ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කළ මන්ත්‍රීවරයකු ලෙස ලබන 9 වැනිදා කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
ඉඩම් ඇමැතිව සිටි එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුවූ මන්ත්‍රී ධූරයට ෆොන්සේකා මහතා පත්කරන බව දැනගන්නට ඇත.
යුද්ධය හමාර වීමත් සමගම ෆොන්සේකා 2010 දී මහින්ද රාජපක්ෂ මහතා සමග ජනපතිවරණයට තරග කර පරාජයට පත්විය. ඉන් පසුව පැවැති මහ මැතිවරණයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.
මහින්ද රාජපක්ෂ රජය පෙරැළීමට කුමන්ත්‍රණය කළ බවට ඔහුට එරෙහිව නඩු පැවැරිණි. එම නඩුවෙන් ඔහු වැරදිකරුවී වසර තුනකට සිර දඬුවම් නියම විය. මාස තුනකට වඩා සිර දඬුවමක් නියම වූවකුට පාර්ලිමේන්තු ආසනය අහිමි වීමේ නීතිය යටතේ ඔහුට පාර්ලිමේන්තු ආසනය අහිමි විය. ඒ වෙනුවට ලැයිස්තුවේ ඊළඟට සිටි ජයන්ත කැටගොඩට එම තනතුර හිමිවිය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදීම ඔහු සිරෙන් නිදහස් කරනු ලැබීය. එහෙත් විශ්‍රාම වැටුප් වැනි වරප්‍රසාද ද ජනරාල් යන හමුදා නාමයද අහිමි විය.
තිස් වසරක් පැවැති යුද්ධය 2009 මැයි 18 වැනිදා ජයග්‍රහණය දක්වා මෙහෙයවූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ යුද හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකායි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ඔහුට විශ්‍රාම වැටුප ද අහිමිවූ සෙසු වරප්‍රසාද ද සමග ඔහු ෆීල්ඩ් මාෂල් ධූරයට උසස් කැරිණි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල්වරයා ෆොන්සේකාය.
ෆීල්ඩ් මාෂල් තනතුර ඇමැතිවරයකුගේ තනතුරකට සමානය.
2016 වසරේ පැවැති මහ මැතිවරණයටද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කළද ජයග්‍රහණය කිරීමට ෆොන්සේකා මහතාට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුකාරයන්ට, බාලාපරාධකාරයන්ට, මිනීමරුවන්ට මන්ත්‍රීකම් ලැබුණු කාලයකුත් තිබුන එකේ මෙතුමාට තනතුරක් දී රටේ නීතිය ක්‍රියාත්මක වීම තහවුරු කළයුතුයි. (නි)
බුද්ධිමත් ක්‍රියාවක්. ජයවේවා! සැමදා අපි ඔබ සමඟ ඉන්නවා (නි)
එතුමාට අපහාසකළ අයට දැන් මොකද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)
මෙතුමා ශ්‍රේෂ්ඨ රණවිරුවෙක්. ඒක අවිවාදිතයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් දුෂිත, නුගත් දේශපාලකයින්ට වඩා මෙතුමා අවංක, දැනුමැති පුද්ගලයෙක්. නමුත් මිලිටරි මානසිකත්වයක් ඇතුව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න මෙතුමාට බැහැ. (නි)
