ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සුදුසු වන්නේ හයිබ්‍රිඩ් (මිශ්‍ර) අධිකරණයක් යැයි ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් මහතා යළිත් යෝජනා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තාව සභාගත කිරීමෙන් පසුව බදාදා (30) ඒ ගැන පැවති විවාදයේදී අදහස් දක්වමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මේ බව කියා ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.
පසුගිය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළව රට තුළට පිවිස අදාළ කටයුතු කිරීම පවා වැළැක්වූ බවද පෙන්වාදුන් ඒ මහතා ශ්‍රී ලංකාව තුළ දිගුකාලීන සාමය හා සංහිඳියාව පවත්වාගෙන යාමට අවස්ථාවක් දැන් උදාවී ඇති බවද පෙන්වා දුන්නේය.
ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට පසුගිය කාලයේදී යම් යම් බලපෑම් සිදුව ඇති බව පෙන්වාදුන් මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ දේශිය නීති පද්ධතිය මෙවැනි කටයුත්තකදී ප්‍රමාණවත් නොවන බවද පෙන්වා දුන්නේය .
එමෙන්ම වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව හොඳ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ නොමැති නිසාත්, ශ්‍රී ලංකාවේ අධිකරණ යාන්ත්‍රණය විනාශ වී ඇති බවට පෙන්නුම් කරන්නේ යැයි හෙතෙම පෙන්වා දුන්නේය.
මේ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටලුවේදී සුදුසු වන්නේ හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍ය බව මානව හිමිකම් මහකොමසාරිස්වරයා පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සෙවීම සදහා වන දේශීය යාන්ත්‍රණයකට සහාය දක්වමින් ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක සම අනුග්‍රහයෙන් කවුන්සිලයේ සභාගත කළ යෝජනාව පිළිබඳව වන විවාදය බදාදා පස්වරුවේ ආරම්භ වු අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා නිත්‍ය නියෝජිතවරයා කියා සිටියේ සිදු වී ඇතැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව රජය ගත් ක්‍රියාමාර්ග පැසසුම් කළ යුතු බවයි.
එසේම තවත් බොහෝ දේ කිරීමට ඇති බවත්, පීඩාවට පත් වුවන් සදහා යුක්තිය හා සාධාරණය ඉටු කිරීම හා වගවීම ඉන් ප්‍රධාන වන බවද කීය.
මීට අමතරව බෙල්ජියම ,නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශංසාත්මක අදහස් දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කින් බෙනට්, ඔයාට මම කිව්වා කියලා හිතාගන්න (නි)
සුදුසු දෙයක් බලා සාධාරණයක් කරන්න (නි)
මම නම් සෙයිද් කුමරු සමඟ එකඟයි (නි)
කිං බෙනට්ගෙ කථාව හරි.තංගල්ලෙ සිද්ධියෙදි විදේශිකයන්ට මැදිහත් වෙන්න වුණා. මේවා ලෝකයෙන් හංගන්න බැහැ (නි)
ඇතුලත් පිටතත් ගැට. (ර)
එහෙන්ම ඔහු ස්ථාවර තීරණයක ඉන්නේ? (නි)
