IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


'සොරගුණේ රක්ෂිතයේ සොරුන් පන්නා දමනු'

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ජෛව විවිධත්වයෙන් ඉහළ වටිනාකමකින් යුත් සොරගුණේ රක්ෂිතය අනවසරයෙන් එළි පෙහෙළි කිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කර තිබූ රීට් පෙත්සම සලකා බැලූ අභියචනාධිකරණය වග උත්තරුකරුවන්ට මාර්තු 2 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කළේය.

පෙත්සම විජිත් මළල්ගොඩ සහ දේවිකා ලිවේරා ද තෙන්නකෝන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල  හමුවේ සළකා බැලිණි.

පාරිසරික යුක්ති කේන්ද්‍රයේ දී පුලිකතලා විහාරායේ නෙල්ලිවේල සුමේධාලංකාර හිමි, කොටවෙහෙර මංකඩ ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් ගොනු කැරුණු මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල්, මධ්‍යම පරිසරික අධිකාරිය, කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්, ඉඩම් කොමසාරිස් ඇතුළු නව දෙනෙකු නම් කර ලැබ සිටිති.

පෙත්සමේ මෙසේ ද සඳහන්ය. බදුල්ල දිස්ති‍්‍රක්කයේ අක්කර 50 ක වපසරියකින් යුත් සොරගුණේ වන රක්ෂිතයකි. අට වන වග උත්තරකාර එම්.කේ සිරිසේන (8)  නැමැත්තා විසින් හෙළි කරමින් සිටීයි. මේ හේතුවෙන් ජෛව විවිධත්වයෙන් ඉහළ රක්ෂිතයේ විනාශ මුඛයට පත් වෙමින් තිබේ.

                



අදහස් (0)

'සොරගුණේ රක්ෂිතයේ සොරුන් පන්නා දමනු'

ඇන්ටන් Wednesday, 13 January 2016 04:22 PM

අද රටේ හැමතැනම වගේ තත්ත්වය මෙයයි (නි)

:       0       0

අතුල Wednesday, 13 January 2016 05:06 PM

මේතරම් අමිල පරිසරයක් ඇති පුංචි රටට මේවායේ වටිනාකම දන්නා අය නැතිවීම අවාසනාවකි (නි)

:       0       0

ආරියපාල හේවගේ Wednesday, 13 January 2016 01:06 PM

අපේ රටේ බොහොමයක් පරිසර නඩු විසදා අවසන් වීමට පෙර සමතයකට එනවා . මෙම නඩුවට එසේ උනේ නැතිනම් අනාගතයට පාඩමක් වේවි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site