(ට්‍රික්සි කොන්ස්ටන්)
සියලුම ජාතීන් නියෝජනය කරන වෙළෙන්ඳන්ට ලබන 23 වැනිදා තෙක් දංකොටුව පොදු වෙළදපොළෙහි කිසිදු බාධාවකින් තොරව වෙළඳම් කටයුතු සිදුකිරීමට ඉඩ සලසන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද ( 28) නියෝග කළේය.
මුස්ලිම් ව්‍යාපාරිකයන්ට දංකොටුව පොදු වෙළෙඳපොළෙහි වෙළඳාම් කටයුතු කිරීම තාවකාලිකව නතර කරන ලෙස නියෝග කරමින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ වී සුසන්ත පෙරේරා මහතා නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් දංකොටුව පොලිසියට පැමිණිල්ලි ලැබී තිබිණි.
එම පැමිණිලි සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා (25) පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සභාපතිවරයාට සහ පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයින්ට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.
ඒ අනුව සභාපතිවරයා ඇතුළු පිරිස අද අධිකරණයේ පෙනී සිටි අතර සභාපතිවරයාගේ නීතීඥවරුන් දැන්වූයේ පොලිසිය ඉදිරිපත් කර ඇති කරුණු අනුව අධිකරණයේ විභාගයක් පවත්වාගෙන යාමට හැකියාවක් නැති බවයි.
දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා 23 වැනිදාට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයට නියෝග කළේය. ඒ වන තුරු වෙළඳුන්ට බාධාවකින් තොරව වෙළඳාම් කටයුතු කරගෙන යාමට ඉඩ සලසන ලෙස ද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බඩු මිලට ගැනීමේදී සිංහලයාට පමණක් මුල් තැන දෙමු...
රෙද්ද පල්ලෙන් බේරෙන සංහිඳියාව. මහ එවුන් මුකුත් කරන්නේ නැතිනිසා පොඩි එවුන් උන්ට පුලුවන් විදිහට හරි මුන්ව කොන් කරලා දානවා. ඒකටත් කෙලිනවා.
1983 මංකොල්ල කෑවා දෙමළ.. 2019 මිනුවන්ගොඩ මංකොල්ල කෑවා මුස්ලිම්...
කළයුත්තේ සියලු දේශපාලුවන්ට සති පොළවල් තහනම් කිරීමයි. සෑම ජන කොටසක්ම තමතමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගෙන සතුටින් සති පොලෙන් පිටව යයි. දේශපාලකයන්ගේ අම්මලා, අප්පලාට කපන්න දෙහි ගෙනියන එකක් නැහැ...
සුළුජාති දෙගොල්ලොම, විශේෂයෙන් මුසල්මානුවන්, හැමදාම සිංහල රට මංකොල්ල කනබව නොපෙනෙන ගොයියොත් ඉන්නවා.
මුසල්මානුවෝ හැමදාම සිංහලයින්ව මංකොල්ල කනවා නම් සිංහලයන් එකසැරයක් මුසල්මානුවන් මංකොල්ල කෑවාම මොකෝ...!!!