IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සරත් කොටගම ආසියා කුරුළු සභාපති

පක්ෂීන් පිළිබඳ ශ්‍රී ලංකාවේ පුරෝගාමී විද්‍යාඥයකු වන සරත් කොටගම ආසියා කලාපයේ සභාපති ලෙස  කැනඩාවේ අන්තර් ජාතික කුරුළු සංවිධානයේ දී නිතරඟයෙන් පත්කරගනු ලැබීය.

රටවල් 120ක සාමාජිකයෝ එක්කෝටි තිස් ලක්ෂයක් මෙම සංවිධානයට අයත් වෙති.

ආසියා කුරුළු සංගමය රටවල් 11කින් සමන්විත වේ.

මහාචාර්ය සරත් කොටගම වනජීවී සම්පත් ඇමැති ගාමිණී විජිත් විජයමුණි මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකි.



අදහස් (0)

සරත් කොටගම ආසියා කුරුළු සභාපති

රංජිත් සිල්වා Wednesday, 19 June 2013 12:11 PM

සුභ පැතුම්. මේ අපේ දෙවිවරු. (අ)

:       0       1

කුමාර Thursday, 20 June 2013 12:19 AM

ඔබ මගේ ගමේ කෙනෙක් නිසා මට හරිම සතුටුයි. ආඩම්බරයි (නි)

:       0       0

අශාන් Wednesday, 19 June 2013 12:49 PM

උණුසුම් සුභ පැතුම් මහාචාර්යතුමනි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 19 June 2013 12:57 PM

පරිසර හානිය නිසා අද ගේකුරුල්ලෝ වැනි අපට සමීප කුරුල්ලන් විශේෂ කීපයක් වඳවීගෙන යනවා. විශ්ව විද්‍යාලයක් සමග එකතුවී මේ ගැන සොයා බලන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

අනු Wednesday, 19 June 2013 01:15 PM

ලංකාවේ වද වෙලා යන කුරුළු සම්පත වෙනුවෙනුත් යමක් කරන්න බලන්න (නි)

:       0       0

කුමාර Wednesday, 19 June 2013 01:45 PM

එහෙනම් කුරුල්ලන්ට දෙයියන්ගේම පිහිටයි. බූන්දල කුරුළු අභය භුමියට යාබදව ගුවන් තොටුපොලක් තැනීමට යාමේදී (මෙම යෝජනාව බලවත් මහජන විරෝධය නිසා රජය අනුමත කලේ නැත ) කුරුල්ලන්ට කිසි බලපෑමක් නැතයි කියමින් කුරුල්ලන් පාවාදී එම යෝජනාවට කඩේ ගිය විද්වතෙක්.(නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 19 June 2013 02:03 PM

මෙතුමාට ගෞරව උපාධියක් ලබා දී පරිසරය සම්බන්ධයෙන් හොද තනතුරක් ලබා දිය යුතුය.(නදී)

:       0       0

චන්දා Wednesday, 19 June 2013 02:21 PM

නියම බස්සා කුරුළු රජා. අංසක අනූවට බෙල්ල හරවන්න ලේසියෙන් පුලුවන්න මේ වගේ. (අ)

:       0       0

චමිල Thursday, 20 June 2013 02:21 PM

කුමාර , ඔබට එකගයි. බූන්දල කුරුළු අභය භුමියට යාබදව ගුවන් තොටුපොලක් තැනීමට යාමේදී කුරුල්ලන්ට කිසි බලපෑමක් නැතයි කියමින් කුරුල්ලන් පාවාදී එම යෝජනාවට කඩේ ගිය විද්වතෙක්. මෙතුමාට පරසරය සම්බන්ද හොද තතුරක් ලබදීල තිබුන ප්‍රියන්ත. එත් එකේ වුන වංචාවකට මෙතුමා වග කියන්න ඕනේ කියල ඔප්පුවු අ නිසා එකෙන් අයින් වෙන්න වුන කියල මෙතුමම ඉස්සර දවසක තිත්ත ඇත්තට ඇවිත් කිව්වා. (අ)

:       0       0

අනූෂ Wednesday, 19 June 2013 07:58 PM

තවත් ඉල්ලමක්..(ත)

:       0       0

රේ Wednesday, 19 June 2013 02:51 PM

ඉතා විශිෂ්ට ගනයේ අවස්ථාවක් සහ පුවතක්. උණුසුම් සුබපැතුම් ඔබතුමාට! (නි)

:       0       0

නදී Wednesday, 19 June 2013 03:04 PM

කුරුළු ගෙදර කුරුළු කුමාර..... (නි)

:       0       0

ඉන්දික ෙසෙනවිරත්න Wednesday, 19 June 2013 08:40 PM

සුබ පැතුම් සර්.(නදී)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Wednesday, 19 June 2013 03:23 PM

උණුසුම් සුභ පැතුම් සර්! (නි)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 19 June 2013 03:33 PM

කුරුල්ලන්ට වත් සෙතක් වුනොත් ඇති. මිනිස්සුන්ට නම් දැන් පාන් කියා ගන්න බැහැනේ. (නි)

:       0       0

උපාලි Wednesday, 19 June 2013 11:30 AM

ජාතිය සතු විශිෂ්ට විද්වතෙක් වන මහාචාර්ය කොටගමගෙන් අපේ රට නම් ප්‍රයෝජන ගන්නවද කියන්න දන්නේ නැති වුණත් ලෝකෙ නම් ප්‍රයෝජන ගන්නවා. (නි)

:       0       0

සරත් ගුණරත්න Wednesday, 19 June 2013 11:40 AM

අපේ මත්තල කුරුල්ලනට කවුරුවත් නැතිද? (නදී)

:       0       0

ධම්මිකා Wednesday, 19 June 2013 11:41 AM

මගේ උණුසුම් සුභ පැතුම් මහාචාර්යතුමනි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site