උසාවියට අපහාස කිරීමේ නඩුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප දුන් නමුත් සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමියන් බදාදා (10) දක්වා හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
ඥානසාර හිමියනට ඇප දිය හැකිදැයි බදාදා සළකා බලන බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
රිමාන්ඩ් කිරීමෙන් පසු ඥානසාර හිමියන් බන්ධනාගාර රියට ගොඩවූයේ ‘සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා‘ යන ගාථා පාඨය කියමිනි.
ඡායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාලේ මස් වැද්දා වගේ උඩ පනිනකොට "සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා" වගේ ගාථා මතක්වෙන්න නැතිව ඇති මෙයාට. (කෞ)
සතියකට දෙකකට බුදු බණත් මතක් වෙලා වගේ. (ම)
නඩුකාරය දැන් මේක දුර අරගෙන්න යන්න වගේ . මේක හින්ද තමයි අපිට පිට රටින් නඩු කාරයෝ ඕනෑ කියන්නේ . හාමුදුරුවන්න්ට මෙහෙම කොරානම්, අපිට කොහොම කොරයිද.(කෞ)
යමෙකු සිය ජාතිය, ධනය සහ කුලය ගැන අධි මානසිකත්වයකින් පෙළෙයිද එම පුද්ගලයා විනාශ මුඛයට පැමිණේ - පරාභව සුත්‍රය (ර)
සමහර වෙලාවට මේ හාමුදුරුවන් වහන්සේගේ හැසිරීම හරිම ආවේගශීලියි .. ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේත් මේ සේවයම කළා, සිවුරේ ගෞරවය රැක ගෙන. (ර)
ලිඳේ ඉන්න ගෙම්බන්ට මුන්නාන්සේගේ වටිනාකම් තේරෙන්නේ නෑ. (ර)
සත්‍යපාල , මමත් දැක්කා. (ර)
අනේ ඥාණසාර හිමියන්ට වෙච්ච දෙයක්.(හේ)
නැගෙන හිර පැත්තට ගිහින්ම ඇවිත් හාමුදුරුවන්ට විරුද්දව කතා කරමු . නැතිනම් කිසිවක් නොකිය ඉන්න .(මොකද රටේ තොටේ වෙන දේවල් දන්නේ නැතිව කොමෙන්ට් දාන එක සදාචාර නැති නිසා ) (කෞ)
හාමුදුරුවෝ නිවනට කටයුතු කළ යුතුයි..(ම)
අහෝ ඥානසාර නොදුටි මොක්පුර (කෞ)
බණ්ඩා ඔන්න දැක්කද රිමාන් කරන විදිහ තර්ජනය කරා කියල තව දවසකට ඇතුලට දැම්ම දැන් කට්ටියට සනීප ඇති නේද(කෞ)
හාමුදුරුවනේ, ඔය ජාතිවාදයත් ආගම් බේදත් නැති කරගෙන රට හදන්න. රටේ සියලුම ජාතීන්ට එක්ව සිටිය හැකි රටක් ගොඩනගන්න ඕකෙන් එළියට ආවහම (නි)
අද නම් හාමුදුරුවරුන්ගේ හැසිරීම හොඳයි, උසාවියට පින්සිද්ධ වෙන්න. (නි)
පාලිත කියන කෙනා පිට රටක ජීවත්වුණ කෙනෙක් නෙවි වගේ. ඒකනිසා ලෝකය ගැන දන්නේ නෑ..... මනුස්ස ජාතියට සමානව සලකන රටක් වෙන්න පුලුවන්නම් මා උපන් ලංකාව ගැන සිංහල බෞද්ධයෙක් ලෙස ආඩම්බරයක් ඇතිවේවි. (ර)
හෙට ඇප ලැබෙයි බොහෝ විට.(හේ)
කාට කාටත් මේක හොඳ පාඩමක්.(හේ)
වීර පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, මද්දුම බණ්ඩාර, අනගාරික ධර්මපාලතුමා, වැලිවිටියේ සෝරත හාමුදුරුවෝ, වලිසිංහ හරිශ්චන්ද්‍ර, දී.බී. ජයතිලකතුමා අද හිටියා නම් මොනවා වෙයිද? (නි)
ඇප දෙන්න එපා ...(හේ)
හාමුදුරුවෝ අධිකරණයට ගෞරව කළයුතුව තිබුනා. නඩුකාරය කියන්නෙත් මේ රටේ පුරවැසියෙක්. නීතිය සැමට පොදුද කියලා අපි අහනවා. (හේ)
මේ හාමුදුරුවො ගැන මට නම් හදවතින්ම ආඩම්බරයි (නි)
අවම බලයද මේ? (ම)
හෙට අනිද්දා වෙද්දී තව තව මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
එදා තීන්දුව දෙනකොට එක්නැලිගොඩ සිද්ධියටත් එක්කම තීන්දුව දුන්නා නම් අපි සතුටුයි (නි)
හාමුදුරුවන්ගෙත් වැරදි තියෙනව තමයි, ඒත් අද බෞද්ධයන්ගෙ අයිතිය ආරක්ෂා කරන්න වෙන කවුරුවත් නෑ. ඉතින් ඒක නිසා අපි මෙතනදි ඥානසාර හාමුදුරුවන්ගෙ පැත්ත ගන්න වෙනවා. (ර)
පතිරණ නිදාගෙන ඉදල නැගිටලා වගේ අදහස් පල කරන්න එපා. ඔයා එම සිදුවීම සිදුඋන තැන දන්නවාද? (ර)
තමන්ගේ ජාතික නායකයන්ව, අන් ජාතිකයන් කිසිදිනෙක විවේචනය නොකරති. මා ද, සිංහල නමුත්, වර්තමානයේ සිටිනා බහුතරයක් සිංහලයන් ගැන දැනෙන්නේ බලවත් කනගාටුවකි. අන් ජාතිකයන් දේශපාලකයෝ උන්ගේ මිනිස්සු ගැන කතා කරති. වැඩ කරති.සිංහලයන් ගැන හඬක් අවදි කරන එකදු දේශපාලකයෙක් සිටීද ? මෙවන් වාතාවරණයකදී, අපේ උතුම් බුදු පුතුන් රැක ගැනීමට සිංහලයෝ දන්නේ නැත. අපේ අය , අවස්ථාවාදී දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ වෙනුවෙන් දිවි නොතකා වැඩ කරති. (ර)
අර උතුරේ ඊළම සදහා ඉල්ලීමත් ඔය ගමන් සලකල බැලුවනම් හරි. දැන් මෙයාලගේ කට වැහිලා නිසා වැඩේ ලේසියි. (ර)
කවුරු කවුරුත් මතක තියාගන්න. මේ හාමුදුරුවෝ එළියට බැස්සේ සුපිරි පන්සල්වල සැතපෙමින්, බෙන්ස් කාර්වල වඩිමින්, රස මසවුළු වළඳමින් සමහරු නිවන් සොයන මොහොතක. උතුරේ කඳවුරු එකින් එක ගළවමින්, හමුදාවේ රහස් ඔත්තු අංශවල නිලධාරින් එකිනෙකා කූඩුකරන මොහොතක. මේ හාමුදුරුවෝ ඒ සඳහා සටන් කළ විලාශය ලස්සන නැති වුණත් කළ සටන නිවැරදියි. (නි)
ඕනවට වඩා කෑගහන කාටත් හොඳ පාඩමක් මේක. (ර)
දැන් තමයි නිදුක් වේවා කියන්න මතක්වෙලා තියෙන්නේ. කලින් නම් කිව්වේ අබ සරණයි කියලා. (නි)
නිවන සොයා ගෙන ගියා නම්, හිරේ යන්න වෙන එකක් නැහැ මගේ හිතේ??? (ම)
මේවායෙන් වෙන්නේ උන්වහන්සේගේ පන්නරය වැඩිවීම පමණයි (නි)
