ඉකුත් ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයත්වය අහෝසි කිරීමට ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම මාර්තු 06 වැනි දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කළේය.
ප්‍රිසාත් ඩෙප්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.
විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා පෙත්සම් විභාගයෙන් ඉවත් විය.
සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත්, ජාතික නිදහස් පෙරමුණ, එහි මහ ලේකම්, මැතිවරණ කොමසාරි සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා ගැන හොයල බලන්න. මොකද තමන්ගේ එකානේ. (නදී)
කටුසු දේශපාලනය සහ අන්ධ නීතීය (දිල්)