ජාතික නිවාස අධිකාරියේ සහ ජනාධිපති ලේකම් කාර්යයාලයේ වාහන අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සරත් වීරවංශ සොයා මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කණ්ඩායමක් අද (12) ඔහුගේ පැනදුර නිවසට ගිය ද ඒ මහතා අසනීපෙන් පසුවීම නිසා හැරී ආ බව පොලිසිය කියයි.
රජයේ වාහන 12 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රකාශයක්ගන්නට පොලිසිය එහි ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් 10 වැනිදා ඉරිදා ලංකාදීපයට කියා තිබුනේ නම් එයාලගේ කණ්ඩායමේ කවුරු හරි අල්පෙනෙත්තක් හොරකම් කළොත් හොරුය , ආණ්ඩුව පැත්තේ ඉන්න අය මෝල්ගස් හොරකම් කළත් සුදනෝය යන තත්ත්වයක් තියෙන්නේ කියලා. (බ)
මිනිස්සු හිනස්සන වැඩ නොකර සියල්ලන්ට එකසේ නීතිය ක්‍රියාත්මක කළා නම් ඉවරනේ. එහෙම කරන්නේ කොහොමද එහෙම කරනම් හැමෝම ඇතුළේ් තමයි (බ)
උන්නැහේට තියන චෝදනාවල හැටියට නම් මෝල් ගස් එහෙමත් ගිලලා තියෙනවා වගෙයි අපට නම් තේරෙන්නේ! ලජ්ජා නැතුව සමාජයට මුහුණ දීලා මේ වගේ කතා කියන්නත් ඉදිරිපත් වෙනවනේ! (හේ)
ඕකනම් බටහිර කුමන්ත්‍රණයක් (බ)
ලංකාවේ දේශපාලකයින් අසනීප වෙන්නේ බන්ධනාගාර ගත වුනහම. එහෙමත් නැත්නම් මෙයාල කළ වරදක් සම්බන්ධ තොරතුරක් ලබා ගැනීමට පොලිසියෙන් ගියහම (බ)
අපරාදේ තෙල් වාහන වලට තෙල් වලට වියදම් කරපු රජයේ ජනතාවගේ මුදල්. කෝල් එකක් දීල බලල යන්න තිබුනනේ.(අ)
විමල් වීරවංශ නරිවාදන් කියනවා (බ)
ජයසිරි කියන්නේ හොරුන්ට ඉන්න දීලා නිකන් ඉන්න කියලද? (නි)
තාමත් රටේ ජනතාවට ඇත්ත තේරෙන්නේ නැහැ. වැඩේ කියන්නේ මහින්ද මහත්තයටත් ඕක නොතේරෙන එක (නි)
තමන් කරන වැරදි මතක තියාගත්තොත් කාටත් හොඳයි (නි)
හිස් අතින් එන්න උවමනා නැහැ. කුදලාගෙන ඇවිල්ලා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්න තිබුනනේ. (නි)
වැට් එක නිසාද දන්නෙ නැහැ අසනීපවුණේ? (නි)
සමාජවාදී චින්තනය යටතේ ධනේශ්වර රජයකට මුක්කු ගැසුවත් හුදු බඩවියත රැකගැනීමට රජයේ සම්පත් පවා අයත් කරගත හැකි බව පෙන්වූ උදාහරණ මේ රටේ ඕනෑතරම් (නි)
මේ ආණ්ඩුව හරියට මෙගා ටෙලි ඩ්‍රාමා එකක් වගේ (නි)
ජයසිරි, ඔය යන්නේ රජය නෙමෙයි, පොලිසියනේ. පොලිසිය හොරු අල්ලන්නේ නැතුව වෙන මොන රාජකාරිය කරන්නද? ඡන්දෙ දෙනකොට ඔලුව පාවිච්චි කළා නම් මේ වගේ ප්‍රශ්න එන්නේ නැහැ (නි)
අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකටද මන්දා? මම හොරකමක් කරලා පොලීසියෙන් ඇවිල්ලා යයිද මම අසනීපෙන් කිවුවම? වෙනිවැල්ගැට කොත්තමල්ලි හීනෙන් දකින්න ගානට නෙළලා දාගනියි ජීප් එකට. මේකටද යහපාලනේ කියන්නේ? (නි)
දැන් කරන්න තියන්නේ කිව්වා වගේ ජනතාවගේ සාක්කු සල්ලි වලින් පුරවන එක. මේවා වැඩක් නැහැ. රට යන්නේ කොහාටද කියලා පොඩි ළමයෙක් වුණත් දන්නවා. (නි)
පොලිසිය අපිට නම් ගහලා කුදලාගෙන යයි. මේ වගේ අයට උණ ගත්තත් ආපසු යනවා. (නි)
අනුන් කළ වැරදි සොයා දඬුවම් දීම නීතිමය ක්‍රියාවලියකි. තමන් ඒ වැරදි නොකර සිටීම උතුම් මිනිස් ගතියකි. (නි)
මේ රජයට මොන තරම් දේවල් කරන්න තියෙද්දීද මේ කුණු පස්සේ කාලය නාස්ති කරන්නේ. ප්‍රශ්න කරයි, හිරේ දී අැප පිට එලියට එයි ඉන් පස්සේ අපිට මතකත් නෑ .. අර ළමයි 10 දෙනාට පාසලක් හොයා දෙන්න (බ)
අසරණ දුප්පත් කෙනෙක් ඔවැනි අපරාධයක් කළා නම් වයසක අම්මා අප්පව හෝ භාර්යාව හරි ජීප් එකේ දාගෙනයි පොලිසියට එන්නේ. ලංකාවත් පුදුම නීතියක් රීතියක් තිබෙන රටක්. (නි)
ලංකාවේ සමාජවාදී කියලා පට්ට ගැහුණු අයගේ දරුවන් ඉගෙනගන්නේ අධිරාජ්‍යවාදී රටවල. ගෙදර ඉන්න බල්ලාගේ කූඩුවත් වායුසමීකරණය කරලා. එ්ත් කට ඇරියොත් සමාජවාදය. මම කියන්නේ සත්‍යය. (නි)
මහත්තයෝ, මේ කුණු වලට විෂබීජනාශක නොදැම්මොත්, මේ කුණු නැවත නැවත නැවත ඇතිවෙන්න පුළුවන්. එ්ක නිසා මෝඩ කතා කියන්න එපා. මේ යට බැහැ දොස්තරගේ වැඩේ කරන්න. රටේ අනිත් වැඩ වලට ඕනෑ අය ඒ ඒ කටයුතු කරයි (නි)
හිරේ යන්න ඉස්සරම අසනීප වෙලා වගේ. කලින් නම් හරි චණ්ඩි. (බ)
මොකද මේ වෙන්නේ.(හේ)
එහෙනම් ඉතින් හැම මනුස්සයාම අත්අඩංගුවට ගන්න එපැයි. පවුල් පිටින් හොරා කාලා දැන් දිරවාගන්න බැරුව දඟලනවා. කරන්න හොඳයි දඬුවම් විඳින්න බයයි (නි)
මහින්ද මේ වගේ මිනිස්සු ළං කරගත්තේ මොනවටද කියලයි හිතාගන්න අමාරු (නි)
මෙයාල නිදියාගෙන ඉන්න මිනිස්සු ඇහරවලා කරන්නේ මොකක්ද? පාලකයනි, ඔබ දන්නවද නිවැරදි කෙනෙකුට දඬුවම් කළොත් කොහෙද උපදින්නේ කියලා (නි)
මේ දේවල් කල් දාන්න එපා.(හේ)
මෙයාල රටේ දේවල් කාලා තියෙන්නේ හරියට එයාලගේ තාත්තාගේ බුදලේ වගේනේ. (බ)
මේ වගේ අය නිසයි අපේ රට දුප්පත් වෙන්නේ (නි)