ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
මාලඹේ සයිටම් ආයතනයේ අධ්‍යාපනය හැදැරූ සිසු සිසුවියන් 980 දෙනෙකු ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කෙරේ.
ඒ සඳහා වු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය.
එම පනත් කෙටුම්පතට අනුව 2009 සැප්තැම්බර් 15 වැනි දා සිට 2017 මැයි 15 වැනි දා දක්වා කාලය තුළ මාලඹේ සයිටම් ආයතනය තූළ ලියාපදිංචි වු සිසු සිසුවියන් අතරින් මුලික සුදුසුකම් ලැබු ශිෂ්‍යයන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර් ග්‍රහණය කෙරේ.
මෙහිදී එම සිසුන්ගේ මුලික සුදුසුකම් විය යුත්තේ අපොස උසස් පෙළ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයයන් තුන සඳහා සාමාන්‍ය (S) සාමාර්ථ තුන ලබා තිබිමය.
ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළු කරගන්නා සයිටම් සිසුන්ට වෛද්‍යවේදී ශල්‍යවේදී උපාධිය නැතිනම් එම්.බී.බී.එස්.උපාධිය පිරිනැමේ.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාගය සමත් උවද s තුනක් විෂයන් තුනටම සාමාන්‍ය සමර්ථ ලබාතිබීම යනු වෛද්‍ය උපාධියක් කිරීමට කිසිදු සුදුසු කමක් නොවේ. පසුගිය කාලයේ ලොකුවට සද්දේ දාපු දේශපාලන හෙන්චයියන් දැන් කෝ? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සත්‍ය ලොවටම දැන් අනාවරණයවී තිබෙනවා. මම මේ තීරයේ ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික වෛද්‍ය පීඨ හා සුදුසුකම් ඇති සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නගා තිබෙනවා, නමුත් ඒ මුලික සුදුසුකම් නොමැති සිසුන් වෙනුවෙන් නොවේ.
ඉතාම සාධාරණ තීන්දුවක් අපේ රටේ උගත් වෛද්‍යවරු මේ සාධාරණ තීන්දුවට එකඟවී තිබීම ගැන ඔවුන්ට කෘතඥ විය යුතුයි. විජයදාස රාජපක්ෂ වැනි කෙලින් වැඩ කරන අයෙකුට මේ ප්රශ්නය විසඳන්න මහා කාලයක් ගියේ නැහැ දැන් මහපාරේ උද්ඝෝෂණත් නැහැ. වෛද්‍ය සභාව උනත් කැමතියි සුදුසු කම් තිබෙන වෛද්‍ය වරු බිහිවනු දැකීමට
එසේ නම් ලංකාවේ සියලුම අපොස උසස් පෙළ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයයන් තුන සඳහා සාමාන්‍ය (S) සාමාර්ථ තුන ලබා ඇති සිසුන් සඳහා එම්.බී.බී.එස්.උපාධිය ලබා ගැනීමේ සරසවි වරම් හිමිවිය යුතු වෙනවා. නැතහොත් නිදහස් අධ්‍යාපනය පමණක් නොව රටේ ජනතාව ලෙස පොදුවේ එකම වරප්‍රසාද හිමිවීම කඩවීමේ හා මානව හිමිකම් හා අයිතිවාසිකම් මුදලට කඩවීමේ ජාතික ගැටළුවක් නිර්මාණය වනවා .
රට පුර හොර වෛද්‍යවරු 40000 අහිංසක ලෙඩ්ඩුන්ට වෙදකම් කරනවා. ඒවා ගැන කවුරුවත් කතා නොකර මේ ශිෂ්‍යන්ගේ අඩුපාඩු කතාකිරීම නැවත සිතා බලන්න.
පුද්ගලික විශ්ව විද්‍යාලයක හොද ඉංජිනේරු උපාධියක් හදාරන්නත් 2C 1S ඉල්ලනවා. එහෙම තියෙද්දී මේ වගේ වැදගත් ක්ෂේත්රයක උපාධියක් 3S ට දෙන එක ඒ ක්ෂේත්රයටත් එච්චර හොද නෑ.
එස් තුන ඇති සියලු දෙනාටම වෛද්‍ය උපාධිය ලැබීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම දිය යුතුය මෙයනට මුදල් නැතීනමි දේශපාලන ගවගත්තොත් තැවත රට ගිනිගොඩක් වෙයි
ටොමි, මහත්මයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස දැනට මාධ්‍ය ඉදිරියට පැමිණ සංදර්ශන කරන දොස්තරලා දෙස බැලුවාම එස් තුනේ කතාවේ ප්‍රමිතිය ගැන අපට නම් වැටහෙනවා.
එම බී බී එස් සහ එස් තුන අතර කිසිම සම්බන්දයක් නැත. සැබෑව නම් පිළිකුල් කුහක කම පමණි.දියුණු රටවල් සමග සසදනවිට අපි ඉන්නේ ඉතා පහල කුහක අදහස් වලින් පිරි සමාජයකය.හැකියාවක් තිබේනම් රජය පිළිගත් ප්‍රමිතිගත අධ්‍යපනයක් මුදල්ගෙවා ලබාගැනීමටඑස් -3 ලබාගත් සිසුවාටද අයිතියක් තිබේ. අපේ සමාජය දැන් පුරුදුවී ඇත්තේ හැමදේම නිකන් ලබාගෙන තමාගේ පමණක් බඩවඩා ගැනීමටය.බොහොමයක් අපේ වෛද්‍ය වරුන් රජයේ සේවය බල්ලට දමා පුද්ගලික බෙහෙත්ශාලවල මුදල් ගැරීමේ යෙදී සිටී.ඉතාමත් හොඳ වෛද්‍ය වරුන්ද මේ අතර සිටීමදද කිවයුතුය.මේ කුහකයන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීනම්, වෙනත් ගැටලුවලදීත් පෙනීසිටිය යුතුය.නමුත් ඔවුන්ගේ ඇස ඇරෙනුයේ සයිටම් ගැටලුවේදී පමණි. මෙයින් පෙනීයන්නේ කුහක, ආත්මාර්ථකාමී කම හැර වෙන කිමෙක්ද. ලෙඩරෝග වයිරස රටපුරා පතිරයද්දී, මේවාට විසදුම් සොයන්නේ නැතිතරම්ය.එසේනම් මොවුන් කියන රජයේ උපාධියේ කොලිටිය කොහිද යන්න ජනතාවට ගැටලුවෙකි.
මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ යටතට ගේන ජාතික ආරක්ෂා විශ්වවිද්‍යාලය ලෙස වෙනස් කරන්න. එතකොට ඔය ප්‍රශ්න විසඳෙනවා.
රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික සේවයේ යෙදීම තහනම් කළ යුතුය.
බලාගෙන ගියාම, සයිටම් ආයතනයට එරෙහිව, පුහු තර්ක ඉදිරිපත් කරමින් එය කඩාකප්පල් කිරීමට මේ රටේ මෝඩයින් කටයුතු කලාට, සිසුන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය පවා නිවැරදිව කරලනේ තියෙන්නේ. සමහරවිට සයිටම් කියන නමට එරෙහිව පවතින පුද්ගලික කෝන්තරයක් වගේ. රටටම ප්‍රසිද්ධ කරනා හොඳ නැකතක් එහෙම බලලා නම වෙනස් කළා නම් මේ අප්පුලා ටික සතුටු වෙයි.