මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට හා පසුගිය 23 වැනි දා වෛද‍්‍ය සිසුන්ට එල්ල වු ප්‍රහාරයට විරෝධය පාමින් රාගම වෛද්‍ය විද්‍යාල සිසුහු අද (27) විරෝධතා පාගමනක් ඇරඹුහ.
මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට හා පසුගිය 23 වැනි දා වෛද‍්‍ය සිසුන්ට එල්ල වු ප්‍රහාරයට විරෝධය පාමින් රාගම වෛද්‍ය විද්‍යාල සිසුහු අද (27) විරෝධතා පාගමනක් ඇරඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෛද්‍යවරුන්ගේ අඩුවක් ඇත. පෞද්ගලික චැනල් ගාස්තු ඉතා ඉහළය. සටයිම් එකේ ප්‍රමිතිය අඩුනම් වැඩිකරන්න කටයුතු කිරීමයි සුදුසු. කරුණාකර ඒ අහිංසක ළමයින්ගේ අනාගතය අඳුරේ දමන්න එපා. (නි)
සැමටම එක විභාගයක් දෙන්න. එතකොට වැඩේ හරි (නි)
සුලේඛා, මමත් රජයට බදු ගෙවන කෙනෙක්. එහෙම කියලා ඒ බදු මුදල් නීති විරෝධී විදිහට පාවිච්චි කරන්න කාටවත් බැහැ. (ර)
රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙනගත් මට පුද්ගලික විශ්ව විද්‍යාල ගැන කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි ඒවා නිසි ප්‍රමිතියකින් තිබිය යුතුයි. රජයේ වෛද්‍ය සභාවෙන් මේක පිළිගන්නේ නැහැ කියන්නේ සයිටම් එකෙන් පිටවන අය වෛද්‍ය තනතුරට නුසුදුසුයි කියන එක නේද? (නි)
මම නම් කියන්නේ මේක පැහැදිලි ඊර්ෂ්‍යාව (නි)
මෙතන කතා කරන ගොඩක් අය දන්නේ නැහැ සයිටම් එකේ නියම තත්ත්වය. කරුණාකරලා ගිහින් බලන්න. මම හොඳටම දන්නවා සයිටම් එකේ ළමයින්ට මොනතරම් විනයක් තිබෙන සහ හොඳ අධ්‍යාපනයක් ලැබෙනවද කියලා. (නි)
මහා ලොකුවට පිනට ඉගෙනෙගෙන අන්තිමට නවතින්නේ පිටරටක. එතකොට ලංකාවේ ළමයි එයාලගේ සල්ලි වලින් ඉගෙනගෙන ලංකාවේම සේවය කරන එක අගය කරන්න ඕන. (ම)
සුලෙකා කියන කතාව ඇත්ත. රාධා හරියට රා බීලා වගේ කතාව. අප්පේ ලංකාව හරි පෝසතුන් ඉන්න රටක්නේ අපි නොදන්නා. නොමිලේ දෙන කොයිඑකත් නැතිකරලා දාන්න ඕනෑ එහෙනම්. (නි)
මාලබේ අයට සායනික පුහුණුව නැතුව කොහොමද රෝග නිශ්චය කරන්නේ? ලෝකයේ අමාරුම වෙද පාඨමාලාව තියෙන්නේ රජයේ වෛද්‍ය විදුහලේ බව කව්රුත් දැනගත්තොත් හොඳයි කවුරුත්. (නි)
රජයේ වෛද්‍ය සභාවෙන් සටයිම් එක නොපිළිගන්නේ තමන්ගේ ඒකාධිකාරය පවත්වාගෙන යන්න කියලයි අපි නම් හිතන්නේ. (නි)
රජයේ හෝ පුද්ගලික හෝ වෛද්‍ය උපාධියට ප්‍රමිතියක් තිබිය යුතුයි. අහිංසක රෝගීන් ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. (නි)
රජයේ වෛද්‍ය සභාව ලෝකයේ තියන අනෙකුත් විශ්ව විද්‍යාල නියාමනය කරනවද? පිටරට වලින් උපාධිය අරගෙන ආවහම ඒ අයට සභාවේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා රජයේ සේවයට ඇතුළත් වෙන්න පුළුවන් නම් සයිටම් එකෙන් ආ ළමුන්ට ඒ අවස්ථාව නැතිකරනේ කොහොමද? අනික ලංකාවේ පුද්ගලික පාසල් වලින් උසස්පෙළ සමත්වන ළමුන්ට ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය තහනම්ද? (නි)
ඔය හැමෝටම මතක ඇති රාගම සරසවිය රජයට ගන්න කියලා එදා අපි පාරට බැස්සා. අද රාගම සිසුන් මාලබේ රජයට ගන්න කියලා පාරට බහිනවා. අනේ මන්දා කව්ද හරි කියලා. මගේ පුතාට ලකුණක් දෙකක් මදිවුණොත් රටවත් යවලා දොස්තර කෙනෙක් කරන්න සල්ලි ටිකක් එකතු කරගන්න වෙනවා. (නි)
