේ අදහසේ හැටියට අපේ රටට පිළිකාවක්. ඔය මිනිහ බංකොලොත් දේශපාලනයක් කරන ද්‍රෝහියෙක්. (නදී)
අපි දන්නා තරමින් වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට සුද්දාගෙන් රාජ්‍ය ආරක්ෂාව ලැබුනේ නැහැ. අනික කරා බණ කිව්වෙත් නැහැ. හුළු අතු පත්තුකලෙත් නැහැ.(නදී)
මට තේරෙන විදියට නම්, ලුම්බිණි නමින් අදහස් දමන්නාත් සෑහෙන කාලෙකින් ලක් පොළොවේ පය නොගහපු කෙනෙකු වෙන්න ඕනෑ. (නදී)
අනේ! ආයෙත් නම් ගැටුම් එපා (නි)
කල දුටු කළ වල ඉහගන් නියාමය රතු කමිස කාරයන් පිළිපදින න්‍යායයක්.! ගන්න ගන්න මගේ රූපේ මමත් තද පොරක් // පත්තරේට වැටෙන කල් අනේ.(නදී)
සාමකාමී නගරය වනසන්න එපා. (නදී)
බොහෝ දෙනා ප්‍රශ්නය පටලවාගෙනය. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සටන් කලේ පර සුද්දන් සමගය. වර්තමානයේ ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්නයකි. ජාතින් වසයෙන් ආගම් වසයෙන් ඇන කොටා ගනිමින් ජාත්‍යයන්තර සිගමනෙන් යැපෙමුද? ශ්‍රී ලාංකික කාන්තාවන් මැද පෙරදිග මුස්ලිම් වරුන්ගේ වහල් සේවයට යවමින් අපි ආගමික වීරයන් වෙමුද? බඩ ගෝස්තරවාදී නොවන සියලුම පුරවැසියන්ට සමාන අයතිවාසිකම් ලැබෙන, වංචාවට දුසනයට,ඉඩක් නොලැබේය සිතිය හැකි දේසපාලන පක්ෂයක් බලයට පත් නොවන්නේ ජනතාවද වැඩි පිරිසක් බඩගෝස්තරවාදී නිසාය. රටක් වසයෙන් ගොඩ නැගෙනවාට වඩා තම තමුන්ගේ පන නල රැක ගැනීම සදහා සිරිතුංග මහතා වගේම තවත් සන්විදානද කටයුතුකරන බව පිළිගත යුතුය. (නදී)
""සාම චාරිකාවකට " එරෙහි වෙන්නේ මොන ආගමට අයිති සංඝයා වහන්සේලාද දන්නේ නැහැ." මේ සාම චාරිකා කාරයෝ එකපාරටම කොහෙන් පාත් උනාද දන්නේ නැහැ. සාම චාරිකා වලට යටින් තව මොනවා ගෙනියවද කියා දන්නේ කීප දෙනයි. මෙයාලට මේ චාරික කොරන්න සල්ලි කොහෙන්ද? (නදී)
හොදම වැඩේ මේ අය තමයි රට කන්නෙ (අ)