
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අවුරුදු සියයක් ආයු වළඳා අපවත් වී වදාළ දිප්පිටිය මල් පහ රාජගිරි රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කෙහෙල්වල සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අරණායක, දිප්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී අද සවස සිදු කරනු ලැබූහ.
අපවත් වී වදාළ සංඝානන්ද හිමියන්ගේ දේහය විල්වල ජුම්මා මුස්ලිම් පල්ලියේ බැතිමතුන්ගේ කරමත තබාගෙන අවමංගල්‍යය පෙරහරේ ගමන් කිරීම ද විශේෂ සිද්ධියක් ලෙස සැලකිය හැකිය.
මෙම අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව රුපියල් 60,000ක මුදල් පරිත්‍යාගයක්ද දායක සභාවේ භාණ්ඩාගාරිකවරයාට පරිත්‍යාග කළ බව එම දායක සභාවේ සමන් තිලක් නවරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
ප්‍රදේශයේ වූ ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් අපවත් වී වදාළ සංඝානන්ද හිමියෝ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම ස්වාමීන් වහන්සේලා. ගෞරවය කියන එක බලෙන් ලබාගන්න බෑ. සමාජයට, සාසනයට,රටට නිහඬව සේවයක් කර ඇති බවයි පෙන්නේ.... ගෞරවනීය ස්වාමින්වහන්සේට නිවන්සුව පතමු.
තොප්පියවත් ගලවන්නෙ නැතිව කරන ලද්දා වූ වේදිකා රංගනයට වසරේ හොඳම ත්‍යාගය හිමිවූවද කම් නැතැයි කියා ස්වප්නයකින් ඇව්ත් යමෙක් මට පැවසූ හෙයින් මම වික්ෂිප්ත ව අවදි වූවෙමි.
උඹලා ඔච්චර බෞද්ධආගමට ලැදි නම් මුස්ලිම් ආගම අත්හැර බෞද්ධආගම වැළඳ ගනින්කෝ ලෝකේ රවට්ටන්න නැතුව. මේ කරන්නේ ඇත්තක් නම් පළමුව ගලවාපිය තොප්පිය. බෞද්ධ සිද්දහ්සහ්තානය කට ඇතුල් වෙනකොට පාවහන් හිස් වැසුම් ගලවනවා වගේ.
දේශපාලුවන් මිස පොදු ජනතාව අන්තවාදීන් නොවන බවට හොද උදාහරණයක්…!
සහජීවනය හරියටම දැක ගන්න පුළුවන් වෙන්නේ බෞද්ධ සෙට් එක මුස්ලිම් පූජකයකුගේ දේහයටත් කරගහපු දවසකට විතරයි.
අන්තවාදී නොවුණු මුස්ලිම් ප්‍රජාව කවදත් සිංහලයන් සමඟ සාමයෙන් කටයුතු කලා.
ඉතා හොඳ කාර්යයක් සිදු කර ඇත මාසා අල්ලාහ්
ඉතා හොඳයි
ඊළඟට මොවුන් රටේ මුස්ලිම් ආගම පතුරවන්නේ ඔබලාගේ කරපිටින් ඇවිත්. ඕකුන්ට රැවටෙන්න එපා හාමුදුරුවරුනේ. ඕකුන් ලෝකයෝ.
බුද්ධ පුත්‍රයෙකුගේ දේහය හම්බයින් පිටින් ගෙනයන දුන්න බුරුවන් කව්ද? අන්‍ය ආගමික යෙකුට මක්කම නගරය කිට්ටුවෙන්වත් යන්න නොදෙන මුස්ලිම් කාරයෝ හාමුදුරු කෙනෙකුගේ දේහය උසුලාගෙන යාම විහිළුවක්. මේ කරන්නේ මෝඩ චීවර ධාරීන් රැවටීමක්.
හාමුදුරුවෝ සිංහලයන්ට විරුද්ධව වැඩකරලා ගමේ හැමතැනම පල්ලි හදන්න උදව් කරන්න ඇති
මනුෂ්‍යත්වය
මෙවැනි යතිවරයානන් වහන්සේලා තව තවත් බිහිවේවා සැම ආගමකින්ම
ඉපදීම සහ මරණය අපව එක් කරයි ,වෙන් කරයි .බොහොම ගැඹුරින් හිතන්න මග පාදයි
මෙහි දැක්වෙන අදහස් බැලුවම පොදු ජනතාව අතරත් අන්තවාදීන් ඉන්න බව පේනවා.
මේ රට කවදා හරි දියුණු වෙන්නේ ජාති,ආගම් බේදයෙන් තොරව ලාංකිකයන් විදියට හිතන්න පුරුදු වුන දවසටයි.මෙවැනි කටයුතු ඒ ගමනේ වැදගත් මං සළකුණු. දායක වූ සැමට ගෞරවණීය ස්තූතිය පිරිනමමි.
මාවනැල්ල බුදු පිළිම කපු කාලකන්නියා ගැන අමතක නැහැ .මේවා ශෝ විතරයි .ඒ ගැන කතාකරපු එකම මුස්ලිම් තරුණයා අද අසරණයි