මෙතුමා බංකරවල ඉඳලා නෙමෙයි යුද්ධ කළේ. කෙළෙහිගුණයක් නැති හොරු රැල මහ උළු ගෙදරට දැක්වීමට එතුමාට හැකි වේවා! ජාතික ලැයිස්තුවල ඉන්න සියලු දෙනාට වඩා මෙතුමාට අනිවාර්යයෙන්ම දෙන්න වටිනවා රටට කළ සේවයට. (නි)
ජයවේවා.(කෞ)
ජයවේවා (බ)
දැන් ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්නේ ඡන්දෙන් පැරදුණු කට්ටිය. ජනමතය නියමයි. (බ)
හරිම සතුටු දායක ආරංචියක්.පරක්කු වෙලා හරි යුතුකමක් ඉෂ්ඨ වුණා. (බ)
මොන පක්ෂයෙන් ද? (බ)
යහපාලනයට වෙනසක්....බලාගන ඉම්මු. (බ)
ජනතාව ඡන්දයෙන් එපා කියපු අය ඔය එන්නේ දිගට හරහට, නියම යහ පාලනය (බ)
සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට පත්කිරීම ගැන රජයට ස්තුති කළයුතු වෙනවා. සරත් ෆොන්සේකා වැනි උගත්, බුද්ධිමත්, නිවැරදි තීරණ ගැනීමට පුළුවන් අය තමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු වන්නේ !!! කොහොම වුනත් එතුමාට අභූත චෝදනා ඉදිරිපත් කර සිරබත් කවා, පාර්ලිමේන්තු අසුන පවා අහිමිකළ පුද්ගලයන් පවා මේ උත්තරීතර සභාවේ එතුමා සමග එකට වාඩිවී සිටීම දෛවයේ සරදමක් ද? (බ)
හිරේ දාලවත් දණ ගස්සන්න බැරි වුණා. අන්න ශ්‍රේෂ්ඨ මිනිස්සු. (බ)
සරත් ෆොන්සේකා මහතාට ජයවේවා! (නි)
ඒකාධිපතියාගේ කටු කන කට්ටිය බය වෙලා.වැඩ පටන් ගන්නේ තව ඉස්සරහට. (බ)
ඔබට එරෙහි බලවේග වලින් ප්‍රවේශම් වෙන්න (නි)
මම කැමති ජෙනේරල් ෆොන්සේකා ජනාධිපති පුටුවේ ඉද ගන්නවා දකින්නයි. (ර)
කොටි ත්‍රස්තවාදය තුරන් කිරීමේ හැකියාව මෙතුමා සතුව තිබුනා වගේම වංචාව සහ දුෂණය තුරන් කිරීමේ හැකියාවද මෙතුමා සතුව ඇත. ඒ සඳහා අවස්ථාව එතුමාට ලැබෙන්නේ නම් එය ශ්‍රි ලංකාවේ වාසනාවකි. (නි)
පාර්ලිමේන්තුවේ ජනමතයක් නැහැ.. අපරාදේ ඡන්දයක් තියල අපේ සල්ලි නාස්ති කලේ.. (ර)
ඔහුට ඡන්දය දුන් නැත්තේ පක්ෂය නිසා මිස මහජන අකමැත්ත නිසා නෙවෙයි. පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයෙක්. ඔහු ලක්ස 45 ක ඡන්ද ගත්තු කෙනෙක්'ජයවේවා! (ර)
හොඳ තීරණයක් (නි)
අහන්නත් සතුටුයි. බුද්ධිමත් තීරණයක්. කවුරු තීරණය කලාද. ඔබේ තීරණය වර්තමානයේ ගත් හොදම තීරණය මෙයයයි. (ර)
මේක ටිකක් හොඳ ආරංචියක්. .පැරදුන දේශපාලක නිකමුන් ට ජාතික ලෑයිස්තුවෙන් මන්ත්‍රීකම් දුන්නට වඩා රටේ හමුදාව පාලනය කරපු නායකයාට මන්ත්‍රීකමක් හොදයි. ආරක්ෂක ඇමති හරි , පොලීසිය භාර ඇමති කමකුත් දෙනවනම් වඩා හොදයි. (ර)
