මරියා වෝන් ටැප් විසින් සිය ජීවිත කතාව ආශ්‍ර‘යෙන් 1949 දී ප්‍රකාශයට පත්කරන ලද 'Story of the Trapp Family Singers' කෘතිය ඇසුරින් 1956දී රොබට් වයිස් විසින් නිර්මාණය කරන ලද ඔස්කර් සම්මාන 07ක් දිනූ 'Sound of Music' සිනමාපටයේ අනුවර්තනයක් ලෙසින් නිපදවන 'සරිගම' මහනුවර, කලාවැව, කළුතර, හපුතලේ, මස්කෙළිය, නල්ලතන්නිය, ශ්‍රීපාද අඩවිය, නුවරඑළිය, අඹේවෙල, තෙල්දෙනිය, රංගල ආදී ප්‍ර‘දේශවල රූගතකොට තිබේ.
කන්‍යා සොයුරියක් වීමේ බලාපොරොත්තුවෙන් ප්‍රසිද්ධ කන්‍යාරාමයකට ඇතුල්වී නිරීක්ෂණ කාලය ගතකරන මරියා නම් රූමත් තරුණිය සංගීතය ප්‍රියකරන ගායන කුලසතා ඇති ස්වභාව සෞන්දර්යය ප්‍රියකරන දඟකාර නමුත් ප්‍රිය මනාප අයෙකි.
ඇඟේ දඟකාරකම් හා හිතුවත්කාරකම් කන්‍යාරාමයේ අනිකුත් සොයුරියන්ට මෙන්ම ප්‍රධාන පාලිකා මවුතුමියටද ගැටලුවක් වෙයි. බිරිඳ මියගොස් සිටින දරුවන් හත් දෙනෙකුගේ පියෙකු වන විශ්‍රාමික නාවික කපිතාන් කෙනෙකුගේ දරුවන් බලාගැනීමට පාලිකාවක් ඉල්ලා කන්‍යාරාමයෙන් කර ඇති ඉල්ලීමකට අනුව මරියා කන්‍යාරාමයෙන් පිටත්කර හරී. දරුවන්ගේ දඟකාරකම් හා කපිතාන්ගේ දරදඬු පාලනය නිසා පාලිකාවන් වැඩි දිනක් රැඳෙන්නේ නැති වුවද, මරියාගේ මිත්‍රශීලී හා කෙළිලොල් විලාසයට දරුවන් කැමති වෙයි. මරියා දරුවන්ට සංගීතය කියා දෙයි.
ධනවත් කාන්තාවක් සමග නැවත විවාහ වීමට කපිතාන් කටයුතු සූදානම්කර තිබුණද මරියාගේ හැසිරීම් රටාව කපිතාන්ගේ ආදරයට ලක්වීමට තරම් සුවිශේෂී වෙයි.
තිර රචනය හා අධ්‍යක්ෂණය - ආචාර්ය සෝමරත්න දිසානායක
නිෂ්පාදනය හා කළමනාකරණය - රේණුකා බාලසූරිය
කැමරාකරණය - විශ්ව බාලසූරිය
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
සංස්කරණය - අජිත් රාමනායක
සහය අධ්‍යක්ෂණය - දමින්ද මඩවල, චාමර සේලාර
කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න
වේෂ නිරූපණය - විදුර අබේධීර
ගීත රචනය - ආචාර්ය සෝමරත්න දිසානායක
ගායන - නන්දා මාලනී, එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, සශිකා නිසංසලා
ශබ්ද පරිපාලනය - ප්‍රියන්ත කළුආරච්චි
ඇඳුම් නිර්මාණය - මෙත්නුවන් විජේසිංහ
පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග - කසුන් මලින්ද





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd