රුපියල් තුන්කෝටි හැත්තෑතුන් ලක්ෂයකට ආසන්න මුදලක් වෙනුවෙන් අගරු චෙක්පත් 71 ක් ලබාදී චංචාකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ව්‍යාපාරිකයා අසනීපව රෝහල්ගතවී ප‍්‍රතිකාර ලබන්නේ නම් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන ලෙස කඩුවෙල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා ඇපකරුවනට නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංක 5 ඒකකයෙන් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ලේ සැකකරුවූයේ බත්තරමුල්ල පැලවත්තේ රංජිත් කාරියවසම් නොහොත් සිරිකොඩි මුදලාලිය.
බත්තරමුල්ල පැලවත්තේ වීරක්කොඩිගේ පියරත්න නම් පොල් හා රබර් වැවිලිකරුවකුවන ව්‍යාපාරිකයකු විසින් 2012 10 26 වැනිදින ඉදිරිපත් කළ පැමිනිල්ලක් මත පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව විත්තිකාර ව්‍යාපාරිකයා ඉකුත් නඩු දිනයකදී අධීකරණය හමුවට පැමිණවූ අවස්ථාවේදී රුපියල් කෝටිය බැගින්වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණි. එසේම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කැරිණි.
පැමිනිලිකාර ව්‍යාපාරිකයා දන්නා අදුනන මල්දෙණිය නැමැත්තකු සමග සැකකාර සිරිකොඩි මුදලාලි 2011 ජූලි මාසයේ දිනක පැමිණ හමුවී සැකකාර ව්‍යාපාරිකයා රජයේ ආයතනවලට ආහාර ද්‍රව්‍ය සැපයීමේ යෙදෙන අයකු ලෙස හදුන්වා දී ඇති බවත් රජයේ ආයතන හා හමුදා කදවුරු රැසකින් ඇණවුම් ලැබී ඇතත් ඒ සදහා අවශ්‍ය තරම් මුදල් තැනි බැවින් මෙම ව්‍යාපාර සදහා මුදල් ආයෝජනය කරන ලෙසට ඉල්ලා ඇති බව පරීක්ෂණයේදී හෙළිවූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.
ආයෝජනය කරන මුදලට මාසිකව සියයට අටක කොමිස් ගෙවීමට හැකි බව දැන්වීමෙන් පසුව වාචික ගිවිසුම් මත මුදල් ලබා දී ඇති බවද හෙළිවී ඇත. ඒ අනුව 2011 ජූලි සිට 2012 ජූනි දක්වා කාලයේදී පැමිණිළිකරු විසින් රුපියල් කෝටි හතක පමණ මුදලක් ලබාදී ඇති අතර එසේ ලබාදුන් මුදල් හා කොමිස් මුදල් නියමිත පරිදි ගෙවීම් කර විශ්වාසය ගොඩනගා ගැනීමෙන් පසු ගණුදෙනු සිදුවී ඇතැයිද අනතුරුව 2012 ජූලි හා අගෝස්තු මාසවලදී රුපියල් තුන්කෝටි හැත්තෑතුන් ලක්ෂ හතලිස් එක්දහස් දෙසිය අනූඅටක මුදලක් වෙනුවෙන් චෙක්පත් 71 ක් ලබා දී ඇති අතර එසේ ලබාදුන් චෙක්පත් 71 න් හතක් ගිණුම් හිමියා විසින් ගෙවීම් නතර කර ඇති බවත් සෙසු චෙක්පත් 64 ගිණුමේ මුදල් නොමැතිවීම නිසා අගරු වී ඇතැයි ද පැමිනිල්ලේ සදහන්වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේ සැකකාර ව්‍යාපාරිකයා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහුගේ ඇපකරුවන් වන බිරිය දියණිිය හා තවත් අයෙක් අධිකරණයේ පෙනී සිටි අතර සැකකරු රෝගාතුරව ප‍්‍රතිකාර ලබමින් පසුවන බවට ලේඛනයක් සැකකරුගේ නීතිඥ නලීන්ද්‍ර ඉන්ද්‍රතිස්ස මහතා මගින් ඉදිරිපත් කරනු ලැබීය. නිසි වෛද්‍ය වාර්තාව ඊළග නඩු දිනයේදී ඉදිරිපත් කරන බවට ඒ මහතා සදහන් කරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරු හා මෙම මුදල් ගණුදෙනුවට සම්බන්ධ තවත් පුද්ගලයෙක් සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වන බවත් බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබා ගැනීමට කටයුතු කරන බවටත් දැනුම් දුන්නේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග එන්. ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරුන් වන හේමන්ත ගමගේ හා අනුර ද සිල්වා මහත්වරු පෙනී සිටි අතර සැකකරු ඇප ලබා සිටියදී ඒ ආකාරයේ තවත් වරදක් කිරීම ඇප පනත යටතේ ඇප ප‍්‍රතික්ෂේප කල හැකි තත්ත්වයේ බරපතල සිදුවීමකැයි පෙන්වා දුන් අතර අගතියට පත් පාර්ශවයට ඒ සදහා ඉල්ලීමක් කළ නොහැකිවුවත් ඒ සදහා පැමිනිල්ලට ඉල්ලීමක් කිරීමේ අවකාශයක් ඇති බවට සදහන් කරනු ලැබීය.
සැකකරු ඇප ලැබීමෙන් පසු වරදක් කර නැති බව ඔහුගේ නීතිඥවරු කරුණු දැක්වූහ.
ඉදිරිපත් කෙරුනු කරුනු සලකා බැලූ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් යළි විභාගය 2014 පෙබරවාරි මස 6 වැනිදාට කල් තබනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගනුදෙනුව හිතාගන්න අමාරුයිනේ (නි)
අය්යෝ සල්ලි (අ)
බුදු අම්මෝ! මාර පොළියක්නේ? මාසෙට 8% කියන්නේ අවුරුද්දට 96% ක්. ඒ කියන්නේ කෝටි 7 ට තව කෝටි 7 ක පොලියක් වසරකට. සක්විති හොඳයිනේ. (නි)
මේක නම් මඩ ගෙහිල්ලක් ....සල්ලි තිබ්බට මදි මොළෙත් තියෙන්න ඕනේ.. (අ)
ගිනි පොලියට දීල.....පත්තරෙත් දාලනේ මේ ගොනා..(අ).
මහත්තයෝ, කොහොමද ඔහොම කෝටි ගණන් කට වචනෙට දෙන්නේ? (නි)
මේක කොහොමද නඩුවක් වෙන්නේ? මේක සිවිල් ප්‍රශ්නයක්නේ.පොලියට දෙන්න මෙයා බැංකුවක්ද? (නි)
අපි සිරිකොඩි මුදලාලිට සදා ණයගැතියි.අපි කොරියන් කොල්ලෝ. (නි)
කව්ද කට වචනෙට කෝටි ගණන් සල්ලි දෙන්නේ. මේ වගේ හරක් තවත් ලංකාවේ ඉන්නවා නම් මටත් සෙට් කරලා දෙන්න. අනේ මේකද අස්චාර්ය කියන්නේ. පොලියට දීලා මිනිස්සුන්ගේ සල්ලි හුරන් කන අයට ඔහොම වෙලා මදි. මන් මෙහෙම ගිනි පොලි කාරයෙක් දැක්කාමයි. කෝටියක් 96 පොලියට අරන් ගෙවන්න තවත් කෝටියක් එපායැ. තවත් කොට්යක් තියෙනවා නම් ඇයි මෙයාගෙන් ගන්නේ. (නදී)
බඩගින්නට නිමාවක්... හැකියාවට රැකියාවක්... කටවචනෙට සල්ලි දෙන කෙනෙක්... (නි)
අනේ පින් පොන් මාමේ මටත් කෝටියක් දෙන්නකෝ චෙක් එකක් දෙන්නම් (අ0
සිරිකොදී මුදලාලි ගැන මම හොදට දන්නවා.අපේ සිරිකොඩි මුදලාලිට බුදු සරණයි. සිරිකොඩි මුදලාලි දෙව්යෙක්. (නි)
මෙයා ඒ කියන්නේ කෝටි 6 කටත් වැඩ පොලිය අරගෙන තියනවා නේ /එහෙනම් මේ තියෙන්නෙත් පොලියම තමයි අනිවා.....ඉතින් දෙයියනේ ඔය සල්ලි දුන්නා කියන එකා නේ වංචාව කරලා තියෙන්නේ.පොලියත් අරගෙන මුදලත් අරගෙන තවත් පොලියට දීල නඩුත් දාල පත්තරෙත් දාල..ලේජ්ජ නැතුව.....පව් මේ අහිංසක මිනිස්සු....(අ).
මෙයා එක්කෝ කළු සල්ලිකාරයෙක්.නැත්තම් කට වචනෙකට සල්ලි දෙයිද? සල්ලි වල වටිනාකමක් දන්නා මිනිහෙක්.මහන්සියෙන් උපයපු සල්ලි නම් වෙන්න විදිහක් නැහැ වගේ (නි)
නීතියෙන් මේ වගේ පොළීකාරයන්ට නිසි දඬුවම් දෙන්න ඕනෑ.නැත්තම් තවත් අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දානවා.අම්මපා මෙහෙමත් ලෝකයක්! (නි)
කෝටි තුනෙන් දෙගුණයක් පොළිත් අරගෙනනේ මේ පොළී මුදලාලි....///. හරියට නඩු කිව්වොත් පොළී මුදලාලිට බුදු සරණයි. (නි)
කට වචනයට කෝටි 7ක් ගත් එකම මිනිහා සිරිකොඩි මුදලාලි වෙන්න ඕනෑ....මේක පත්තරේ දාලා මදි මේක ගිනස් වාර්තාවක්....මේක ගිනස් පොතටත් දාන්න ඕනෑ... (නි)
මුලින්ම මෙයා ආදායම් බදු ගෙවලද බලන්න. (නි)
සිරිකොඩි ට සුදු කොඩි(නදී)
ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩද? සල්ලි වල තණ්හාවට ගියාම ඕවා තමා වෙන්නේ. (නි)
මෙයා පොළී අරගෙන තිබෙන විදිහට මිනිස්සු ලෙඩ වෙලා බේරිලා ඉන්නවා පුදුමයක්.මාර ගිනි පොළියක්නේ? (නි)
කව්ද බොලේ කට වචනෙන් ගිවිසුම් ගහන්න දන්නේ මටත් කියල දෙන්නකෝ ..(නදී).
ඔබගේ ව්‍යාපාරයට මුදල් අවශ්‍යද?එසේ නම් දැන්ම අමතන්න. ප්‍රියරත්න මුදලාලිට... (නි)
අනේ මහත්තයෝ, මටත් කෝටියක් දෙන්නකෝ (නි)
මට නම් මේ දෙන්නම එකයි. එකම අරමුණු සහිත දෙන්නෙක්. එක් කෙනෙක් ඉස්සර වෙලා තියෙනවා. (ස)
සිරිකොඩි මුදලාලිගේ කොඩිය ඉහළට ,ජයවේවා...! (නි)
මානෙල් සුවඳමය............. පෝලියෝ පිළී ගඳමය .......... මේ ඇත්තේ පොළීමය........... ගහන්න ඕනෑ හෙණමය...... (නි)
නිධානයක්වත් හොරකම් කළාද මහත්තයෝ මෙච්චර සල්ලි....? ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැහැ කියන්නේ බොරු නේ. (නි)
පොලියට දුන්නා කියලා මෙයා පත්තරේට ෆොටෝ එකකුත් දාලා තිබුනා මං දැක්කා. (නි)....
මේ ගිනිපොළියට දෙන්න ඕනෑ බෝතල් පාරක්. (නි)
හරියට නඩු කිව්වොත් පොළී මුදලාලිට දෙන දඬුවම සක්විතිගේ දඬුවමට හපන් වෙන්න ඕනෑ (නි).
අම්මපා! අද කාලේ මිනිහෙක්ගෙන් රු1000ක් ඉල්ලගන්න තිබෙන අමාරුවක්.....? එහෙම එකේ කෝටි ගණන් කට වචනෙකට දෙන අය ඉන්නවද? (නි)
මෙහෙම කෙනෙක් කොහොමද ව්‍යාපාර කරන්නේ? (නි)
මානෙල් සුවඳමය... පොලියෝ පොලී ගඳමය..... මේ ඇත්තෙ පොලීමය..... මොහුට වදින්න ඕන හෙණමය... (ස)