ගම්පහ දිස්ත්‍රික්කයේ බාලදක්ෂයින්ගේ සහෝදරත්වයේ සංකේතය  වන  'සියනෑ ජැම්බරේට් 2015'  දිසා බාලදක්ෂ රැළිය අද  හේනේගම මධ්‍ය මහා විද්‍යාලය  භූමියේදී  උත්කර්ෂවත්  අයුරින් ඇරඹිණි.

ගම්පහ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය මෙය  සංවිධානය කළ අතර බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා  ප්‍රධාන ආරාධිතයා විය.

 බාලදක්ෂයින් තුළ විනයගරුක බව,   ආදර්ශමත් හැසිරීම, ජය පරාජය සමව දරාගැනීම, කුසලතා ඔප නැන්වීම හා තරුණ පරපුර තුළ බාලදක්ෂ ව්‍යාපාරය කෙරෙහි උනන්දු කරලීම මෙහි අරමුණ වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් 33 ක බාලදක්ෂයෝ දහසකට අධික පිරිසක් මෙයට එක් වුහ.

වසර කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ බාල දක්ෂයින්‍ෙගේ කුසලතා ඔප නංවීම උදෙසා ආරම්භ කළ 'සියනෑ ජම්බරේට්' දිසා කඳවුර   මේ වන විට ප්‍රදේශයේ බාල දක්ෂයින් අතර ආකර්ෂනයක් දිනා ඇති අතර එය  මෙවර නව මුහුණවරකින් පැවත්වෙයි.

 ගම්පහ දිසාවේ  බාලදක්ෂයින්ගේ දස්කම් විස්කම් සමගින් අද සිට දින හතරක්  සියනෑ බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අතර මෙහිදී බාලදක්ෂයින්ගේ ආදි කතෘ  ‍බේඩන් පවල් සාමිතුමාගේ ජන්ම දිනයද  මෙම ජැම්බරේටයේදිම සැමරීමට කටයුතු  යොදා ඇත.

මෙම අවස්ථාවට බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා,  නියොජ්‍ය ප්‍රධාන කොමසාරිස් ශිරාස් සාලි, දිසා බාලදක්ෂ කොමසාරිස් ආර්.පී.එස්.පී ගුණසේකර, සහය දිසා කොමසාරිස් ප්‍රභාත් එස් රත්නායක යන නිලධාරීහුද සහභාගී වුහ.

   DSCF3232  DSCF3244 DSCF3249 DSCF3250 DSCF3265 DSCF3266 DSCF3269 DSCF3280  DSCF3317 DSCF3320 DSCF3325 DSCF3340 DSCF3346 DSCF3347