මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට පැවසීය.
එමෙන්ම ඒ සඳහා යළි සිසුන් බඳවා නොගන්නා බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
සයිටම් ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා එම ප්‍රකාශය කළේය.
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන වෛද්‍ය සිසුන් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා පනත අනුව කටයුතු කරන බවද , එහෙයින් දැනට උපවාසයේ යෙදී සිටින වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් එය අතහරිනු ඇතැයි තමා විශ්වාසකරන බවද හර්ෂද සිල්වා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාස්තු අය කරන්න. සියලු රජයේ බැංකු ණය දෙන විට පොළිය, මුල් මුදල, සේවා ගාස්තු, නීති ගාස්තු ... අය කරයි. එලෙසම විශ්වවිද්‍යාල ගාස්තු අය කරන්න. ජනසවි, සමෘද්ධි ක්‍රමයට නැති බැරි අයට සහ අදායම් මට්ටම් පරික්ෂා කර 2 වන මැද පන්තිය දෙමාපියනට මුදල් දෙන්න. විශ්වවිද්‍යාලවල ඇතුල් වන තැන ආරක්ෂක කුටිය ළඟ සීසීටීවී සවිකර ඇඟිලි සටහන් යන්ත්‍ර මගින් සිසුන්ගේ පැමිණීම සටහන් කරන්න. 75% දේශන වලට ගිය අයගේ දෙමාපියනට හෝ භාරකරුට මුදල් දෙන්න. එවිට උද්ඝෝෂණ අඩුවේ.
ඇමැතිතුමා එකපාරටම නින්දෙන් ඇහැරිලද මන්දා !!!
දෙපැත්තට වැනි වැනි ඉඳලා අන්තිමට අන්තවාදීන් ඉස්සරහ ආණ්ඩුව පැරදුණා. ව්‍යවස්ථාවටත් මේකම වෙයිද දන්නේ නැහැ. අන්තිමට යහපාලනෙන් ප්‍රයෝජන ගන්නේ යහපාලනයට විරුද්ධ වුනු මිනිස්සුනේ.
කොහොමද අහෝසි කලේ? කව්ද අහෝසි කලේ? රජයට පවරා ගත්තානම් ඒකට මම දන්න තරමට පනතක් ඕන. අහෝසි කලාට තියන සාක්ෂිය මොකක්ද? දැන් නේවිල්ගෙ රෝහල පවරාගත් බව කිව්වට අන්තිමට එහෙම දෙයක් කරලා නෑ. හැබැයි අවුරුද්දකට මිලියන 2000ට වඩා රෝහලේ වියදමට දෙනවා. මේකත් අර යූකේ බ්ලැක්ලිස්ට් වෙච්ච එක නිසා කරන සෙප්පඩ විජ්ජාවක්ද කියන සැකය තියනවා.
මේ උපවාස කරන අය ලංකාවේ විශ්වවිද්‍යාල විනාශ කල නිසයි පුද්ගලික විශ්ව විද්‍යාල බිහිවන්නේ.
දේශපාලකයෝ කියන කතා අහලා දැන් ලංකාවේ අය කම්මලේ බල්ලෝ ගානට වැටිලා. තව තව විජ්ජාවල් නොපෙන්නා වැඩේ ගැසට් කරන්න. ගැසට් එක මාධ්‍යවල පල කරන්න.
දැන්වත් අනේ ඔය සහෝදරවරුන් එන්න.. සරසවියට ඉගෙන ගන්න. කාලය නාස්ති කරන්න එපා... ජීවිතය අපරාදේ...
ආචාර්ය හර්ෂද සිල්වා මෙරට දේශපාලනයේ මහත්මා ගතිගුණ ඇති වගකීමෙන් වැඩ කරන පුද්ගලයකු ලෙස අපි විශ්වාස කරන නිසා ඔහුගේ මේ ප්‍රකාශය සත්‍ය හා අවංක විය යුතුය.
සයිටම් අහෝසිකළ එක හොඳයි. ප්‍රමිතිගත පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුයි. පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රටට අවශ්‍යයි.
චන්දෙ ලං වෙනකොට.... අනේ අපේ රටේ බත් කන මී**ක්.