සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවයේ යෙදී සිට එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගනිමින් රුපියල් හය ලක්ෂ තිස් දහසක මුදලක් වංචා කළැයි චෝදනා ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරණ ගුණවර්ධන මහතා සම්බන්ධ අල්ලස් නඩු නවයකට අදාළ නඩු විභාගය ලබන අගෝස්තු මස 23 වැනිදා කැදවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණී ආටිගල මහත්මිය අද (28) නියෝග කළාය.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඉකුත් මැයි මස 05 වැනිදා නිකුත් කළ නොතීසියක් ප‍්‍රකාරව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා අධිකරණයේ පෙනී සිටියේය.
2006 ජනවාරි 01 වැනි දා සිට ජූලි 31 වැනි දා අතර කාලය තුළදී සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් සමරසිංහ අත්තනායක ලියනගේ පේ‍්‍රමරත්න යන අයට වාසියක් සැලසීමේ චේතනාවෙන් ඩබ්ලිව්.පී.ජී.එන්. 1353 දරන වාහනය කුලී පදනම යටතේ සංවර්ධන ලොතරැුයි මණ්ඩලයට ගැනීමට අවශ්‍ය කටයුතු කර එයින් රුපියල් 235, 000.00 ක මුදලක් ලබාදීමට කටයුතු කර අල්ලස් පනතේ 70 වන වගන්තිය ප‍්‍රකාරව දූෂණය නම් වරදක් සිදුකර ඇතැයි අල්ලස් කොමිසම මගින් චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබිණ.
දෙවැනි චෝදනාව ලෙස සදහන් කර ඇත්තේ ජයසූරිය ආරච්චිගේ සූනීතා ජයසූරියගේ වාහන කුලිය වශයෙන් රුපියල් 80,000 ක් ලබාදීමට කටයුතු කිරීමයි. තෙවැනි චෝදනාව ලෙස දක්වා ඇත්තේ තවත් වාහන දෙකක් සදහා රුපියල් 315,000ක කුලියක් ලබාදිමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔය දන්නා ටික විතරයි. (ර)
මෙයාට උඩින් මැස්සෙකුටවත් යන්න බැහැ රාජපක්ෂගේ කාලේ , මෙයාට මෙහෙම වෙන්න ඉඩදුන්න අයට දඬුවම් කරන්න ඕන (බ)
මේ අයට ඡන්දේ දුන්න අයට ගහන්න ඕනේ.(හේ)
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැනේවි ගිනි සේ........ (ම)
මෙයා කප්පන් ගැනීමෙහි ප්‍රමුඛයෙක් තමුන්ට අවනත නොවන්නන් මර්දනය කිරීමේ ප්‍රමුඛයෙක්. (බ)
මහජන මුදලින් වැටුප් ගෙන මහජන මුදල්ම හොරකම් කරනවද? (නි)
මගේ අම්මෝ! බැලුවහම එතුමා වටේම ඉඳලා තියෙන්නේම කම්බා හොරුනේ! මේවට නීතියෙන් දඬුවම් කරනකොට කෑගහනවා දේශපාලන පළිගැනීම් කියලා (නි)
හැබෑ කරුණ නම් පසුගිය ආණ්ඩුවේ මෙයා අසරණ නැහැ. (බ)
හිටපු ජනාදිපති තුමාට තව තවත් ආරක්ෂාව දෙන්න වේවි (ම)