අපේ රට තව තවත් ලෝකයා ඉදිරියේ කොන් විය යුතු නැහැ.මේ කියන්නේ මොනාද කියලා තේරුම් ගෙන ඒ අනුව වැඩ කටයුතු කළොත් සැමගේ සහයෝගය අපේ රටට ලැබේවි.(අ)
ඉසුරන්දි, ඔයාට මෙන්න කියලා ගෙනත් දෙයි ඇමරිකාව. බලාගෙන ඉන්න. දැන් ඔය ඇෆ්ගනිස්ටනයට, ඉරාකයට වගේම ලිබියාවට එහෙමත් දුන්නේ බඩ පිරෙන්න. ඇමරිකාව අතගහපු එක දියුණු රටක් නම් කරන්න පුලුවන්ද ඔයාට? (නි)
අපි කුමරුට කියමු පොඩ්ඩක් නම්‍යශීලීව හිතන්න කියලා (නි)
කිවුවොත් කිවුවාමද? (නි)
මේ ප්‍රථම වතාවට මෙවැනි යාන්ත්‍රණයක් යෝජනා කරන්නේ. කොහොමද යාන්ත්‍රණයේ සාධාරණය? මේවා දැන දැනත් අපේ ප්‍රබුද්ධ පාඨකයෝ පාට කණ්ණාඩි දෙක දාගෙන ඔව් ඔව් හරි කියලා සතුටු වෙනවා (නි)
වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව හොඳ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව ආදිය නම් සුද්දෝ කිව්වේ නැති වුනාට පසුගිය කාලයේ දී අපිත් අත්දැක්කා. (ර)
අපේ රටට අහිතකර දෙයක් නම් වෙන්න එපා. (ර)
සෙයිද් කුමරු කියන කතාව ඇත්ත. බටහිර රටවල වගේම ඉන්දියාව, ජපානය, පාකිස්තානය වගේ පෙරදිග රටවල විනිසුරනුත් සහබාගී වෙනවානම් හයිබ්‍රිඩ් අධිකරනයේ වරදක් නෑ.(අ)
ධනුෂ්ක ලෝක ඉතිහාසය ගැන දන්නේ නෑ වගේ... 2වැනි ලෝක යුද්දෙන් පස්සේ මුලු බටහිර යුරෝපයම දියුණු වුනේ ඇමරිකානු ආධාර වලින්... ඔබ කියපු රටවල ගැටුම් වලට හේතුව ත්‍රස්තවාදීන් මිස ඇමරිකාව නෙමේ... (ර)
ධනුෂ්ක ලෝක ඉතිහාසය ගැන දන්නේ නෑ වගේ... 2වැනි ලෝක යුද්දෙන් පස්සේ මුළු බටහිර යුරෝපයම දියුණු වුණේ ඇමරිකානු ආධාර වලින්... ඔබ කියපු රටවල ගැටුම් වලට ගේතුව ජිහාඩ් ත්‍රස්තවාදීන් මිස ඇමරිකාව නෙමේ.(අ)
ජනගහණය හෝ භුමි ප්‍රමාණය අනුව නොව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංගමය පිළිගත් ස්වෛරී රාජ්‍යයක්. අපේ රට තුළ ප්‍රශ්න විසඳා ගැනීමේ පුර්ණ අයිතිය හිමි අපිටයි.සදාචාරාත්මකව ප්‍රශ්න විසඳා නොගැනීම නිසා මෙවැනි බලපෑම්වලට මුහුණ දෙන්න වෙනවා. ශ්‍රී ලංකා ජනතාව මුළු ලෝකයටම ආදර්ශමත් වූ ශිලාචාර ජාතියක්. අවුරුදු 2550 වැඩි ලිඛිත ඉතිහාසයක් පවත්වාගත් රාජ්‍යයක්. ඒ බව සෙයිද් නොදන්නවා ඇති. (නි)
මේක බොහොම කල්පනාවෙන් තීරණ ගන්න ඕනෑ වෙලාවක් (නි)
තිරණය වෙනස් වෙන එකක් නැද්ද? (නි)
අපි ඔක්කොම මේ වැඩේට අකමැති වුණත් සෙයිද් කුමරු කියලා තියෙන කතාව ඇත්ත කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මොහු කියලා තියෙන දේවල ඇත්තක් තියෙනවා. නමුත් අපි කැමති අපේ නීති පද්ධතිය නිවැරදි කරගෙන රට මේ ආගාධයෙන් ගොඩ ගන්න.(හේ)
ඉසුරින්දී,ඔයා දන්නේ නැති දේවල් කියන්න එපා. (නි)
මේක අපේ රටේ ප්‍රස්නයක් එක අපි විසඳ ගන්නම් ඔය කියන මානව හිමිකම් 88-89 කාලෙ සහ 71 කැරැල්ල කාලෙ මියගිය අයට නැත්තේ ඇයි ? ඒකෙන්ම පෙනෙනවානේ මේක දෙමල ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් ඇමෙරිකාව සහ එංගලන්තය ප්‍රමුඛ රටවලින් සිදු කරන බව අපේ රටේ මෝඩයෝ ටික ගිහින් මේකට කැමති වුනා එකනේ වැඩේ (බ)