බදුල්ල දිස්ත‍්‍රික්කයේ ජෛව විවිධත්වයෙන් ඉහළ වටිනාකමකින් යුත් සොරගුණේ රක්ෂිතය අනවසරයෙන් එළි පෙහෙළි කිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කර තිබූ රීට් පෙත්සම සලකා බැලූ අභියචනාධිකරණය වග උත්තරුකරුවන්ට මාර්තු 2 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කළේය.
පෙත්සම විජිත් මළල්ගොඩ සහ දේවිකා ලිවේරා ද තෙන්නකෝන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සළකා බැලිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ දී පුලිකතලා විහාරායේ නෙල්ලිවේල සුමේධාලංකාර හිමි, කොටවෙහෙර මංකඩ ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් ගොනු කැරුණු මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්, මධ්‍යම පරිසරික අධිකාරිය, කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්, ඉඩම් කොමසාරිස් ඇතුළු නව දෙනෙකු නම් කර ලැබ සිටිති.
පෙත්සමේ මෙසේ ද සඳහන්ය. බදුල්ල දිස්ති‍්‍රක්කයේ අක්කර 50 ක වපසරියකින් යුත් සොරගුණේ වන රක්ෂිතයකි. අට වන වග උත්තරකාර එම්.කේ සිරිසේන (8) නැමැත්තා විසින් හෙළි කරමින් සිටීයි. මේ හේතුවෙන් ජෛව විවිධත්වයෙන් ඉහළ රක්ෂිතයේ විනාශ මුඛයට පත් වෙමින් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ හැමතැනම වගේ තත්ත්වය මෙයයි (නි)
මේතරම් අමිල පරිසරයක් ඇති පුංචි රටට මේවායේ වටිනාකම දන්නා අය නැතිවීම අවාසනාවකි (නි)
අපේ රටේ බොහොමයක් පරිසර නඩු විසදා අවසන් වීමට පෙර සමතයකට එනවා . මෙම නඩුවට එසේ උනේ නැතිනම් අනාගතයට පාඩමක් වේවි. (ර)