මහින්ද - සරත් දෙන්නම එකට, බලමු වැඩ කිඩ... (ර)
මෙතුමා හොරෙක් නෙමෙයි. අපි ඒක දන්නවා (නි)
මෙතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්. (ර)
ඔන්න සර් චාන්ස් එක උපරිමයෙන් වැඩ ගන්න .. (ර)
රටේ අහිංසක ජනතාවගේ වාසනාව. රට යුද්ධයෙන් බේරාදුන් විරුවාණනි, රටේ තවමත් රජව තිබෙන අසාධාරණ වලින් අපේ රට බේරාගන්න පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අයෙකි. ඔබතුමා අපට වටිනා සම්පතකි. ඔබට ජය! (නි)
ඈත ආලෝකයක් පෙනෙනවා (නි)
ඔබට මාගේ සුබ පැතුම්.! (ර)
ඡන්ද තියන්න ඕන නැහැනේ, එක එක්කෙනාට ඕන විදිහට පත්කරනවා නම්. (ර)
හොඳ තීරණයක්. අපි බලාපොරොත්තු වුණ දෙයක් (නි)
ජයවේවා.(හේ)
කිවුවයි කියලා හිතාගන්නකො. මොකද ලියන්න අමාරුයි හිතට එන දේ (නි)
ජයවේවා (කෞ)
සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට ගැනීමට ක්‍රියාකළ රනිල්, මෛත්‍රී ඇතුළු සියළු පාර්ශ්වයන්ට ස්තුතියි... ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.(කෞ)
ජය වේවා. (කෞ)
පාර්ලිමේන්තුවේ සිටින කාඩ්බෝඩ් වීරයන්ට උත්තර දෙන්න එතුමාට විතරයි පුළුවන් .අනිවාර්යයෙන් ආරක්ෂක ඇමති හෝ පොලිසිය බාරදෙන්න.හොරු පන්නල .හොදට හදල දෙයි (කෞ)
තුණුරුවන් සරණයි! යහපත් තීරණයක් එතුමා වැනි කෙනෙක් දේශපාලනයේ සිටිය යුතුයි. (කෞ)
ජනතාවට හොඳ ආදර්ශයක් නේද? (නි)
ධර්මශෝකයෙන් හා ආනන්දයෙන් පන්නරය ලබා ස්වෝත්සහයෙන් දියුණු වූ , සිය දිවි පරදුවට තබා රට වෙනුවෙන් සටන් කල ශ්‍රේෂ්ට සෙබලාට අපෙන් සුබපැතුම් (කෞ)
ජයෙන් ජය (කෞ)
අවි ජාවාරම් කරුවන්ගෙන් මාස්පතා මුදල් ලබාගත් ජඩ මාධ්‍යවේදීන්ව හෙළිකරන්න (කෞ)
ඡන්දෙන් දිනපු සේරම හොඳ මිනිස්සු පැරදුනු මිනිස්සු නරක මිනිස්සු නෙමෙයි කියන්න ඕන තරම් උදාහරණ තියනවා නේ ද. (කෞ)
සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටිය දෙයක් .ජයවේවා (කෞ)
ජෙනේරල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට පත් වෙලා එනවා කියද්දී මොකද මේ "පිස්සන් කොටුවට හෙන ගැහැව්වා" වගේ කට්ටිය කලබල වෙලා?(කෞ)
ඔහොම යන් (කෞ)
ජනමතය වැදගත් තමයි. හැබැයි කන්න ඕනේ වෙනකොට කබරගොයා තලගොයා වෙන විදියට නෙමෙයි. සත්‍ය වශයෙන්ම. ඔය ජනමතය ගැන හිතුවද එතුමාගේ පාර්ලිමේන්තු ආසනය අහිමි කරන කොට? (බ)
දමිල මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න ඉඩ දෙන්න එපා කියල එමීර් කාන්තන් හරහා ට්‍රැවලින්ග් බැග් දෙකක් පුරවල සල්ලි ප්‍රභාකරන්ට සල්ලි දුන්න මිත්‍රයෙක් එක්ක මිනීමරු ප්‍රභාකරන් මොකට බය/තරහ වෙනවද?(කෞ)
අද සරත් ෆොන්සේක මැතිතුමා ගැන බොහොම ගෞරවයෙන් කතා කරන වැඩි දෙනෙක් එහෙම කතා කරන්නෙ එතුමා මහින්ද මැතිතුමාට විරුද්ධව කටයුතු කරන නිසා මිස එතුමාට ඇති ගෞටවයක් නිසා නෙවෙයි. (කෞ)
නයෝමි.මම ලියන්න/කියන්න ගිය දේම ඔබ ලියල තිබෙනවා.රටේ අපි වැනි දුප්පත් මිනිසුන්ගේ වාසනාව පැදිගෙනයි එන්නේ.(කෞ)
රට බේරාගත් සෙන්පතියාණනි තවමත් නිදැල්ලේ ඉන්න හොරු ටිකත් අල්ලලා ඇතුලට දාලා මේ රට නැවත බේරා ගන්න. (බ)
මමත් අගය කරනවා. නමුත් ටිකක් කට පරිස්සන් කරගත්තොත් හොඳ ගමනක් යන්න පුළුවන්. නැතිනම් මේ අවසාන අවස්ථාවත් වෙන්න පුළුවන්. (බ)
මෙයාලට පඩි කියක් ලැබෙනවද.අද රට පාලනය කරන්නේ කවුද (බ)
ජෙනේරල් සරත් ෆොන්සේකා කියන ශ්‍රේෂ්ඨ චරිතය මම කවදාවත් දැකල නැහැ.ඔවුගේ ක්‍රියාන්විත වලදී ඉදිරියටම නිර්බිතව යන දසුන් ,සහ යුද්ද සැලසුම් පමණයි මම දැකල තිබෙන්නේ.කියන දේ කරන,කරන දේ කියන මම විස්වාස කරන එකම දෙසපලකයත් ජෙනේරල් ෆොන්සේකා පමණයි.(කෞ)
මෙතුමාව හමුදාපති කරාම කවුදෝ කිව්වා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්ය, යුධ හමුදාවට නෙවෙයි ගැලවීමේ හමුදාවේ නායක කමට සුදුසුයි කියලා. දැන් මන්ත්‍රී කමට පත් කරාම ඒ තැනැත්තා කියාවිද ඕන ගොනෙකුට මන්ත්‍රීකම් කරන්න පුළුවන් කියලා.(කෞ)
මමත් ආදරය කරන මහත්මයෙක්. නමුත් ඇමැතිකමකට සමාන තනතුරක් තියෙද්දී මොකටද මන්ත්‍රී කමක් ලබන්නේ. මට තේරෙන්නේ නැති නිසයි අහන්නේ.(බ)
මගේ අවංක සුබ පැතුම් ! (බ)
නන්දලාල් මොකද්ද ඉදිරිපත් කරපු අභූත චෝදනාව? (බ)
කට්ටිය එකතු වෙලා ඊළඟ ඡන්දෙට පාර්ලිමේන්තු යන්නේ කවුද කියල තම තමන්ම තීරණය කර ගන්න, ඡන්ද තියල රටේ සල්ලි නාස්ති නොකර. ජනතාව එපා කියල පන්න ගත්ත උන්දැලත් පාර්ලිමේන්තුවට, හැමදාම ඇමතිලා දින්නත් පැරදුනත් එකම හොර රැලක්. රටේ සල්ලි නාස්තියයි හොර කෑමයි විතරයි වෙන්නේ. (බ)
යුද්දේ දිනන්න නායකත්වය දීල රණවිරුවන් පාවා දුන්න කෙනෙක් මෙයා. පළිගැනීමේ චේතනාවෙන්, වෛරයෙන් පාවා දීම් කරන මොහු රටටම විහිළු කාරයෙක් වෙලා. (අ)
හොඳ හමුදා නායකයෙක්, හැබැයි කොහෙත්ම හොඳ දේශපාලක්යෙක් නම් නෙවෙයි. සක්‍රිය හමුදා තනතුරකුත් දරමින් දේශපාලනයේත් යෙදීම කෙතරම් උචිතද? හමුදාවත් දේශපාලනීකරණය වෙන එකයි වෙන්නේ අන්තිමට. (බ)
