(ඩයනා උදයංගනී)
ත්‍රෛනිකායික මහ නා හිමිපාණන් වහන්සේලා කළ ඉල්ලීම අනුව සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිත් අගමැතිත් වහා මැදිහත් විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ප්‍රෝඩාකාරී ආයතන රැකගැනීමේ අරමුණින් බැහැරව හා රාජිත සේනාරත්න වැනි ඇමැතිවරුන්ගේ බලපෑම්වලට නතු නොවී මෙම විසඳුම ලබාදීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් 8 දෙනා ඒකමතිකව ඉදිරිපත් කර ඇති යෝජනා පදනම් කරගෙන සැමට පිළිගත හැකි විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බව මහ නා හිමිවරුන් අවධාරණය කර ඇතැයි කී ලේකම්වරයා සයිටම් ආයතනයට තව දුරටත් සිසුන් බඳවාගැනීම ස්ථිර වශයෙන් අහෝසි කිරීම සඳහා බලධාරීන් වහා පියවර ගත යුතු බවත්, ඒ හරහා සමස්ථ අර්බුදය විසඳීමට සාධනීය ප්‍රවේශයක් ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති සහ අගමැතිට වඩා බලවත් පුද්ගලයා තමයි අනුරුද්ධ පාදෙණිය. මහානායක හාමුදුරුවොත් එකටත් නම්‍යශීලී වෙන්න කීව්වා නම් නේද හොඳ? එක පැත්තක් ගන්නේ නැතිව.
හාමුදුරුවෝ හරියට හරි. ඔය හොර කඩේ වහල දානකම් ඔය ප්‍රශ්නේ විසදෙන්නෙ නම් නැහැ. ඕක හින්ද අපිට බෙහෙත් ගන්නත් නැහැ. දොස්තර මහත්තුරුන්ගේ වැරැද්දක් නැහැ. ඒ ගොල්ලො කියන එක ඇත්ත,
සුසිනිල්ගේ හොර කඩේ කොහෙද තියෙන්නේ ???
අරුණ මම නම් හිතන්නෙ සුසිනිල් කියන්නේ අර මාලබේ තියෙන්නේ සයිටම් කියල ළමයින්ගෙන් සල්ලි අරන් ඒ ළමයින්ට වංචා කරන තැනක්. අරුණ ඔයා මාලබේ ගියොත් ඔයා තැන බලා ගන්න පුළුවන් වෙයි.
මෙතන තිබෙන එකම ප්‍රශ්නේ වෛද්‍ය විද්‍යාල සිසුන් දොස්තර මාෆියාවේ උසිගැන්වීම පිට ඉගෙන්න ගන්නේ නැතුව පාරේ රස්තියාදු වෙමින් ජනතාවට් කරදර කිරීම , ඔය මොන විද්‍යාලෙන් පිටවුනත් දොස්තරලා අපිට නොමිලයේ බෙහෙත් නොදේ. එහෙම එකේ අපි මේගොල්ලගෙන් කොටසක් අපේ බදු සල්ලි වලින් ඉගෙන ගන්නේ නැතුව තම වියදමෙන් ඉගෙන ගැනීමේ වරදක් නොපෙනේ. නමුත් මේ දෙගොල්ලම එක විභාග වලට පෙනී සිටීම අනිවාර්ය කල යුතුය එතකොට ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නෙකුත් නැහැනේ
සයිටම් කියන්නේ ඉතාම සරලව කාටත් සාධාරණ විදියට විසඳිය හැකි ගැටළුවක්. හැබැයි අපේ රට පාලනය කරන නායකයන් දැන් ඒක වන කරගෙන ඉන්නේ. ඇත්තටම රටේ දේශපාලන නායකයින් දන්නේ නෑ ඔවුන් මොනවද කරන්නේ කියලා. ධනයෙන් බලයෙන් සැප සම්පත් වලින් අන්ධ වෙලා ඉන්නේ. ඕනෑම දෙයක් කල හැකි බලයක් තිබෙන දේශපාලන නායකයින්ට කොච්චර ලස්සනට රටක් පාලනය කල හැකිද? කොච්චර ප්‍රශ්න තිබුනත් රටේ ජනතාවගෙන් බැනුම් අහන්නේ නැති විදියට වැඩ කරන එකත් එක්තරා කලාවක්. එහෙම බලපුවහම අපේ නායකයින් කොච්චර අසමත්ද..?
