ඉන්දියාවේ සිව් දින නිල සංචාරයේ යෙදෙන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔහුගේ බිරිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ ඓතිහාසික බුද්ධගයාව වැඳ පුදා ගත්තේය.
මහාබෝධි විහාරාධිපති පැල්වත්තේ සීවලී හිමියෝ ජනපති ඇතුළු පිරිසට වන්දනා මාන සඳහා කටයුතු සම්පාදනය කළහ.
මහාබෝධි විහාර භූමියේ පිහිටි අනගාරික ධර්මපාල පිළිරුව ජනපති මල් දමින් සැරැසීය. අශෝක ස්ථම්භයේ අනුරුවක් සීවලී හිමියෝ ජනපතිට තිලිණ කළහ.මහා බෝධි විහාරයට පැමිණ සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සමඟ ද ජනපති කතාබහ කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd