කොටෙදනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ පියා ඩීඑන්ඒ ජාන පරීක්ෂණයකට බඳුන් කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා අද (08) නියෝග කළේය.
රහස් පොලිසිය මෝසමක් මගින් නඩුව කැඳවා විමර්ශන සඳහා පියාගේ ඩීඑන්නේ පරීක්ෂා කළ යුතු බවත්, ඒ සඳහා නියෝගයක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
සේයාගේ පියා ද අධිකරණයේ පෙනී සිටි අතර තමාගේ ඩීඑන්ඒ පරීක්ෂා කිරීමට ඔහු කැමැත්ත පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩී ඒන් ඒ පරීක්ෂණය ගැන පමණක් විශ්වාස කරෙගන ඉන්නේ නැතුව තව තව ක්‍රම මඟින් හරි මේ අපරාධය හොයාගන්න බලන්න (නි)
මේක දැන් විහිළුවක් බවට පත්වෙලා. පව් අහිංසක සේයා. (බ)
මේකත් දැන් හරියට අර කැකිල්ලේ නඩු තීන්දුව වගේ වෙලා.. (හේ)
එතකොට කොන්ඩයාගේ අයියා. (ර)
මුලින්ම කල යුතු දෙයක් අන්තිමටයි කරන්නේ. එකත් රටේම නැගීගෙන ආපු විරෝධය නිසයි. (ර)
ගයනි. හරියටම හරි. (ර)
මේක ලොක්කෙකුගේ වැඩක් වෙන්නත් පුළුවන්. (ර)
මම ඊයේ ඇමරිකාවේ ප්‍රධාන රුපවාහිනී පුවත් නාලිකාවක විකාශනය වෙන වැඩසටහනකට සවන් දුන්නා එහි ප්‍රධාන මාතෘකාව උනේ දරුවන් තිදෙනෙකු සිටින මවක් නගන විලාපය නම් ඇය කුසින් වැදූ දරුවන් තිදෙනාගේම ඩී,එන්,ඒ වාර්තා ඇගේ ජාන සමග නොගැලපීමයි. ඒ සාකච්ඡවේ අවසානය ලබන සතියට කල්තැබීයෙන් හේතුව පලකිරීමට හෝ දැනගැනීමට ඉමහත් කුතුහලයකින් පසුවන්නේ අද අපි මුහුණදී ඇති මේ උභතෝකෝටික ප්‍රශ්නයත් නිසාවෙනි. (ර)
මේවා පරීක්ෂණ ක්‍රමවේදවල වරදක් නොව පරීක්ෂණ නොමඟ යවන සමහර බලධාරීන්ගේ හැසිරීමේ ප්‍රතිඵලයක්. (නි)
බලමු කුමක්ද සිදු වන්නේ කියා.(හේ)
හෙට අනිද්දට අපිටත් ඩී එන් ඒ පරීක්ෂණයට එන්ඩ කියයිද දන්නේ නැහැ (බ)
අන්තිමට මොනවා වෙයිද? (නි)
මේක රටේ නීතිය උරගා බලන්න හොඳ අවස්ථාවක්.යාන්ත්‍රණය නිවැරදිව හසුරවා මිනීමරුවා ඉක්මණින්ම සොයා දෙන්න. (නි)
ගමේම අයගේ බලන්න වෙයිද.? (ර)
තව කෝටියක් විතර පිරිමි ඉන්නවා ලංකාවේ මෙහම ගියොත් ඒ අයගෙත් ඩ් එන් ඒ බලයි (හේ)
ඩී ඒන් ඒ පරීක්ෂණය වෙන රටකදී කළොත් නරකද (බ)
මතකද අර කොටකෙතනේ මැරුණු කාන්තාවෝ 17 දෙනාගෙන් මැරුණු එක ගැහැනියකගේවත් මිනීමරුවා හමු වුනේ නැහැ ..? ඩී,එන්, ඒ .ජාන පරීක්ෂණ කරන්න පුළුවන් තරම් කළා ..කොයි හමු උනාද ? නැහැ ? මේ කොටදෙනියාවත් ..කොට කෙතනක් නොවේවා කියල ප්‍රාර්ථනා කරමු..! (බ)
අනේ අපිටත් නොමිලේ ඩිඑන්ඒ පරීක්ෂාවක් කරගන්න පුලුවන්වෙයි ඔය පැත්තේ ගියොත් (නි)
මේකනම් පුදුමාකාර පොලිසියක්..මුන් මිනිස්සුන්ව නොමරා මරනවා.. (ම)
මායා ඉස්සර මීගමුවෙ ඉස්කෝලෙක ඉගැන්නුවා නේද? (බ)
ගයනි මේක කොහොමද කැකිල්ලේ නඩු තීන්දුවක් වෙන්නේ. තවම පරික්ෂණත් අවසන් නැතිව.ඇසින් දුටු සාක්ෂි නොමැති පරීක්ෂණ පිළිබඳව කටයුතු කිරීම පහසු නැහැ. ලෝකයේ නොවිසදුන අපරාධ තියෙනවා. කෙසේ වෙතත් සේයා දියණියගේ අපරාධකරුවා ළඟදීම කොටුවේවි. පරීක්ෂණ නිලධාරින් අවමානයට ලක්වෙන අයුරෙන් ලියන්න එපා.(ම)