
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ ,බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත පදිංචි දරුවන් දෙදෙනෙකි.
බරපතල පිළිස්සුම් තුවාල ලැබූ බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත දරුවා පදිංචි තෙමහල් නිවසේ ඉහළ කොටසේ සිට එම දරුවා සහ අනෙක් දරුවා මෙන්ම තවත් දරුවෙකු විනෝදයට යවමින් සිටි සරුංගලය ඒ ආසන්නයේ පිහිටි අධිබලැති විදුලි රැහැනක පැටලී යාමෙන් අනතුරුව ඇල්මිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී එකවරම ඇසුණු විශාල පිපිරීමක් සමගම විදුලි සැර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අවදානම් තැනෙක ජීවත් වන දෙමාපියන්ව දැනුවත් කිරීම බලධාරීන්ගේ වගකීම, ඒ දැනුවත්වීමෙන් තමදරුවන් සන්නද්ධ කිරීම දෙමාපියන්ගේ වගකීම. කොහොමද මේතරම් වගකීම් විරහිත වන්නේ..?
හැමදේටම බලධාරීන්ට බැනලා වැඩක් නෑ. මෙවැනි විදුලි රැහැන් පවතින විට දරුවන්ට එහි භයානක කම කියලා දෙන්න බැරිද? මේකෙ සම්පූර්ණ වැරැද්ද දෙමව්පියන්ගේ...!
අපරාදෙ ඒ ජීවිත...
Shamika බලධාරීන්ට බැන්නේ නැහැ. බනිනවා කියන්නේ කුමක්ද කියා නිතර සමාජ මාධ්‍යයන්හි සැරිසරන ඔබට අවබෝධයක් ඇතැයි සිතමි... සහ මින්පෙර බලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නෝ දක්නට නොවීය... කෙසේවෙතත් බලධාරීන් කෙරේ ස්නේහයක් ඇතිවන්න නම් විශේෂ හේතුවක් ඇති කෙසේවෙතත් මම ඔබ කියන විදිහට බැන්නේ නම් නැහැ. වගකීමයි සිහිපත් කළේ. අධිබල විදුලි රැහැන් යට මහල් තුනක ඉදිකිරීමක් කරලා. එය කොහොමද සිදුවන්නේ බලධාරීන් තමවගකීම ඉටුකර නොමැති නිසා. බලධාරීන්ගේ පමණක් නොව බුද්ධිමත් සමාජයේ යුතුකමක් මෙවන් අධි අවධානම් තැනක කෙළෙසද ප්‍රවේශම්වන්නේ කියා එහි අවධානම පෙන්වා ආරක්ශිත වන ආකාරය පෙන්වාදිය යුතුයි.
අධික ජනගහනයක් ඇති ප්‍රෙද්ශ හරහා මේවා දාන එක මෝඩ වැඩක්... එක්කෝ මේවා පොළව යටින් දාන්න ඕනේ.. නැතිනම් පාළු ප්‍රෙද්ශ හරහා යන්න ඕනේ..