සොක්‍රටිස් පඬිවරයා කියලා තියනවා අධයාපනය වෙළඳ භාණ්ඩයක් නොකළ යුතුයි කියලා. මොකද එ්කත් අනිත් එ්වා වගේ අඩු පිරිවැයකින් වැඩි ලාබ ලබන දෙයක් වෙනවා. ලැජ්ජයි කියන්න ලංකාවේ කලු කඩ මුදලාලිලාගෙ හැටි. ඔය කඩේට උපාධි විකුණන්න දුන්නොත් තව කඩයක් අරියි. ධනයෙන් බලයෙන් තණ්හාවෙන් අන්ධ වුණාම මේවා තේරෙන්නෙ නැහැ. (නි)
ජනක, කෙනෙකුට කොයිතරම් අතාර්කිකව වල්පල් දොඩවන්න පුලුවන්ද කියන එක ඔබ හොඳට පෙන්වා දී තියෙනවා. සයිටම් ළමයි උසස් පෙළ සමත් නැහැ කියන්නේ ඔබ සමීක්ෂණයක් කරලද? ඔබ දන්නේ නැතුව ඇති උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලැබුවත් ඉඩ තියෙන්නේ 30% කට කියලා. ඒ ළමයි වඩුවැඩ කරන්න ඕනෑ කියලද ඔබ හිතන්නේ? (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් හෝ උපාධිය ලබාගෙන තමන්ගේ ඉලක්කය කරා ගමන් කරන්නට වෙරදරන මේ දරුවන්ට අවශ්‍ය පහසුකම් සැළසීම රජයේ වගකීම වියයුතුයි. මේ ළමයින්ට විශ්ව විද්‍යාල වරම් නොලැබී තිබෙන්නේ ළමයින්ගේ වරදකින් නොවෙයි. රජයේ වරදින්. රටේ දරුවන්ගේ අවශ්‍යතාවයන් නොසළකා රට කන ඇමතිවරුන්ව සුඛෝපභෝගී කරවන්නේ කව්ද? (නි)
පිටරට වලින් ගන්න උපාධි පිරිනමන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්න විශ්ව විද්‍යාල. ලංකාවේ විශ්ව විද්‍යාලත් ලෝක සෞඛ්‍ය සංවිධානෙන් පිළිගන්නවා. සයිටම් එක මේ ජාත්‍යන්තරයේත් පිළිගන්නේ නැහැ (නි)
විශ්වවිද්‍යාලයට යන්න බැරිවූන ළමයි විශ්වවිද්‍යාලයට ගිය ළමයින්ට බදු ගෙවන්න මොකක්හරි වැඩක් කරන එක යුතුකම නොවෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගිහින් හරි ඉගෙනගන්න හරි අවස්ථාව ලබා දිය යුතුයි. මේ විරෝධ වහාම නැවැත්තුවොත් හොදයි. අපිත් බදු ගෙවන උදවිය. (ර)
උසස් පෙළ හරියට කර ගන්න බැරුව ඒක ෆේල් වෙලා නියම ප්‍රමිතියක් නැති පෞද්ගලික වෛද්‍ය විශ්ව ව්ද්‍යාල කඩයකට (සයිටම්) ගිහිල්ල කිසිම ප්‍රමිතියක් නැති උපාධියක් ගත්ත පලියට අපේ ජීවිත එක්ක ඔහොම සෙල්ලන් කරන්න ඔය කියන සයිටම් එකේ ළමයින්ට ඉඩ දෙන්න බැහැ. අපිත් බදු ගෙවන්නේ හොර උපාධි දීල මේ රටේ හොර දොස්තර වරු බිහිකරන්න ඉඩ දෙන්න නෙමෙයි ඉන්දියාවෙ වගේ. (බ)
විශ්ව විද්‍යාලයට ගිය ළමයින්ට බදු ගෙවන්න මොකක්හරි කරන එකයි යුතුකම. අඩු ලකුණු ඇති අය පිටරට ගිහින් පාස් කරලා ආවහම පිළිතුරු පත්‍රයක් ලිවීමෙන් රජයේ සේවයට ඇතුළත් විය හැකියි. පිටරට වලින් උපාධිය අරගෙන ආවහම ඒ අයට සභාවේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා රජයේ සේවයට ඇතුළත් වෙන්න පුළුවන් නම් සයිටම් එකෙන් ආ ළමුන්ට ඒ අවස්ථාව නැතිකරන්නේ කොහොමද? පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් හෝ උපාධිය ලබාගෙන තමන්ගේ ඉලක්කය කරා ගමන් කරන්නට වෙරදරන මේ දරුවන්ට අවශ්‍ය පහසුකම් සැළසීම රජයේ වගකීම වියයුතුයි (නි)
අඩු ලකුණු ඇති අය පිටරට ගිහින් පාස් කරලා ආපුවම පිළිතුරු පත්‍රයක් ලිවීමෙන් රජයේ සේවයට ඇතුලත් විය හැක (බ)
මේක තනිකර ඊර්ෂ්‍යාව. දිස්ත්‍රික්ක මට්ටම නිසා වැඩි ලකුණු ගත් අය එළියේ ඉන්නකොට අඩු ලකුණු ගත් අය රජයේ වෛද්‍ය විද්‍යාල වලට යනවා. පිටරට ගිහින් වෛද්‍ය උපාධි අරන් ඇවිත් මෙහෙ ආණ්ඩුවේ රෝහල් වල වැඩ කරනවා. ආණ්ඩුවේ වෙද්‍ය විද්‍යාල වල පිනට ඉගෙනගෙන තමන්ගේ රට අමතක කරලා පිටරට ගිහින් එහෙ වැඩ කරනවා. තමන් හම්බකළ සල්ලි නාස්ති නොකර ඉගෙනගන්න එක නරකද? මේ අය පුද්ගලික රෝහල් වල ප්‍රමිතිය ගැන කතාකරනවද? (නි)