සුපිරි "ඛාන්" නළුවෙකු නොවුණද බොලිවුඩයේ ජනප්‍රියතම නළුවන් අතරේ හිණිපෙත්තේම සිටින සායිෆ් අලී ඛාන් පිළිබඳව පසුගිය කාලයේ නොයෙකුත් මාතෘකා ඔස්සේ තොරතුරු වාර්තා වුණා. මේ දිනවල ඔහු සිය දකුණු අතේ මැදඇඟිල්ලේ ශල්‍යකර්මයකට මුහුණදී සිටින බවට තොරතුරු ලැබෙනවා. ඔහු මෙසේ ශල්‍යකර්මයකට මුහුණ දී ඇත්තේ ඔහු රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය වූ "රැන්ගොන්"හි රූපගත කිරීමක් අතරතුරදී සිදුවු අනතුරක් නිසාවෙන් බව සඳහන්.
මෙම ශල්‍යකර්මය මුම්බායි නගරයේ පිහිටි "කෝකිලා අම්බානි" පෞද්ගලික රෝහලේ සිදුකර ඇති අතර, සති කිහිපයක් ඔහුට මේ වෙනුවෙන් විවේකීව සිටීමට වෛද්‍යවරුන්ගේ උපදෙස් ලැබී තිබෙන බවද වාර්තා වෙනවා. පසුගියදා ප්‍රංශයේ "මැඩ්රිඩ්" නගරයේ පැවැති "අයිෆා" සිනමා සම්මාන උලෙළටද සායිෆ්ට මෙම කාරණය නිසාවෙන් සහභාගී වීමට නොහැකි වුණා.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සායිෆ්ට ශල්‍ය කර්මයක්