වෙන වෙන පක්ෂවලින් බොරුවට ඡන්ද ඉල්ලුවට නිදහස් පක්ෂ සිරිසේන පාර්ශ්වය, එජාපය, ජවිපෙය, දෙමල සන්ධානය, ෆොන්සේකා පක්ෂය ඔක්කොම එකම පෙරමුණක් බව නැවත වතාවක් සහතික වුණා. යහපාලන ගිවිසුම්වල එක එක්කෙනාට ලබා දෙන්න පොරොන්දු වුන වරප්‍රසාද (දෙමල සන්ධානයට විපක්ෂ නායකකම සහ අනුර කුමාරට විපක්ෂ සංවිධායකකම ඇතුළුව) සියලු දේ දැනටම ලබා දෙමින් යනවා. තව අඩු හමුදාවේ තව සිය ගානකට දඬුවම් දෙන එකයි, ස්වයං පාලනය දීමයි විතරයි. (බ)
ෂා මරුණේ්(හේ)
ජයවේවා.! (ර)
මම කැමති තිලක් මෝඩ කතා ලියන් නැත්නම්!! (බ)
සමහරක් භූමිතෙල් වැදුන ගැරඩි වගේ දගලනවා මේ අාරංචියට (බ)
ඔන්න දැන් තමයි ගොඩක් අයට බඩේ රුදාව හැදෙන්න පටන් ගන්නේ. සැබෑ වීරයින්ව වළලන්න හැදුවට ඔවුන් කොහෙන් හෝ ඉස්මතු වෙනවා. ඒක තමයි ලෝක සත්‍යය. (බ)
මෙතුමා මේ රට කොටියාගෙන් බේරා ගන්න ලොකු සේවයක් කරපු කෙනෙක්. නමුත් සුදු කොඩි කතාවෙන් පස්සේ මෙතුමා රටට ද්‍රෝහී වුණා. දැන් මෙතුමා අපේ හදවතේ නැහැ. (බ)
අපරාදේ ඡන්දෙට වියදම් කළ මහජනයාගේ මුදල්. (බ)
හැබැයි හොරුනම් මෙතුමා සමග වැඩකරන්න බයවෙයි. මොකද මෙතුමා අවංක පුද්ගලයෙක් නිසා. සර්,ඔබට ජයවේවා. (බ)
හැබැයි හොරුනම් මෙතුමා සමග වැඩකරන්න බයවෙයි. මොකද මෙතුමා අවංක පුද්ගලයෙක් නිසා.සර්,ඔබට ජයවේවා. (බ)
ෆීල්ඩ් මාෂල් තනතුරට තිබුණ කොලිටි එක ලාවට අඩුවුණා. කියලයි මට හිතෙන්නේ ... ඇමති තුමාගේ මරණයෙන් හිස්වුන අඩුපාඩුවට මෙතුමාව පත්කරපු එක ..අනේ මන්දා ?? (බ)
හොඳ තීරණයක් ජයවේව! (කෞ)
සෙබස්තියන්, බස් තියන් පයින් යන්න හදනවා වගෙයි ඔබේ අදහස?(කෞ)
හොද තීරණයක් (කෞ)
ඉතා හොඳ වැඩක් ජයවේවා (බ)
මේවා මෙහෙම නොවුනා නම් තමයි යහපාලනය ගැන පුදුම වෙන්නේ. (බ)
හොද තීරණයක් රටට සෙතක් ම වේවා .(බ)
හොද වැඩක්.. එතුමාට ආරක්ෂක ඇමති කම ලැබෙන්න ඕන. (බ)
සාධරයෙන් පිළිගන්නවා අපේ කණ්ඩායමට.(හේ)
මම නම් හිතන්නේ ඔබ තුමාට සුදුසු අගමැති තනතුර. (බ)
මහින්ද ජනපති වෙලා මන්ත්‍රී වෙන්න පුළුවන් නම් ඇයි ජෙනරල් ට බැරි (බ)
ඔබතුමා බොහොම පරිස්සමින් වැඩ කරන්න .ඔතන ඉන්නේ සර්පයෝ වගේ මිනිසුන්. නැවතත් වගකීමක් ඉල්ලගන්න. යුද්දය කළා වගේ එම වගකීමත් හරියට කරලා පෙන්වන්න. නැවත ඉදිරියට යන්නට පුළුවන්. (බ)
පවතින ඡන්ද ක්‍රමය අනුව ඇතැම් නායකයෝ පැරදුනා තමයි. ඒත් පාර්ලිමේන්තුවට ආ හැමෝම ජනමතයටම තේරුණු අය කියලා හිතනවද? ඒ නිසා ෆොන්සේකා මහත්තයා පාර්ලිමේන්තුවට ගැනීමේ වැරැද්දක් මම නොදකිමි. රට ගැන හිතන, හැබෑ සාධාරණය කුමක්ද කියලා තෝරාගන්නා නියම මහත්තුරු ටිකක් තමයි ඉන්න ඕනෑ (නි)
