IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ ,බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත පදිංචි දරුවන් දෙදෙනෙකි.

බරපතල පිළිස්සුම් තුවාල ලැබූ බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත දරුවා පදිංචි තෙමහල් නිවසේ ඉහළ කොටසේ සිට එම දරුවා සහ අනෙක් දරුවා මෙන්ම තවත් දරුවෙකු විනෝදයට යවමින් සිටි සරුංගලය ඒ ආසන්නයේ පිහිටි අධිබලැති විදුලි රැහැනක පැටලී යාමෙන් අනතුරුව ඇල්මිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී එකවරම ඇසුණු විශාල පිපිරීමක් සමගම විදුලි සැර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (7)

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී

Priyantha Dissanayake Sunday, 06 October 2024 05:25 PM

මෙවන් අවදානම් තැනෙක ජීවත් වන දෙමාපියන්ව දැනුවත් කිරීම බලධාරීන්ගේ වගකීම, ඒ දැනුවත්වීමෙන් තමදරුවන් සන්නද්ධ කිරීම දෙමාපියන්ගේ වගකීම. කොහොමද මේතරම් වගකීම් විරහිත වන්නේ..?

:       9       34

shamika Sunday, 06 October 2024 06:08 PM

හැමදේටම බලධාරීන්ට බැනලා වැඩක් නෑ. මෙවැනි විදුලි රැහැන් පවතින විට දරුවන්ට එහි භයානක කම කියලා දෙන්න බැරිද? මේකෙ සම්පූර්ණ වැරැද්ද දෙමව්පියන්ගේ...!

:       0       38

Rupika Sunday, 06 October 2024 07:20 PM

ඒක ඇත්ත දැන් කාලයේ යන්තමින් අවුරුදු තුනක් පසුවෙන කොට කුමක් හෝ ටියුෂන් එකකට යවනවා. ඊළඟට මොන්ටිසෝරියකට ගිහිල්ලා පාසලට ඇතුළත් කල දවසේ සිට ශිෂ්‍යත්ව විභාගය සමත්වෙන්න දඟලනවා. සමාජය ගැන, පරිසරය ගැන, තමන්ගේ ආත්මාරක්ෂාව ගැන කිසිම දැනුමක්, අවබෝධයක් දෙන්නේ නැහැ. තමන්ගේ ගෙවත්තේ තියෙන පැළෑටි හඳුන්වා දෙන්නේ නැතිව ඒකට රූපකොළ අරගෙන දෙනවා.. (දෙමාපියන් පවා නොහඳුන නිසා එහෙම වෙන්න පුළුවන්) සමහර දරුවෝ තමන්ගේ අවට සිටින පක්ෂීන් පවා හඳුනන්නේ නැහැ. ඒත් ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා, පරිසරය ගැන දන්න දරුවෝ අසමත් වෙලා... ඕකතමයි රටේ දැනට තියෙන අධ්‍යාපන තත්වය.

:       0       26

එම්. ජංජාලනීSunday, 06 October 2024 07:26 PM

මේකෙ සම්පූර්ණ වැරැද්ද විදුලි බලය ලෝකයට හඳුන්වා දුන්නු කෙනාගේ.

:       1       8

පාසල් අධ්‍යාපන ය සහ සමාජ දැනුම නොලැබීමේන් දරුවෝ 2නැතී උනේ Sunday, 06 October 2024 08:07 PM

අපරාදෙ ඒ ජීවිත...

:       3       2

Priyantha Dissanayake Sunday, 06 October 2024 08:15 PM

Shamika බලධාරීන්ට බැන්නේ නැහැ. බනිනවා කියන්නේ කුමක්ද කියා නිතර සමාජ මාධ්‍යයන්හි සැරිසරන ඔබට අවබෝධයක් ඇතැයි සිතමි... සහ මින්පෙර බලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නෝ දක්නට නොවීය... කෙසේවෙතත් බලධාරීන් කෙරේ ස්නේහයක් ඇතිවන්න නම් විශේෂ හේතුවක් ඇති කෙසේවෙතත් මම ඔබ කියන විදිහට බැන්නේ නම් නැහැ. වගකීමයි සිහිපත් කළේ. අධිබල විදුලි රැහැන් යට මහල් තුනක ඉදිකිරීමක් කරලා. එය කොහොමද සිදුවන්නේ බලධාරීන් තමවගකීම ඉටුකර නොමැති නිසා. බලධාරීන්ගේ පමණක් නොව බුද්ධිමත් සමාජයේ යුතුකමක් මෙවන් අධි අවධානම් තැනක කෙළෙසද ප්‍රවේශම්වන්නේ කියා එහි අවධානම පෙන්වා ආරක්ශිත වන ආකාරය පෙන්වාදිය යුතුයි.

:       1       9

pakeer Monday, 07 October 2024 11:10 AM

අධික ජනගහනයක් ඇති ප්‍රෙද්ශ හරහා මේවා දාන එක මෝඩ වැඩක්... එක්කෝ මේවා පොළව යටින් දාන්න ඕනේ.. නැතිනම් පාළු ප්‍රෙද්ශ හරහා යන්න ඕනේ..

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 32 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site