පසුගිය මහ මැතිවරණ සමයේ නුවන් තරංග නැමැත්තකුට ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පහරදීමේ චෝදනාවලින් හිටපු නියේජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ඇතුළු සිව් දෙනා නිදහස් කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය අද (11) නියෝග කළාය.