(රංජන් කස්තුරි)
 
අධ්‍යාපන අමත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ‘සුරක්ෂා’ රක්ෂණය මගින් මේ වනවිට රුපියල් කෝටි 134ක මුදලක් ප්‍රතිලාභ ලෙස ගෙවා ඇතැයි එම අමාත්‍යංශය කියයි.
 
‘සුරක්ෂා’ රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉල්ලීම් 29,000ක් ලැබී තිබූ බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
 
‘සුරක්ෂා’ රක්ෂණය යටතේ රජයේ පාසල් පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුන්ට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සෞඛ්‍ය, ජීවිත හා අනතුරු රක්ෂණාවරණ හිමිවේ.