
‘මහාමාරිය’ බියක් හේතුවෙන්, රුසියාවට අයත් සයිබීරියාවේ ඉර්කුට්ස්ක් පළාතේ රෝහල් පහක් වසා දැමීමටත්, එම රෝහල්වල වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පවා කඩිනමින් නිරෝධායනය කිරීමටත් සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.
මහාමාරිය යනු ‘යෙර්සීනියා පෙස්ටිස්’ නමැති බැක්ටීරියාව හේතුවෙන් බෝවන රෝගී තත්ත්වයකි. නිසි ප්‍රතිකාර නොකළහොත් මෙය මාරාන්තික වෙයි.
ඉර්කුට්ස්ක් ප්‍රදේශයේ රසායනාගාරයකින්, ‘මහාමාරිය’ කාන්දු වීමක් සිදුවුණු බව මේ වනවිට ආනාවරණය වී ඇත.
එසේ සිදුවී ඇත්තේ එම රසායනාගාරයේ සේවය කළ ඩාරියා ෂිපිලෝවා නමැති 28 හැවිරිදි රසායනාගාර ශිල්පිනිය අතිනි. පරීක්ෂණ සඳහා නියැදි එකතු කරමින් සිටියදී, ෂිපිලෝවා අතින්, සජීවී බැක්ටීරියා අඩංගු පරීක්ෂණ නළයක් අත්වැරදීමකින් බිඳී යෑමන් ‘මහාමාරිය’ කාන්දුව සිදුවුණු බව පැවැසෙයි.
අසාධ්‍ය ලෙස රෝගී වී, දැඩි නියුමෝනියා ලක්ෂණ පෙන්නුම් කළ ෂිපිලෝවා රෝහල්ගත කෙරුණු අතර ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී ජීවිතක්ෂයට පත්වූවාය.
ෂිපිලෝවා සමග සම්බන්ධතා පැවැත්විය හැකි යැයි සැලකෙන පුද්ගලයන් 200කට අධික පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති අතර, ඉර්කුට්ස්ක් පළාතේ මහජන උත්සව සියල්ල ද මේ වනවිට අවලංගු කර තිබේ.
මේ අතර, ෂිපිලෝවා මෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රෝගීවූවන් පස් දෙනකු හමුවී ඇති අතර, වසා දමා ඇත්තේ එම රෝගීන් හමුවුණු රෝහල් බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd