IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සයිමන් ජෙරන්ස් පෙරමුණට එයි

ඕස්ටේ‍්‍රලියාවේ ඔරිකා ගී‍්‍රන්ඒජ් කණ්ඩායමේ සයිමන් ජෙරන්ස්ට කහ බැනියම හිමි කරමින් ශත සංවත්සර ප‍්‍රංශ සවාරියේ සිව්වැනි අදියර ඊයේ (02) නිමාවිය. කණ්ඩායම් අතරේ මහා බි‍්‍රතාන්‍යයේ ස්කයි කණ්ඩායම දෙවන ස්ථානයත් ඩෙන්මාර්කයේ සැක්සෝ කණ්ඩායම තෙවැනි ස්ථානයත් හිමි කරගෙන සිටිති.

කිලෝමීටර 25ක දුරින් යුත් කාලය මැනීමේ තරගයක් වූ සිව්වැනි අදියර අවසාන වන විට ජෙරන්ස්ගේ කාලය පැය 12 මින්ත්තු 47 තත්පර 24 ක් වී තිබිණ.

පසුගිය වසරේදී ප‍්‍රංශ සවාරියට එක්වූ  ඕස්ටේ‍්‍රලියානු ඔරිකා කණ්ඩායම පළමු වරට අදියරක් ජයග‍්‍රහණය කළේ තුන්වැනි අදියරේදී පීටර් සාගන් පරදවා ඉදිරියට ඒමට ජෙරන්ස්ගේ සමත්වූ නිසාය.

”කණ්ඩායමක් වශයෙන් අපි හැමෝම හොඳ යාළුවෝ. හැම දෙනාටම උදව් කරන්න අපි මහන්සි වෙනවා. විශ්වාස කරන්නත් බෑ. දවස් දෙකම අපිට සිහිනයක් වගේ. ඇත්තටම මීට වඩා හොඳ දෙයක් අපිට ලබා ගන්න බෑ.” යනුවෙන් තෙවැනි අදියර ජයග‍්‍රහණය කළ ජෙරන්ස් පැවසීය.

මේ වන විට තරගයේ ඉදිරියෙන් සිටින සයිමන් ඔහුගේ කණ්ඩායමත් සමග කහ බැනියම ඇඟලා ගන්මින් තරගයේ පස්වැනි අදියර වන කැග්නස් සර් මර් සිට මාර්සේල් දක්වා කිලෝ මීටර 228 ක දුරක් අද (03) පාපැදිය පැද යාමට සූදානමින් සිටී.

සමස්ථ තරගය ඉදිරියෙන් සිටින තරගකරුවෝ
01. සයිමන් ජෙරන්ස් ( ඕස්ටේ‍්‍රලියාව)
02. ඩැරිල් ඉම්පෙ (දකුණු අපි‍්‍රකාව)
03. මයිකල් ඇල්බසිනි (ස්විස්ලන්තය)
04. මයිකල් ක්වැත්කොව්ස්කි (පෝලන්තය)
05. සිල්වෙයින් චවලින් (ප‍්‍රංශය)
06. එඞ්වඞ් බෝසන් හාගන් (නෝර්වේ)
07. කි‍්‍රස් ෆ්රෝම් (මහා බි‍්‍රතාන්‍ය)
08. රිචී පෝට් ( ඕස්ටේ‍්‍රලියාව)
09. නිකොලස් රෝච් (අයර්ලන්තය)
10. රෝමන් රෙසිගර් (චෙකොස්ලොවැකියානුව)



අදහස් (0)

සයිමන් ජෙරන්ස් පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site