IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සියලු කෞතුකාගාර වසාදමයි

ශ්‍රී ලංකාවේ පවතින කෞතුකාගාර සියල්ල නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කෞතුකාගාර 11ක් වසා දැමෙනු ඇත.

කොරෝනා වයිරසය පාලනයට රජය ගෙන යන ක්‍රියාමාර්ග අනුව යමින් මෙම පියවර ගත් බවද බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව,

කොළඹ 07 පිහිටි ජාතික කෞතුකාගාරය
ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය 
රත්නපුර ජාතික කෞතුකාගාරය 
මහනුවර ජාතික කෞතුකාගාරය 
ගාල්ල ජාතික කෞතුකාගාරය 
ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය 
අනුරාධපුර ජන කෞතුකාගාරය 
කොළඹ 07  නිදහස් චතුරස‍්‍රයේ පිහිටි නිදහස් අනුස්මරණ කෞතුකාගාරය 
පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය  
හම්බන්තොය මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය  

පිටකොටුව  ඕලන්ද යුග කෞතුකාගාරය යන කෞතුකාගාර 11 තාවලිකව වසා තැබෙන බව කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරිආරච්චි මහත්මිය ලංකාදීපයට  පැවසුවාය.



අදහස් (1)

සියලු කෞතුකාගාර වසාදමයි

siri Monday, 16 March 2020 08:51 AM

ඕකට අපේ රටේ කරන්න තිබුනේ "මේක දෙයියන්ගේ ලෙඩක්... ඒ නිසා දවස් 14ක් ගෙදරට වෙලා හිටියා නම් ඉබේම හොඳවෙනවා." කියලා ප්‍රචාරයක් ගෙනියන්නයි. ඇත්ත තත්වය විස්තර කරදෙන කිසිදෙයක් අහන්නේ නැති වුණාට මේවගේ කතාවක් ප්‍රචාරය කළානම් සේරම අහයි. අපේ අය එ් තරමටම වියතුන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site