(නිමල කොඩිතුවක්කු)
එංගලන්තයෙන් ඉවතලන සායනික ද්‍රව්‍ය ඇතුලූ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒම පිළිබඳව අදාළ සියලුම පාර්ශවයන් ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩළය, වරාය, රේගුව, මධ්‍යම පරිසර අධිකාරිය ආදී සියලුම පාර්ශව කැඳවා ඒ සදහා කරුණු විමසන බව ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
අනිද්දා (24) පස්වරු 2.00ට මෙම සභාව කැඳවීමට නියමිතය.
මේ පිළිබද සිදුකරන පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සදහන් කළ සභාපතිවරයා එම වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර කටයුතු අමාත්‍යංශය වාර්තාව එනකොට ප්රශ්නය අමතක වෙලා තියේවිද ?
හිටපු ජනාධිපතිතුමාටම මතක නැහැලු මේකේ ගිවිසුම් 2013 කියලා.. ඒ කාලේ ඒ ගොල්ලෝ දන්නේ නැහැලු. දන්ලු දන්නේ මේවා. ඒ කාලේ තිබුනේ නැහැලු. ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ අපිද දන්නේ නැහැ. මේ ගොල්ලෝ ඔක්කොම එකයි. බොරුවට රට ගැන කතාකරනවා. තනිකරම තමන්ගේ දේවල් තමයි හැම තැනම සිද්ධ වෙන්නේ. අන්තිමට ජාතිවාදය, ආගම්වාදය දාලා මිනිස්සුන්ව මුලා කරනවා. අහිංසක මිනිස්සු අන්තිමට මරා ගන්නවා. ජාතිය, ආගම මුල් කරගෙන..