IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සියුමැලි දෑතක් රස පරීක්ෂක මහ පුටුවේ

අතිරේක රස පරීක්ෂක  සකුන්තලා තෙන්නකෝන් මහත්මිය  ආණ්ඩුවේ රස පරීක්ෂක ලෙස  පත් කැර ඇත.

මෙම ධුරයට පත් වු  දෙවැනි කාන්තාව  තෙන්නකෝන් මහත්මියයි.

 ඇය දහ නව වැනි රස පරික්ෂකවරියයි.පත්වීම මාර්තු  තුන්වැනිදා සිට බල පැවැත්වෙන ලෙස  ඇමැති මණ්ඩලය ඇගේ පත්වීම අනුමත කැර ඇත.

සහකාර රස පරීක්ෂකවරියක්  ලෙස 1983 ඔක්තෝබර් 17 දා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බැඳුණ ඇය ජ්‍යෙෂ්ඨ  සහකාර රස පරීක්ෂක නියෝජ්‍ය  රජයේ රස පරීක්ෂක  ලෙස සේවය කැර ඇත.

 වසර තිහකට අධික කාලයක් ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කැර ඇත.

දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටියදී  එක්සත් රාජධානියේ ග්ලාස් ගෝ නුවර ස්ට්‍රැත්ක්ලයිඩ්  විශ්ව විද්‍යාලයයේත් ඖෂධ විශ්ලේෂණය පිළිබඳව  පශ්චාත් උපාධිය ලබාගත්තාය.

ඒ සඳහා වැඩිම ලකුණූ හිමිකැරගත් ශිෂ්‍යාව ලෙසින්  සෙනෙකා ඖෂධ  නිෂ්පාදන සමාගමේ සම්මානය හිමි කැර ගත්තේය.

දෙපාර්තමේන්තුව තුල මෙවන් සම්මානයක් හිමි කැරගත්  එකම තැනැත්තිය වන්නේ ඇයයි.
ශ්‍රී ලංකා රසායන විද්‍යාඥයින්ගේ  සංගමයේ  අධිසාමාජිකත්වය දරණ ඇය එහි වරලත් රසායනඥලෙස ද ක්‍රියා කරයි.අධිකරණ  ධුලක විද්‍යාඥයින්ගේ අන්තර් ජාතික සංගමයේ  සාමාජිකත්වය ඇත.

ශ්‍රී ලංකාවේ කලාපීය නියෝජිත ලෙසද සේවය කරන්නීය.

ජාත්‍යන්තර  නීරීක්ෂණයට ලක් වු ප්‍රකාශනවලට සංකීර්ණ ලිපි සපයා ඇත.ශ්‍රී ලංකාවේ වෛද්‍ය නීතී ඇය හා සංගමයේ සහකාරක රස පරීක්ෂකවරුන් දෙදෙනකු විසින්  2012 -2013 දී  ඉදිරිපත් කැරුණු පර්යේෂණය හොඳම පර්යේෂණය ලෙස පිදුම් ලැබීය.

දෙපාර්තමේන්තුවේ අධිකරණ  විද්‍යා අංශ සම්බන්ධ විද්‍යාගාර කිහිපයකටම බහුලව සේවය කැර තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ  රසායන විද්‍යා විශේෂ ගෞරව  විශේෂ උපාධීධාරිනියක් වන තෙන්නකෝන් මහත්මිය  කුරුණෑගල කොස්දෙණිය  මහා විද්‍යාලය,කටුපොත තිස්ස මධ්‍ය මහා විද්‍යාලය,කුරුණෑගල නාරම්මල මයුරපාද විද්‍යාලයයේ ආදී ශිෂ්‍යාවකි.

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ ඉසුරුපාය ,පැලවත්ත බත්තරමුල්ල යන ස්ථානයේය.

 

 

 



අදහස් (0)

සියුමැලි දෑතක් රස පරීක්ෂක මහ පුටුවේ

ලාල් Monday, 19 May 2014 10:37 AM

ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්. සියලු රාජකාරි ඉටු කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා! (නදී)

:       0       0

නුවන් Friday, 16 May 2014 03:11 PM

සුදුස්සාට සුදුසු තැන දිය යුතුමය. (නි)

:       0       0

සුදත් ශ්‍රී Saturday, 17 May 2014 01:20 AM

මා ඇය යටතේ සීමාවාසික පුහුණුව ලැබූ නිසා දන්නවා, ඇය අවංක, ක්‍රියාශීලී, සහ දක්ෂ නිලධාරිනියක්. සකුන්තලා මහත්මියට සුභ පැතුම්. (ස)

:       0       0

හර්ෂණී හේමමාලි Monday, 19 May 2014 11:08 AM

ඔබතුමියගේ රාජකාරි දිවියට සුභ පැතුම්! අවංකව රාජකාරි කරන ගොඩක් දෙනා අතරින් ඔබත් කෙනෙක්. ඒ ගැන අපි වඩාත් සතුටු වනවා. ඔබ තුමියට දීර්ඝායු! (නදී)