කාලීන තීරණයක්. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේවගේ ශක්තිමත් නායකයෙක් අවශ්‍යම වෙලාව. ජයවේව!!! (කෞ)
ආරක්ෂක ඇමතිකම සහ පොලිසිය බාරදෙන්න. හොරු අයින් කරලා රට සුද්ධ කරලා ගනී (කෞ)
කට්ටිය බය වෙලා නන් දොඩවනවා. හමුදාව දේශපාලනීකරණය වෙයිලු. 2014 වෙනතුරු කොහෙද දන්නේ නැහැ මේ අය හිටියේ. (නි)
රුසියාවේ බණ්ඩාරට තේරෙන්නේ නැතිලු පාර්ලිමේන්තුවට පත්වෙන්නේ මන්ත්‍රීවරුන් කියලා. ඇමතිවරු අගමැති කියලා තනතුරු වලට පත්වෙන්නේ මන්ත්‍රීවරයෙක් විදිහට තේරී පත්වුණාට පස්සේ. (නි)
මේ මනුස්සයා රටට කළ සේවයට මේ මන්ත්‍රීකම මදි. අපිට තවම මතකයි මරාගෙන මැරෙන බෝම්බයෙන් මෙයාගේ බඩවල් එළියට ඇවිල්ලත් එය තුවාල හොඳකරගෙන ආපසු යුද්ධයට ගිය හැටි. තමන්ගේ ජීවිතයේ හොඳම කාලය යුද්ධයට ගතකළ වීර සොල්දාදුවෙක් කියන එක අපි අමතක නොකළ යුතුයි. (නි)
ජයෙන් ජය වේවා !!!! (නි)
සරත් ෆොන්සේකා මැතිතුමනි ඔබ පාර්ලිමේන්තුවට පැමිණ රටේ ජනතවගේ මුදල් හොරා කෑ අර හොර නඩය නීතිය ඉදිරියට ගෙන එන්න. (අ)
කට තමයි ප්‍රශ්නය... (නි)
හිරාන් දැන් ඉන්නේ මෙතුමාට හොඳම හමුදාපති කිවූ අය සමග නොවෙයි. මෙතුමා ඇල්ලුවේ තොප්පිගල කලෑවක්, කිලිනොචිච් කියල යන්නේ මැදවච්චි, ගැලවීමේ හමුදාපති කමටවත් එම්තුමා හොද නැත කියලා කියපු අය සමග. එනිසා මෙතුමාත් ඒගොල්ලානේ අතකොළුවක් වීමට ඉඩ තියෙනවා.? (අ)
හරියට එතුමාට බලය දුන්නොත් මුළු ලංකාවේම හොරු ඉවර කරයි (නි)
තවත් වෛරී දේශපාලනයක් (බ)
ජයවේවා! මට හරිම සතුටුයි. අපේම සිංහල වීරයා. මේ මහත්තයා නැත්නම් තවම අපි මරබයේ කවදා කොටි බෝම්බයකට අහුවේද කියා (නි)
එතුමා ඔය නරා වලට බහින්නෙ නැතුව තමන්ගෙ තනතුරේ නම්බුව තියාගෙන කටත් පියාගෙන විශ්‍රාම සුවයෙන් හිටියොත් තමයි වඩාත්ම හොඳ. (නි)
සරත් ෆොන්සේකා මහතාගේ හඬ පාර්ලිමේන්තුව තිබිය යුතු එකක්. දුෂණයට වංචාවට එරෙහිව බය නැතුව කතාකරන පුද්ගලයෙක් (නි)
සරත් ෆොන්සේකා මහතා ගෞරවනීය පුද්ගලයෙක්. ඔහුට අයිති තැන මන්ත්‍රී පුටුවකට සීමා නොවිය යුතුයි. (නි)
ඡන්දය පරාද වුණත් කිසි අවුලක් නැහැ. යහපාලන නීතිය ...!!!!! (නි)
ඕනෑ කෙනෙකුට පාර්ලිමේන්තු යන්න පුළුවන් කියලානේ සමහර දේශපාලන පක්ෂවල අය කියන්නේ (නි)
ලෝකයේ හොඳම හමුදාපති ලෝකයේ හොඳම ආරක්ෂක ඇමති වේවා! (නි)
අර ෆොන්සේකාට විරුද්ධව කතාකළ අය දැන් මොකද කියන්නේ? (නි)
ජයවේවා! (නි)