IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ටෙන්ඩරයේ පෙත්සමට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා වන  ටෙන්ඩරය ”රිවිදනවි පෞද්ගලික සමාගම” ට දීමට ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා  ජුනි 18 සහ ජූලි 07 වැනි දිනවල කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීරණය කළේය .

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර යන මහත්තම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.

සමාජ ක්‍රියාකාරී මිලින්ද ප්‍රශාන්ත මඩුගල්ල මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බලශක්තිය ඇමති කුමාර ජයකොඩි මහතා විදුලි බල මණ්ඩලය, රිවිදනවි පෞද්ගලික සමාගම ඇතුළු පිරිසක් නම් කර ඇත.

මෙගාවොට් 100 සූරිය බලාගාරයක් සියඹලාණ්ඩුව, ඇතිමලේ ප්‍රදේශයේ   ඉදිකිරීමට ලංකා විදුලි මණ්ඩලය ටෙන්ඩර් කැඳවූ බව වෙබ් අඩවියක් හරහා දැනගත් බවත්  ”රිවිදනවි  පෞද්ගලික සමාගම” ඒ සඳහා වැඩිම ලන්සුවද ”ඇතිමලේ වැවිලි සමාගම” අඩුම ලන්සුවද ඉදිරිපත් කළ බව තමන් දැනගත් බවත් සඳහන් කරන පෙත්සම්කරු අඩුම ලන්සුව ඉදිරිපත් කළ අයට ටෙන්ඩරය ප්‍රදානය කළ යුතු බවට ටෙන්ඩර් පටිපාටියේ සඳහන් කරුණු වලට පටහැනිව යමින් වැඩිම ලංසුව ඉදිරිපත් කළ සමාගමට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කර ඇතැයිද සඳහන් කර ඇත.

එය ටෙන්ඩර් පටිපාටියට හා නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බව සඳහන් කරන පෙත්සම්කරු අදාල තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා සිටී.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේ ය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන මිල්හන් මොහොමඩ් සහ රුක්ෂාන් සේනාධීර මහත්වරු ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන  සාලිය පිරිස් මහත්වරු සමඟ පෙනී සිටියහ.

වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවෙකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ටෙන්ඩරයේ පෙත්සමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 621 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site