වතුර ඉල්ලූ ජනතාවට වෙඩි උණ්ඩ දුන් ආණ්ඩුව රතුපස්වලට පිරිසිදු පානීජ ජලය දීමට තවමත් අපොහොසත් වී ඇතැයි සියනෑ ජන නැගුම සංවිධානය කියයි.
රතුපස්වල ජල සටනේ පෙරමුණෙන්ම සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි ඇතුළු රතුපස්වල හා වැලිවේරියේ බොහෝ දෙනෙක් මෙවර ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කරන බව එම සංවිධානයේ කැදවුම්කරු සුරේෂ් පෙරේරා මහතා පවසයි.
ඔවුහු අද තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක කාර්යාලයයේ මාධ්‍ය සාකච්ඡාවකට ද සහභාගී වූහ.
සුරේෂ් පෙරේරා මහතා -
‘අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. මීට කලින් අපිත් වැඩ කළේ ජනාධිපතිතුමාට තමයි. රතුපස්වල කර්මාන්ත ශාලාවේ ගැටළුව අවස්ථාවේ අපට සාධාරණයක් වුණේ නෑ. ගම්පහ දිස්ත්‍රික් නායකයා අපි වෙනුවෙන් කතා කළේ නෑ.
වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ තුන් දෙනෙක් මැරුවා. බොහෝ දෙනෙක් තුවාල ලැබුවා. නමුත් ඔවුන්ට වන්දියක්වත් දුන්නේ නෑ. තවම බොහෝ දෙනකුට පිරිසිදු ජලය ලබා දී නෑ. ජනාධිපති අපිට විවිධ පොරොන්දු දුන්නා. දැන් අවුරුද්දකුත් බවරයි. ඒවා ක්‍රියාත්මක වුණේ නෑ.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො විදියට අපි තීරණය කළා මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකටයුතු කරන්න. අපි ඒ වෙනුවෙන් ඇප කැප වෙනවා. ඔහු අපට පොරොන්දුවක් දුන්නා සාධාරණ කාලයක දී අපේ ගැටළුව විසදන බවට. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතුපස් වල තිබුණු කර්මාන්ත ශාලාව ඉවත් කරපු එක කියල නැහෙනෙ. මෙහෙම බැලුවම දින 100 රට හදන්න නම් අමාරුයි.(නදී)
දැනගන්න ඕනේ නම් ගණන් හිලව් 9 වැනිදා බලාගන්න .(හේ)
සාමාන්‍ය මිනිස්සු ගැන හිතලා වැඩ කරානම් අද මේ තරම් දඟලන්න අවශ්‍ය වෙන්නේ නෑ. කටවුට් ඕනෙත් නෑ. රැස්වීම් ඕනෙත් නෑ. මිනිස්සු දන්නවා මෙයා අපි වෙනුවෙන් හිටියා කියලා. පොඩි මිනිහගේ හිතේ තිබිච්ච විශ්වාසේ, ආදරේ ඒවයින් ගන්න බෑ. (ර)
ඔය කියන දේවල් කරනවානම් හොදයි. බලමු බලමු මොකද වෙන්නේ කියලා.? (ර)
මමත් රතුපස්වල ජනතාව සමඟයි. (නි)
මෛත්‍රී මහතාට ජයවේවා! (නි)
ජයවේවා! (නි)
රූපසිංහ, ප්‍රතිපත්ති හදන්නත් ප්‍රතිපත්ති ගරුක මිනිසුන්, නායකයන් සිටිය යුතුයි. (නදී)
කී දෙනෙක් ඉන්නවද? (දිල්)
අපේ රටේ තියෙන්නේ අරයගේ වැරදි මෙයා හොයල ඇති ඒවා නැති කරලා නැති ඒවා ඇති කරන දේශපාලනයක් නේ. එහෙම නැතිව ප්‍රතිපත්තිමය වශයෙන් රටේ අනාගතය ගැන හිතන රටේ දියුණුව ගැන හිතල වැඩකරන දේශපාලනයක් හොවෙයි. අද අපට අවශ්‍ය අපි ගැන හිතන කෙනෙකු මිසක් දේශපාලන පලිගැනීම් නොවේ. (ර)
කොහොම වුනත් හොඳට හිතල බලලා තීරණ ගන්න තරමට තමයි හරි. (ර)
සිරිසේන ඉතින් දැන් ඕන එකෙකුට හා කියනවා. කොහොම හරි දිනන්න ඕන වෙලා තියෙන්නේ. 2010 දීත් ෆොන්සේකාටත් මෙහෙම තම තිබුනේ අන්තිමට පරාදයි. 2015 දීත් 9 උදේට ඕක තමයි වෙන්නේ (නදී)
අපි ගැන හිතුවනම් රතුපස්වල ප්‍රශ්නේ එන්නේ නැහැනේ.? (ර)
මමත් රතුපස්වල තමයි. ඔය කියන විදිහට අපේ මිනිස්සු වෙනස් වෙලා නැහැ. (ර)
මේ ගොල්ල එදත් ආණ්ඩුවට විරුද්ධව තමයි කටයුතු කලේ. මේක අලුත් දෙයක් නෙමෙයිනේ.(නදී)
අපි පන්සල් ගියා. හැමෝම එකමුතුවෙන් හිටියා මුස්ලිම් උනත් මෙතෙක් වෙනකම් සමායෙන් හිටියා. නමුත් දැන් ඒ තත්වය කෝ ? (නදී)