ශිරාන් රණසිංහ
සයිටම් ප්‍රශ්නයට සාධනීය විසඳුමක් ලබාදී ඇති නිසා සයිටම් ආයතනය පිළිබඳව සත්‍ය හෙළි කළ ශිෂ්‍යයින්ට එරෙහිව ක්‍රියාත්මක නීතිමය පියවර ද නතර කිරිමට මැදිහත්වන ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ලිපියක් යවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.
සයිටම් වෛද්‍ය උපාධිය පිළිබඳ අඩුපාඩු පෙන්වා දුන්නේ මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් බවද දෙමාපියෝ කියා සිටිති.
වෛද්‍ය පීඨවල අඩුපාඩු පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කරන ලෙසත් එම කමිටු නිර්දේශ මත වෛද්‍ය පීඨවල ඇති අඩුපාඩු සකසන ලෙසද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය එම ලිපියෙන් තවදුරටත් ඉල්ලා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර නරුම, ඉගෙන ගන්නෙ නැතුව පාරවල් ගානෙ කෑගගහ ඇවිදපු, 'වෛද්‍ය උපාධිය සල්ලි දීලා හරි අරං රටට අමිල සේවයක් කරන්න හිතපු ළමයින්ට වල කපපු, රස්තියාදුකාර විශ්මව විද්‍යාල ළමයින් ගැන නේද කියන්නේ. ඒ ගොල්ලන්ට ඇයි බුරුලක් දෙන්නේ? ඒ ගොල්ලො රට විනාශ කරනවනෙ. අදත් සයිටම් තිබ්බානම් මොනතරම් සේවයක් රට වෙනවද!
ඔය මිනුස්සුන්නට විරුද්දව නීතිමය පියවර අරගෙන තියෙන්නේ රාජ්‍ය දේපල වලට අලාභ කිරීම, කලහකාරී ලෙස හැසිරීම වැනි වැරදි වලට.නීති කටයුතු වලට ජනාධිපති මැදිහත් වීම සුදුසු නැහැ.විශ්ව විද්‍යාල සිසුන් හිතන් ඉන්නේ ඔවුන් නීතියට උඩින් ඉන්නවා කියල.
අනේ චාන්දනී සිල්වා ඔය වෛද්‍ය සිසුවියක් වුණාට ඔයට වෛද්‍ය කියන එකවත් ලියාගන්න බැහැනේද ඉතින් වෛද්‍ය සිසුවියක් වුණ ඔයාත් අර ගෘහ විද්‍යා කර සයිටම් ගිය සිසුවින් අතර වෙනසක් නැතැයි මට තේරේ අනේ පවු අපේ රටට ගිය කලක්
චාන්දනී ද සිල්වා ඔබ වැරදියි. උද්ගෝෂණය කරනවානම් එය කල යුත්තේ දේපල වලට අලාභ නොකර,මහජනයාට හිරිහැර නොකර, සාමකාමී ලෙස. එයට එරෙහිව කටයුතු කරන අයට එරෙහිව නීතිය අනුව කටයුතු කල යුතු වේ. චාන්දනී මතක තබාගන්න වෛද්‍ය රැකියාවට අමතරව ගණකාධිකාරී, ඉංජිනේරු, නීති, ගෘහනිර්මාණ, මිනින්දෝරු, පරිගණක තාක්ෂණ වැනි රැකියා තිබෙන බවත් රටක පැවැත්ම සදහා සෑම දෙනාගේම දායකය අවශ්‍ය බවත්. සමහර වෛද්‍යවරු හිතන් ඉන්නේ ඔවුන් තමයි උගත්ම අය කියලා. වෛද්‍යවරුන්ට විතරක් තනියෙන් ජීවත් වෙන්න පුලුවන්ද?