සමාජ හා ආර්ථික ගැන විද්වතකු ලෙස සැලකුණු සරත් ප්‍රනාන්දු මහතා (72) අභාවප්‍රාප්ත විය.
ගොවි නායකයෙකු වූ ඒ මහතා 60 දශකයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටියදී ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කළේය. සරත් ප්‍රනාන්දු මහතා 71 කැරැල්ලේදී සිරගතවී 76 වසරේදී නිදහස ලැබුවේය.මාක්ස්වාදී දැනුම හා තම අත්දැකීම් ඉවහල් කරගනිමින් ගොවි ක්ෂේත්‍රයේ පුළුල් සංවිධාන ගොඩනැගීමට උර දුන් අතර සෙඩෙක් ආයතනයට සම්බන්ධවී 1987 දී දේව සරණ සංවර්ධන කේන්ද්‍රයට සම්බන්ධ විය.
1989,90 ගොවි තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කළේය. 90 දශකයේදී ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණය ව්‍යාපාරය නිර්මාණය කළේය.
දේහය අද ඉබ්බාගමුව යකල්ල නිවසේ සිට උදේ 11 ට යකල්ල දේවසරණ මධ්‍යස්ථානයට මහජන ගෞරවය පිණිස රැගෙන එන අතර අවසන් කටයුතු සවස 4 ට කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතවත් සොයුර, කුමාර ඉලන්ගසිංහ බිෂොප් තුමා මගින් ඔබ හදුනාගන්ට ලැබීම සතුටක් ,නමුත් මෙලෙස වෙන්වී යාම දැනහත් විට මම පුදුමයට හා කණගාටුවට පත් උනෙමි ,. ඔබට දෙවි පිහිටියි, (ස)
ඔබට නිවන් සුව පතමි. (ස)
ඔබට පින් පිණිස ඔබ ගිය මඟ යාමට මගේ දරුවන්ට පුරුදු කරමි. මිතුර, ඔබෙත් මගෙත් මීළඟ හමුවීම නිර්වාණයේදී බලාපොරොත්තු වෙමි.මම කළ පින් මදි බැවින් තවමත් දුක් විඳිමි.මගේ ප්‍රමාදයට අමනාප නොවන්න. (නි)
තම සුඛ විහරණය උදෙසා ඉංජිනේරුවෙකු වන්නට තිබුනද දුක්විඳින ගොවියා වෙනුවෙන් තම දිවිය කැපකළ මොහු සැබෑ විරුවෙකි. (නි)
මොකක්ද ඔය දේව සරණ කේන්ද්‍රය කියන්නේ? (නි)
ආදරණීය සරත් මාමේ ඔබට නිවන් සුව පතමි (නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මහින්ද ප්‍රේමසිරි මහතාණනි, නිර්වාණයේදී කාටවත් හමුවිය නොහැකිය. නිවන යනු දෙව්ලොවක් නොවේ. සසරින් මිදීමම නිවන වේ. මට සමාවන්න මෙවැනි අදහසක් පළකිරීම ගැන. (නි)
එතුමාට නිවන් සැප ලැබේවා! (නි)