සඳුදාය. වේලාව උදේ 9.30 පසුවුණා පමණි. කහ පැහැ ත්‍රී රෝද රථයක් නෙළුම් පොකුණ හා අයිඕසී තෙල් හල අසළ වටරවුම පැත්තේ සිට කොළඹ මහ නගර සභා පාරට හීයක වේගයෙන් පිවිසියේය. නොම්මරය ලංකාදීප කාර්යාලයේත් කොම්පඤ්ඤවීදිය පොලිසියේත් ඇත. ඉදිරියෙන් ධාවනයවූ යතුරු පැදියක හැපී යතුරුපැදිකරු පාර මැද වැටී කරණමක්ද ගසාගෙන වැටුණේය.
වාසනාවකට මෙන් වෙනත් වාහනයක් පාරේ නොවීය. අනතුරින් පසු සුදු උඩු රැවුලක් ඇති වයසක ත්‍රී රෝද රියදුරා කොම්පඤ්ඤවීදිය පැත්තට ගමන් කළේය. ඔහු ලුහුබැඳ ගිය වෑන් රියදුරකු ස්ථාන දෙකකදී ත්‍රී රෝද රිය නවත්වා පොලිසියට දන්වන බව කීවත් එය ගණන් ගත්තේ නැත. අනතුරවූ ස්ථානයට ගියේද නැත.
ඔහු පැවසුවේ තම රියේ කුලී ගමනක් යන මහත්තයා ඉක්මනට යායුතු බව කී හෙයින් නොනවත්වා පැමිණි බවයි. ඒ මහත්තයා ත්‍රී රෝද රියදුරාට රුපියල් 300ක් දී බැස ගිය පසු වෑන් රියදුරෙක් කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් එම නොම්මරය දුන්නේය. පොලිසිය ඔහුට ස්තූති කළේය. එවෙලේම කුරුඳුවත්ත පොලිසියට ඒ බව දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික ත්‍රීරෝද වහාම තහනම් කර නිත්‍යානුකුල ආයතනකට වගකියන ත්‍රීරෝද පමණක් ධාවනයට ඉඩදිය යුතුය. (බ)
ත්‍රී වීල් නම් හරිම වදයක් තමයි. කිසිම නීතියක් නැහැ. දේශපාලකයෝ වගේමයි (ම).
නාරද, නීත්‍යානුකූල අයිතියක් නැතත් සදාචාරාත්මක වගකීමක් තියෙනවා එසේ දැනුම් දීමට.(ම)
ලංකාවේ ඕනෑම නගරයක ත්‍රී රෝද රියදුරන් ගමන් කරන්නේ තමන්ටම අවේනික විදිහට මිසක් රටේ මාර්ග නීතියට අනුව නෙමෙයි.කිසිම නීතියකට ගරු කරමිනුත් නෙමෙයි.(ම)
ත්‍රී රෝද රථ පාලනයක් කර , මෝටර් රථ ඒ වෙනුවට යොදවමු. (බ)
නොදන්නා කමටයි අහන්නේ, අනතුරුදායක ලෙස හෝ අනතුරක් කරාවි ලෙස දැනෙන රථ වාහන දුටු විට පොලීසියට දුරකතන මාර්ගයෙන් දැනුම් දීමට සාමාන්‍ය ජනතාවට අයිතියක් තිබෙනවාද? (ම)
නගරයේ නීතියට ගරු නොකරන වාහන මාර්ග නීතිවලට අවනත නොවන මහජනයාට කරදරකාරී ත්‍රී වීල් රියදුරන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුය (බ)
ඔය ත්‍රී රෝද රියදුරාට වසරේ හොඳම ත්‍රී රෝද රියදුරා කියල ජනාධිපති සම්මානය දුන්නේ නැත්නම් මේ මගේ කන කපා ගන්නවා (බ)
නාරද.ඔයාගේ සුදු උඩු රැවුලක් තියෙනවා නේද? ඔයා නේද මේක පැදෙව්වේ ? (බ)