:       0       0

ශාන්ති Saturday, 17 May 2014 02:19 AM

ඔබේ රාජ කාරිය අකුරටම කිරීමට ඔබට ශක්තිය ලැබේවා.සුබ පැතුම්. (ස)

:       0       0

මර්වින් Friday, 16 May 2014 03:23 PM

සේවකයෝ එහෙම ඕනෙද දන්නේ නැහැ. සුභ පැතුම් (දී)

:       0       0

සුරේන් Friday, 16 May 2014 03:43 PM

ඔබට අපගේ සුභ පැතුම්! (නි)

:       0       0

සුනිල් Friday, 16 May 2014 03:56 PM

දෑත සියුමැලි උනත් අවංකව රාජකාරිය රටේ මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලනවා. ඔබ තුමියට අපෙන් සුබ පැතුම්. (ස)

:       0       0

සරත්- බහරේන් Friday, 16 May 2014 04:01 PM

සුදුසු කෙනාට ඉහලම පුටුව ලැබීම පැසසිය යුතුයි (ස)

:       0       0

නිශාන්ත Friday, 16 May 2014 04:08 PM

මේක තියෙන්නෙ මෙතන කියල දැනගත්තෙ අද. අපි හිතාගෙන හිටියේ ඉසුරුපාය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විතරයි කියලා.දැනගත්ත එක වටිනවා. වාර්ථා පරක්කු වෙනවා කියලා තියන චෝදනාව ඔබ තුමියට අහෝසි කරන්න හැකිවේවා! (ස)

:       0       0

පෙරේරා Friday, 16 May 2014 04:10 PM

එතුමියගේ ඉදිරි ගමනට සුබ පතමි. (ස)

:       0       0

චද්‍රා Friday, 16 May 2014 04:19 PM

ආඩම්බරයි,..ඔබට සුබ පතමි, කාන්තාවක් නිසා හොදින් ලුණු ඇඔුල් දන්නවනේ, ජනතාවගේ ප්‍රශ්න ඉක්මනින් රස බලා වාර්තා හැකි ඉක්මනින් සපයා දෙන්න හැකි වේවා! (ස)

:       0       0

වර්ණපාල Friday, 16 May 2014 04:23 PM

රටේ වැදගත්ම තනතුරක්. නෝනා, අවංකවම තම රාජකාරිය කරන්න (නි)

:       0       0

සුනිල් තෙන්නකෝන් Friday, 16 May 2014 04:30 PM

ඔබට ජයවේවා! (නි)

:       0       0

වාසනා Saturday, 17 May 2014 08:23 AM

ඔබ තුමියට එක සිතින් සුබ පතනවා. (ස)

:       0       0

ලසිත් Friday, 16 May 2014 05:17 PM

මේ මැතිණියට අපේ හදවතින්ම සුභ පතනවා (නි)

:       0       0

සිසිර කුමාර Friday, 16 May 2014 05:21 PM

සුබ පැතුම් (දී)

:       0       0

ලක්ෂිකා Friday, 16 May 2014 05:25 PM

ප්‍රවේශමෙන් රාජකාරිය කරන්න. (නි)

:       0       0

ජයන්ත Friday, 16 May 2014 05:38 PM

හරියට නඩු තීන්දු දෙන්න නියම හොරු අල්ලලා රටට නිවෙරදි සේවයක් කරන්න ඔබතුමියට බලය ලැබෙන්න ඕනේ (දී)

:       0       0

අනුර සෙනෙවිරත්න Friday, 16 May 2014 05:56 PM

නෝනගේ පව්ලේ කට හරි රැකියා අරන් දීලා. නෝනගේ කරට තොන්ඩුව දමාගන්න එපා හොදද. වෙන්නේ නම් ඕක තාමයි. දැත් ශක්තිමත් කරන්න ගියයොත් නෝනගේ රැකියාවට තිත තමයි .

:       0       0

පිටිගල Friday, 16 May 2014 07:36 PM

ඇය ලස්සනයි. ගාම්භීර පෙනුමයි. සුභ පැතුම්!

:       0       0

සුසන්ත Saturday, 17 May 2014 01:13 PM

ඔබ තුමියට මගෙනුත් සුබ පැතුම්! පිටිගල සුබ පැතුවහම ඇති. (නදී)

:       0       0

චන්ද්‍ර කාන්ති Monday, 19 May 2014 03:59 PM

අපගේ සුබ පැතුම්! (නදී)

:       0       0

චින්තක Saturday, 17 May 2014 02:04 PM

ඔබතුමියට සුබ පැතුම්. රටට ඔබගේ වටිනා සේවය ඉතාමත් අගනේය. (නදී)

:       0       0

ඉනෙඑර් තිලක් අබේයවර්දෙන -ගලස්ගොව් (ස්චොට්ලන්ඩ් ) Saturday, 17 May 2014 03:00 PM

එතුමියගේ ඉදිරි ගමනට සුබ පතමි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site