ප්රශ්නය වසන්න පහසුම මග......රාජිත කිරිඇල්ල සහ එස් බී ඉවත් කර ජනතා හිතවාදීන් පත් කරන්න.....තනතුරුවලට .....ජනාිධපති හරි තීරණයක් ගන්න කොන්ද කෙලින් තියාගන්න .....බහුතර ජනමතය උදෙසා සයිටම් වසා දමන්න.....එහෙම නැතුව එදා මමත් එක්ක එලියට බැහැපු රාජිත මොන බලු වැඩක් කලත් මම කොහොමද එරෙහි වෙන්නේ කියල හිතන්නේ නැතුව......එතකොට සියල්ල පීඩනයෙන් මිදෙයි..... එහෙම නැතුව මහින්ද මේක කෙරුවේ කියල ඇත පිහදන්නේ නැතිව.....මහින්දලාගේ එවැනි වැඩ නිසියි මෛත්රීලා රනිල්ලා විස්වාස කරලා පත් කලේ......
මේ දොස්තර සංගමයට තියෙන්නේ බාලගිරි දෝෂය. ලේමපිල්ලෝ වගේ අසරණ ලෙඩ්ඩුන්ව ඇපයට තියාගෙන දොස්තර මාෆියාව රැකගන්න. නැත්තම් මේ දොස්තරලා ලෙඩ්ඩු මරන්නැද්ද? ඕන කෙනෙක් දන්නවා ලෝකේ හැම රටකම පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල තියෙනවා. ඒවායින් පිටවෙන දොස්තරලා යස අගේට ඒ රටවල සේවය කරනවා. යහපාලනය දොරේ ගලන නිසා දොස්තර සංගමය බලය අතට අරගෙන තියෙන්නේ. ප්‍රමාදවී හෝ ආණ්ඩුව දැඩි තීරණයක් ගන්න.
සයිටම් වැනි ආයතන වැසිය යුතුයයි මොර දෙන්නේ දැනට සරසවි තුල සිටින සුළුතරයක් සහ ලංකාවේ දොස්තර මාෆියාව පමණයි. සෑම වසරකම සුදුසුකම් ලබා තිබියදීත්, සරසවි වරම් අහිමි වන 80% කට වැඩි බහුතරයක් සිසුන් මෙවැනි පුද්ගලික ආයතන තුලින් තමන්ට අවශ්‍ය තෘතීය අද්යාපනය ලබා ගැනීමට කැමතියි. එම නිසා රටේ බහුතරයකගේ සුභ සිද්දිය සඳහා, මෙවැනි ආයතන කිසි සේත් වසා දැමිය යුතු නැති අතර, එවැනි ආයතන තව තවත් විවෘත වීමයි සිදු විය යුත්තේ.
ජීවන් මහතා කියන විදිහට රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න ගියහම පැය 2-3 පෝලිමේ ඉන්දලා රස්තියාදු කරලා ඇටෙන්ඩන්ලගෙන් බැනුම් අහල සමහරවිට හිස් අතින් ගෙදර යන්න වෙනවා , නිදහස් අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපන සුදුසුකම් තිබෙන සල්ලි තිබෙන කෙනෙකුට නිදහසේ තමන් කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියන එක, දොස්තර සංගමය කරන්නේ හැමදාම ජනතාව ප්‍රාණ ඇපයට තබමින් තම ඉල්ලීම් දිනා ගැනීම. මෙදාපාර වැඩේ අනාගෙන, දැන් කියනවා ජනාධිපතිට අගමැතිට ප්රශ්නය විසදන්න කියල. ළඟදීම අධිකරණ තීන්දුව ලැබේවි, රජයට කරන්න තිබෙන්නේ තීන්දුවට අනුකුලව කටයුතු කරන්න. යමෙක් එම තීන්දුවට විරුධව උද්ගෝෂණය කලොත් කරන්න තිබෙන්නේ අර හම්බන්තොටදී කලාවගේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අධිකරණයට අපහාස කරන මිනිස්සු අල්ලලා රිමාන්ඩ් කර නඩු පවරන්න.