අර විප්ලව කරද්දී පාවිච්චි කළ ඇපල් වර්ගයේ ස්මාට් ෆෝන් එකත් අරගෙනද හිරේට ගියේ? අපිට කොයින්ද ඇපල් ෆෝන්? (නි)
සබ්බේ පෘත්ග්ජනා උම්මත්තකා! (නි)
එළියේ ඉන්න කොට මේ ගාථාව අමතක වෙලාද තිබුණේ ?? (ම)
සුරේෂ්, සත්‍යපාල, නිමල් ලලිත් ඔබගේ ප්‍රකාශ වලට මම එකඟයි (නි)
හාමුදුරුවෝ පුදුම තරම් සන්සුන් වෙලානේ (නි)
මිණිකැට යට ගිහින් ගොමරිටි උඩ එනවා. මානව හිමිකම් රැකෙන වාතාවරණය හදපු අය හිරේ දානවා. (නි)
කයිවාරු කියවන අය වැජබෙනවා, දිවි පරදුවට තබා නිදහස රැක දුන් නායකයන් රට යනවා.(කෞ)
ඥානසාර හිමියන්ට අපහාස කරන කට්ටිය,යහපාලන කට්ටියෛ මෙවැනි ප්‍රකාස කරන්න ඉස්සෙල්ල ,මන්නාරම, අක්කරේ පත්තුව, කාත්තන්කුඩිය නැතිනම් විල්පත්තුවේ විනාස කරපු වනය දිහා බලල මේ වගේ ප්‍රකාස කලොත් හොඳි. එහෙ යත නොහැකිනම් කොළොඹ මහා නගර සීමාව වටා ගොස් බලන්න. නිකන් ලින් ගෙම්බෝ වගේ වෙන්න එපා (කෞ)
වැඩි හරියක් මෝඩ අදහස් දාන්නේ ලංකාවේ ඉන්න අය නෙමෙයි. මොකද ඩුබායි, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉඳලා ලංකාවේ උතුරු නැගෙනහිර වෙන දෙවල් දකින්නේ කොහොමද එයාලා (නි)
වෛරය සිත්හී දරාගෙන, අනුනට හිරිහැර වන අයුරින්ද, අපහාස කරමින්ද, නීතිගරුක නොවමින්ද, චන්ඩියෙකු මෙන් හැසිරෙමින්ද , ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනයකරමින් හිමිනමක් කියන පුද්ගලයෙක් , තමා සම්මතයේ නොපිහිටා . මෙවැනි උතුම් ගාථා පාඨ දෙසීම විහිළුවකි. මොවුනට දානය පිරිනැමීමද පාපයකි.(කෞ)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මේ ගාථා පාඨය කලින් දැනගෙන උන්නේ නැද්ද?(කෞ)
අනෙක් අයව බය කරන්න තමයි මෙහෙම කරන්නේ .එතකොට ජඩ ..පාලනේ ගෙනියන්න ලෙහෙසියි .(කෞ)
එතකොට ඇයි මේ නීති දෙකක්. හිරුණිකත් තර්ජනය කළේ නැදිද පැහැරගෙන ගිහින්?(කෞ)
මෙතුමාට "ජාතිකත්වයක්" තිබෙනවා. තම වාසියට රට පාවාදෙමින් විජාතික ජාත්‍යන්තර බලවේග හා එක්වසිටින අවස්ථාවාදීන් එය "ජාතිවාදය" ලෙස හුවාදක්වන්න කෙතරම් උත්සහ කළත් එය අසාර්ථකයි. ජනතාව අවදියෙන්. දැන් ජනතාව ගොනාට අන්දන්න පුළුවන් කාලේ පහුවුණා. (නි)
ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී වරප්‍රසාද තිබෙනවා. පහුගිය කාලේ එක ඇමති කෙනෙකුත් ඇමතිවරු කවදාද උසාවි ගියේ කියලා කිව්වේ ඒ නිසයි. මේ හිමියන් හෝ දේශපාලන පවුල්වල අයට ඒ වරප්‍රසාද හිමි නැහැ. ඒක තමයි නීතිය. (නි)
සුරේෂ් කියන එක සම්පූර්ණ ඇත්ත. (නි)